• About us
  • Contact us
Thursday, June 11, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

කෝටි ගණන් අල්ලස් අරගෙන පොලිස් ලොක්කො හිරේ විලංගුවේ වැටෙද්දී අල්ලසට යට නොවන මේ වගේ පොලිස් පොඩ්ඩොත් ඉන්නවා! Sri Lanka Latest News

August 16, 2025
in Exclusive
Reading Time: 6 mins read
A A
කෝටි ගණන් අල්ලස් අරගෙන පොලිස් ලොක්කො හිරේ විලංගුවේ වැටෙද්දී අල්ලසට යට නොවන මේ වගේ පොලිස් පොඩ්ඩොත් ඉන්නවා! Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

අද අපේ කතාබහේ ඉඩකඩ වෙන්වෙන්නේ තමන්ගේ රාජකාරිය තුළ කැපීපෙනෙන දක්ෂතා ඉදිරිපත් කරපු නිලධාරීන් වෙනුවෙන්. ඔබ දන්නවා ශ්‍රී ලංකා පොලිසිය විදිහට නිරන්තරයෙන්ම අපේ රටේ මත්ද්‍රව්‍ය උවදුර තුරන් කරන්න විවිධ මෙහෙයුම් සිදුකරනවා. ඒ මෙහෙයුම් අතර පසුගිය දවසක අපිට වාර්තා වෙනවා තොඩුවාව පොලිස් ස්ථානයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් යම් පිරිසක් නීති විරෝධීව උපයාගත් රුපියල් එක්කෝටි අසූ ලක්ෂයක මුදලක් අත්අඩංගුවට ගැනීමේ සිදුවීමක් පිළිබඳව. ඒ පිළිබඳ තොරතුරු කතාබහ කරන්න අද අපි වැඩසටහනට ආරාධනා කළා තොඩුවාව පොලිස් ස්ථානයේ පොලිස් සැරයන් හෙට්ටිආරච්චි මහතාටත්, ඒ වගේම පොලිස් සැරයන් මාරසිංහ මහතාටත්. ඔබ දෙපළවම ඉතා ගෞරවයෙන් පිළිගනිමින්, හෙට්ටිආරච්චි මහත්මයා, මම මුලින්ම දැනගන්න කැමැතියි, ඇත්තටම මොකක්ද එදා සිදුවුණු සිදුවීම? Sri Lanka Latest News

සැරයන් හෙට්ටිආරච්චි
එදා හවස දෙකේ ඉඳලා උදේ හය දක්වා අපි දෙදෙනා තමයි රථවාහන පාලන රාජකාරිවලට යොදවලා තිබ්බේ. අපි ප්‍රධාන මාර්ගයේ රථවාහන පාලනය කරලා ඇවිල්ලා, ඊට පස්සේ රාත්‍රී නවයට විතර බීමත් රියැදුරෙක් අත්අඩංගුවට ගත්තා. අත්අඩංගුවට අරන් පොලිස් ස්ථානයට ඉදිරිපත් කළා. ඉදිරිපත් කරලා එදිනම පුත්තලම දිසා භාර නියෝජ්‍ය පොලිස්පතිවරයාගෙන් දුරකතන පණිවුඩයක් ලැබිලා තිබ්බා ප්‍රධාන මාර්ග සහ අතුරු මාර්ග දෙකම ආවරණය වන පරිදි සංචාරය කරලා බීමත් රියැදුරන් අත්අඩංගුවට ගන්න කියලා. අපි ඒ අනුව අදාළ බීමත් රියැදුරු අත්අඩංගුවට අරන් පොලිස් ස්ථානයට ඉදිරිපත් කරලා, අපි ඒ පොලිස් ස්ථානයෙන් නවයයි පනහට, දහයට පමණ වෙලා ආවා. මහවැව නගරයට ඇවිල්ලා, මහවැව නගරයෙන් පන්සල් හන්දිය කියන හලාවත කොළඹ පාරේ, එතැනින් ගිහිල්ලා වැල්ලකැලේ මාර්ගය, සාමාන්‍ය ගම්බිම්වලට යන පාරක් ඒක. අපි ඒ අතුරු පාරේ මීටර් පන්සීයක් විතර ගියාට පස්සේ එතැන තියෙනවා තුන්මං හන්දියක්. ඒකට කියන්නේ නාලක කඩේ හන්දිය කියලා. අපි එතැනට ගිහිල්ලා නැවතිලා රථවාහන පරීක්ෂා කරමින් සිටියා. විනාඩි තුනක් හතරක් වගේ යද්දී යතුරුපැදියක් ආවා. අපි ඒක පරීක්ෂා කළා. පරීක්ෂා කරලා එයා ගියා. ගියාට පස්සේ ඒ එක්කම පිටිපස්සෙන් ත්‍රිරෝද රථයක් ආවා, නිල් පාට ත්‍රීවීල් එකක්. ඊට පස්සේ මගේ අතේ තිබ්බා රතු පාට ටෝච් එක භාවිත කරලා ඒක නවත්තලා අපි දෙදෙනාම ත්‍රීවීල් එක ළඟට ගියා. ගිහිල්ලා, ප්‍රශ්න කළා ඔයා කොහේද කියලා. පිටිපස්සේ හිටපු එක්කෙනා කිව්වා මීගමුවේ කියලා. රියැදුරුත් කිව්වා මීගමුවේ කියලා.

