ජනාධිපතිවරයා සහ මහාපරිමාණ මෝල් හිමියන් අතර පැවැති සාකච්ඡාවේ එකග වූ කරුණු අනුව වෙළෙදපොළට සහල් තොග නිකුත් නොවන්නේ නම් ඊට එරෙහිව ඊළග පියවර ගැනීමට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා දැඩි ස්ථාවරයක සිටින බව වාර්තා වේ.Sri Lanka Latest News
ඒ අනුව එකග වූ ආකාරයට ඉදිරි දින 14 ඇතුළත අවශ්‍ය සහල් තොග වෙළෙදපොළට නිකුත් වනු ඇති බව ආණ්ඩුවට සමීප ආරංචිමාර්ග සදහන් කරයි.
එමෙන්ම මේ දිනවල පාරිභෝගික අධිකාරියේ නිලධාරීන් පොලොන්නරුවට ගොස් මහා පරිමාණ සහල් මෝල් හිමියන් සතු වී සහ සහල් ගබඩා නිරීක්ෂණය කිරීම ආරම්භ කොට තිබේ.
නමුත් තවදුරටත් සහල් හිගය පැවතියහොත් නිශ්චිත වශයෙන්ම ඊළග ක්‍රියාමාර්ගයට යාමට ජනාධිපතිවරයා දැඩි තීන්දුවක් ගෙන ඇති බව දැනගන්නට ඇත.










