රාජ්‍ය සේවකයන් විශ්‍රාම ගන්වන වයස 65 දක්වා දීර්ඝ කිරීම සම්බන්ධයෙන් ආණ්ඩු පක්ෂයේ මාතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී වීරසුමන වීරසිංහ මහතා සිය අප්‍රසාදය පළ කරයි.
රාජ්‍ය සේවකයින් විශ්‍රාම ගන්වන වයස 65 දක්වා වැඩි කිරීමට ගත් තීරණය යළි සමාලෝචනය කරන්නැයි තමා රජයෙන් ඉල්ලීමක් කරන බව වීරසුමන වීරසිංහ මහතා පාර්ලිමේන්තුවේදී පෙරේදා පැවැසීය.
මෙම තීරණයෙන් රාජ්‍ය අංශයට පැමිණීමට සිටින තරුණ පරපුරට යම් ගැටලුවක් ඇති වන බව පැවසූ මන්ත්‍රීවරයා කාර්ය සාධනය පදනම් කරගෙන සීමිත පිරිසකට පමණක් 65 දක්වා සිටීමට අවසර ලබාදීම ගැටළුවක් නැති බවද සඳහන් කළේය.
වීරසිංහ මහතා මෙසේ පැවසුවේ අයවැය දෙවැනි වර කියවීමේ විවාදයට සහභාගී වෙමිනි.
කෙසේවෙතත් බරපතළ ගෝලීය අර්බූදයක් පවතින අවස්ථාවකදී මීට වඩා හොද අයවැයක් ඉදිරිපත් කළ නොහැකි බවත් මන්ත්‍රීවරයා කීය.