ප්‍රශ්නය
මේ ත්‍රිරෝද රථය මේ විදිහට නවත්තන්න ඕනේ කියලා ඔබතුමන්ලාට එකපාරටම සැකයක් ආවේ කොහොමද?

සැරයන් හෙට්ටිආරච්චි
එදා අපිට රාජකාරිය විදියට තිබ්බේ බීමත් රියැදුරන් අත්අඩංගුවට ගන්න. ඉතින් ඒ ත්‍රිරෝද රථය පැමිණි ආකාරය දිහා බලපුවාම අපිට සැකයක් ඇතිවුණා. ඒ පාරේ ලොකු වාහන ප්‍රමාණයක් ගමන් කරන්නෙත් නෑ. ඉතින් වාහන අඩු ප්‍රමාණයක් යන්නේ. ඒ එද්දි අපිට ත්‍රීවීල් එක අනිවාර්යයෙන් නවත්තලා බලන්න සිද්ධ වෙනවා. මොකද ලොකු වාහන ප්‍රමාණයක් යන්නේ නැති නිසා. ඒ වාහනේ නැවැත්තුවා ඊට පස්සේ. ළඟට ගිහිල්ලා විමසුවා කොහේද කියලා. මීගමුවේ කියලා කිව්වා. කොහේද යන්නේ කියලා ඇහුවා. යාළුවෙක් ගෙදර යන්නේ කියලා කිව්වා. පිටිපස්සේ හිටපු එක්කෙනාගේ කකුල් දෙක මත ලොකු බෑග් එකක් තිබ්බා කළු පාට. අපි ඇහුවා බෑග් එකේ මොනවද තියෙන්නේ කියලා. ඔහු උත්තර දුන්නේ නෑ.

