පරික්ෂා නොකර වරායෙන් නිදහස් කළ බහාලුම් සම්බන්ධයෙන් තමන්ට එල්ලවන චෝදනාවලට එරෙහිව බස්නාහිර පළාත් ආණ්ඩුකාර හනිෆ් යූසුෆ් මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) වෙත පැමිණිලි කර ඇත.Sri Lanka Latest News
මේ සම්බන්ධයෙන් විශේෂ ප්‍රකාශයක් සිදුකරමින් ආණ්ඩුකාරවරයා පවසා සිටියේ, ආණ්ඩුකාරවරයා ලෙස තම කීර්තිනාමයට සිද්ධවෙන හානිය තවදුරටත් දරාගත නොහැකි බවයි.
මේ පිළිබඳ තවදුරටත් අදහස් දැක්වූ ආණ්ඩුකාරවරයා,
“පහුගිය දවස්වල දිගින් දිගටම මාව ඉලක්ක කරගෙන පදනමක් නැති බොරු චෝදනා එල්ල කළා. මේක දිගින් දිගටම සිද්ධ වුණා. මේ ගැන දරාගෙන ඉන්න බැරිම තැන මම අද CIDයට ගිහිල්ලා මේ ගැන පැමිණිල්ලක් කළා.
පරාජිත කණ්ඩායම් දිගින් දිගටම මේ චෝදනා එල්ල කරද්දී තවදුරටත් සද්ද නොකර ඉන්න බෑ බස්නාහිර පළාත් ආණ්ඩුකාරවරයා ලෙස මගේ කීර්තිනාමයට සිද්ධවෙන හානිය දාරාගන්න බෑ”.










