කොරෝනා ආසාදිතව සිටින මහජන ආරක්‍ෂක අමාත්‍ය සරත් වීරසේකර මහතා නාරාහේන්පිට පොලිස් රෝහලේ සිට අංගොඩ බෝවන රෝග පිළිබඳ ජාතික ආයතනයට (IDH) මාරුකර යවා තිබේ.
ජාතික බෝවන රෝග විද්‍යායතනයේ විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික්‍රම ඒ බව තහවුරු කර ඇත.
“අමාත්‍යවරයා ඇත්ත වශයෙන්ම පොලිස් රෝහලෙන් IDH රෝහලට මාරු කරලයි තියෙන්නේ. නමුත් ඔහුගේ තත්ත්වය ස්ථාවරයි,” යනුවෙන් වෛද්‍ය විජේවික්‍රම මහතා පැවසීය.