ඊට පස්සේ මම ආයෙ පාරක් ඇහුවා, මොනවද බෑග් එකේ තියෙන්නේ කියලා. ඒ පාරත් උත්තර දුන්නේ නෑ. ඊට පස්සේ මේ මාරසිංහ මහත්මයා ත්‍රීවීල් එකට එහා පැත්තෙන් ආවා. එයත් ඇහුවා මොනවද ඕකේ තියෙන්නේ කියලා. ඒ කිව්වෙත් නෑ. ඊට පස්සේ මම ළඟට ගිහිල්ලා, බෑග් එකේ සිප් එක ඇරලා බැලුවා මොනවද තියෙන්නේ කියලා. එතකොට ලොකු මුදල් ප්‍රමාණයක් තිබ්බා, බන්ඩල් ප්‍රමාණයක්. දාහේ කොළ, පන්සීයේ කොළ, සීයේ කොළ වගේ ඒවා මම දැක්කා තියෙනවා. මම ඇහුවා කොහෙන්ද මේ සල්ලි කියලා. ඒකට උත්තර දුන්නෙත් නෑ. ඊට පස්සේ, සැකයක් ඇති වුණා. මොකද රාත්‍රී කාලයනේ. එතකොට රාත්‍රී දහය පහුවෙලා. ඉතින් අපිට හිතුණා මේක මූල්‍ය ආයතනයක් බිඳලා අරන් යන මුදලක්ද දන්නේ නෑ කියලා. හොරකමක් වගේ කියලා සැකයක් ඇතිවුණා. ඒ සැණින්ම ත්‍රිරෝද රථ රියැදුරුව ගත්තා පිටිපස්සට. අපි දෙන්නාගේ අතේ මාංචු තිබ්බා. දෙන්නටම මාංචු දාලා ඉවරවෙලා, සිප් එක වහලා, ඒ ක්ෂණිකවම වැඩබලන ස්ථානාධිපතිතුමාට කෝල් එකක් දීලා කිව්වා ‘සර් මෙහෙම සිද්ධියක් තියෙනවා, ඉක්මනින්ම නිලධාරීන් කණ්ඩායමක් අරන් එතැනට එන්න’ කියලා.

ප්‍රශ්නය
අපිට ප්‍රවෘත්තිවලින්, පත්තරවලින් දැනගන්න ලැබුණා ඒ අවස්ථාවේ ඔබතුමන්ලාට අල්ලස් දෙන්නත් ඔවුන් උත්සාහ කළා කියලා. මොකක්ද ඒ කතාව?

සැරයන් මාරසිංහ
ඔව්, අපිට අල්ලසක් ලබාදෙන්න උත්සාහ කළා. රුපියල් ලක්ෂ පහ බැගින් අපි දෙදෙනාට ලබාගන්න කියලා ඔවුන් කිව්වා. නමුත් සල්ලි දීලා නිදහස් වෙන්න බැරි බව ඔවුන් දැනගෙන, ඒ බෑග් එකේ තිබුණු මුදල්වලින් ඕනෙ තරමක් අරගෙන, අපිට යන්න දෙන්න කියලා තමා ඔවුන් කිව්වේ.

ප්‍රශ්නය
ඊට පස්සේ කොහොමද රාජකාරි කටයුතු සිදුවුණේ?

සැරයන් හෙට්ටිආරච්චි
ඊට පස්සේ, අපි එයලව ඇරෙස්ට් කළා. අපිට ටිකක් සැකයක් සහ බියකුත් ආවා. මොකද මේක අතුරු මාර්ගයක්. ත්‍රීවීල් එකක් විතරයි එන්නේ. මේකේ ඉස්සරහින් හරි පිටිපස්සෙන් හරි තව කණ්ඩායමක් එයිද දන්නේ නෑ. ආයෙත් ස්ථානාධිපතිතුමාට කතා කරලා කිව්වා ඉක්මනින්ම එතැනට එන්න කියලා.

ප්‍රශ්නය
ඒ වෙලාවේ ඔවුන් පැනලා යන්න උත්සාහයක් දැරුවේ නැද්ද?

සැරයන් හෙට්ටිආරච්චි
උත්සාහයක් ගන්න හම්බ වුණේ නෑ. එයාලට හිතාගන්නවත් වෙලාවක් තිබුණේ නෑ. අපි ඉක්මනින්ම එයාලට මාංචු දැම්මා. එතකොට එයාලට ඒ ගැන හිතාගන්නවත් ඉඩක් ලැබුණේ නෑ. එයාලට ඕනෙ වුණේ අපිට අල්ලසක් දීලා හරි බේරිලා යන්න පමණයි. එතැනින් එහාට එයාලට යන්න සිතුවිල්ලක් හිතාගන්නවත් බැරිවුණා. ඒ ක්ෂණිකවම ස්ථානාධිපතිතුමා ආවා, විනාඩි දහයක් වගේ ඇතුළත තවත් නිලධාරීන් කණ්ඩායමක් එක්ක. අපේ ජීප් එකයි, ත්‍රීවීල් දෙකයි, නිලධාරීන් දහයක් විතර ආවා. ඊට පස්සේ ඒ සැකකරුවන් දෙන්නයි, මුදල් බෑග් එකයි මම ස්ථානාධිපතිතුමන්ට භාරදුන්නා. ඊට ඉස්සෙල්ලා ඇරෙස්ට් කරපු ගමන්ම ඒ දෙන්නාගේ ජංගම දුරකතන අපි අපේ භාරයට ගත්තා. අරගෙන ඕ.අයි.සී.මහත්මයාට දුන්නා. ඊට පස්සේ ඒකට කෝල්ස් එන්න පටන් ගත්තා. ඊට පස්සේ එන කෝල්ස්වලට එයාලා ලව්වාම අපි ආන්සර් කෙරෙව්වා. එතකොට අපිට දැනගන්න ලැබුණා මේ මුදල අරගෙන යන්නට ආරක්ෂාව සපයන්න, පාර පෙන්වන්න, තවත් පුද්ගලයෙක් යතුරුපැදියකින් ඇවිල්ලා තියෙනවා කියලා.
ඊට පස්සේ අපි උපක්‍රම භාවිත කරලා ඒ යතුරුපැදියත් එතැනට ගෙන්නගෙන, ඉස්සෙල්ලාම ඒ දෙන්නවත් අපි ඇරෙස්ට් කළා. ඊට පස්සේ අපේ ප්‍රශ්න කිරීම මත අනාවරණය වුණා නීති විරෝධී මත්ද්‍රව්‍ය ප්‍රවාහනයට අදාළ ගාස්තු වශයෙන් ලබාදුන්න මුදලක් තමා මේ ඔවුන් අරන් ඇවිත් තිබුණේ කියලා. මත්ද්‍රව්‍ය යාත්‍රාව පදවන කෙනාගේ නිවසට තමා ඔවුන් ඒ ගිහිල්ලා තියෙන්නේ.

ප්‍රශ්නය
මේ වනවිට ඔය සිදුවීම සම්බන්ධව සැකකරුවන් කීදෙනෙක් විතර අත්අඩංගුවට අරගෙන තියෙනවද?

සැරයන් මාරසිංහ
සැකකාරියන් දෙදෙනෙකුත් සමග අටදෙනෙක් අත්අඩංගුවට අරගෙන තියෙනවා.

ප්‍රශ්නය
දැන් මේ සිදුවීම තුළ ඔබතුමන්ලා දෙපළ විතරක් මේ සාකච්ඡාවට කැඳෙව්වට අපි දන්නවා මේ සමස්ත ක්‍රියාවලිය ඇතුළේ නිලධාරීන් කණ්ඩායමක් ඉන්නවා කියලා. ඒ අය ගැනත් අපි දැනගන්න කැමැතියි?

සැරයන් මාරසිංහ
පොලිස් ස්ථානයේ ගොඩක් නිලධාරීන් අපිට සහයෝගය දුන්නා. වැඩබලන ස්ථානාධිපතිතුමා, උප පොලිස් පරීක්ෂක සරත් කුමාර මහතා, සුළු පැමිණිලි අංශයේ ස්ථානාධිපතිතුමා, උපපොලිස් පරීක්ෂක සුජීව මහතා, ඊට අමතරව පොලිස් සැරයන් 63183 වික්‍රමරත්න, පොලිස් කොස්තාපල් 86844 අලහකෝන්, පොලිස් කොස්තාපල් 102769 නිරෝජන්, පොලිස් කොස්තාපල් 102862 සුජීවන්, පොලිස් කොස්තාපල් 87744 අබේසිංහ, කාන්තා පොලිස් කොස්තාපල් 3395 සුජානි වගේ ඒ නිලධාරීන් හැමෝම අපිට සහයෝගය ලබාදුන්නා මේ විමර්ශන කටයුතුවලට.

ප්‍රශ්නය
මේ වනවිට කොහොමද විමර්ශනවල තත්ත්වය?

සැරයන් හෙට්ටිආරච්චි
එදිනම රාත්‍රියේ අපි ඔය සැකකරුවන් අටදෙනාම අත්අඩංගුවට ගත්තා. අත්අඩංගුවට අරගෙන පසුදිනම මාරවිල මහෙස්ත්‍රාත් අධිකරණයට ඔවුන්ව ඉදිරිපත් කරලා, වැඩිදුර විමර්ශන සඳහා මත්ද්‍රව්‍ය කාර්යාංශයට භාරදීලා තියෙනවා. දැන් එම කාර්යාංශය මගින් වැඩිදුර විමර්ශන සිදුකරනවා.

ප්‍රශ්නය
දැන් සමාජයේ බොහෝ දෙනෙක් කියන කතාවක් තමයි, මේ රථවාහන පොලිස් නිලධාරීන් ඉන්නේ මේ රථවාහන දඩ ගන්න විතරමයි. දැන් ඔබතුමන්ලාගේ කතාව ඇහුවම අපිට පේනවා එහෙම නෑ, ඊට එහා ගිය රාජකාරි ප්‍රමාණයක් රථවාහන අංශයේ නිලධාරීන් මගිනුත් සිද්ධ වෙනවා කියලා. ඒ ගැන මොකක්ද කියන්න තියෙන්නේ?

සැරයන් හෙට්ටිආරච්චි
දැන් මේ සමාජයේ මතයක් තියෙනවා මේ සුදු බෙල්ට් එක පැලඳගෙන ඉන්න පොලිස් නිලධාරීන්ට පමණයි රථවාහන පාලනය කරන්න පුළුවන් කියලා. එහෙම දෙයක් නෑ. ශ්‍රී ලංකා පොලිසියට බැඳුනට පස්සේ අපි සියලු රාජකාරිවලට බැඳිලා ඉන්නේ. අපිට වගකීමක් තියෙනවා ඒවට. ඒ නිසා එහෙම කොටු වෙලා නෑ. හැම නිලධාරියෙකුටම පුළුවන් මේ දේ කරන්න. අපි වාහනයක් නැවැත්තුවට පස්සේ රථවාහන වැරැද්දට පමණක් නෙමෙයි. ඒකේ ප්‍රවාහනය කරන්නේ මොනවද, ඒකේ ඉන්නේ කවුද, මොනවද අරන් යන්නේ කියන හැමදේම අපි පරීක්ෂාවට ලක් කරනවා. මම හිතන්නේ තොඩුවාව පොලිස් ස්ථානය, අපේ පොලිස් ස්ථානයෙන් වැඩිපුරම මත්ද්‍රව්‍ය ප්‍රමාණයක් අල්ලලා තියෙන්නේ අපේ රථවාහන අංශයෙන්. මිනිස්සුන්ගේ ක්‍රියාකලාපය අපි දැක්කාම, හැසිරීම් රටාව වැඩිපුර නිරීක්ෂණය කරනවා. පසුගියදාත් අපි අයිස් මත්ද්‍රව්‍ය සහ ගංජා මත්ද්‍රව්‍ය අත්අඩංගුවට ගැනීමක් සිදුකළා.

ප්‍රශ්නය
මත්ද්‍රව්‍ය කියන ගැටලුව ගත්තහම අද සමාජයට මේක ලොකු ඛේදවාචකයක් බවට පත්වෙලා තියෙනවා. පාසල් දරුවෝ, වැඩිහිටියෝ, කාන්තාවන් පවා මේ මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වෙලා තියෙනවා. ඔබතුමන්ලා පොලිස් නිලධාරීන් විදිහට මොකක්ද සමාජයට දෙන්න තියෙන පණිවුඩය මේ සම්බන්ධයෙන්?

සැරයන් හෙට්ටිආරච්චි
අපි පොලිස් නිලධාරීන් විදියට විවිධ අය ඇසුරු කරනවා. ඒ හරහා අපිට තොරතුරු ගොඩක් ලැබෙනවා. අපේ ගමේ කුඩු වැඩියි, අල්ලස් කියලා අපෙන් ඉල්ලීම් කරන අය ඉන්නවා. මම හිතන්නේ මේක පොලිසියට විතරක් කරන්න පුළුවන් දෙයක් නෙමෙයි. ඉතින් මහජනයා, පාසල්, අනිත් සංවිධාන, මේ හැමදේකින්ම අපිට සහාය අවශ්‍යයි. පන්සල්, පල්ලි, මේ හැමදේකින්ම සහාය අවශ්‍යයි. එහෙම නැත්නම් පොලිසියට විතරක් මේ දේ කරන්න බෑ. ඉතින් මම ඉල්ලීමක් කරනවා, ඒ පාසල් දරුවන්ගේ අම්මලාගෙන්, තාත්තලාගෙන්, ඒ සමාජ ක්‍රියාකාරීන්ගෙන්, මේ මත්ද්‍රව්‍ය උවදුර නැති කරන්න, තමන්ගේ දරුවන්ට උපදෙස් දීලා, ඒ කට්ටිය ගැන හොඳට හොයලා බලලා, ඒ දේ ආරක්ෂා කරන්න කියලා.

ඒ වගේම මම කියනවා මේ මත්ද්‍රව්‍ය ජාවාරම් කරන මිනිස්සුන්ට, කවදාවත් ඔයාලට මේ නීතියෙන් බේරිලා ඉන්න හම්බවෙන්නේ නෑ. කවදා හරි මේ නීතියට කොටුවෙනවා. ඒ නිසා මේ ජාවාරම නවත්තන්න කියන එක තමා මම ඒ ජාවාරම්කරුවන්ගෙන් ඉල්ලා සිටින්නේ.

Sri Lanka Police

SendShareShare
Previous Post

ඉන්දියාවේ සුපිරිම ගායිකා කවිතා ක්‍රිෂ්ණමූර්ති විනාඩි 3කට ඇන්ජලින් ගුණතිලක වෙයි! VIDEO I Sri Lanka Latest News

Next Post

සඳුදා උතුරු සහ නැගෙනහිර දෙමළ සන්ධානය කරන්න යන හර්තාලයට මුස්ලිම් කොංග්‍රසයත් එකතු වෙයි! I Sri Lanka Latest News

MORE NEWS

මොකද්ද ‘හහ් හහ් හා..’ කියන්නේ? VIDEO I Sri Lanka Latest News
Exclusive

මොකද්ද ‘හහ් හහ් හා..’ කියන්නේ? VIDEO I Sri Lanka Latest News

වෙන් කළ බිලියන 500න් වහාම වැඩ පටන් ගන්න! මාතලේ ගිය අනුරගෙන් රාජ්‍ය නිලධාරීන්ට උපදෙස්! PHOTOS I Sri Lanka Latest News
Exclusive

වගාවට තියා බොන්නවත් වතුර නැතිවේවි! විදුලි අර්බූදයක් ඒවි! ‘දිට්වා’ට මුහුණ දුන් අනුර එල්-නිනෝට මුහුණ දෙන්න ලෑස්ති වෙයි! PHOTOS I Sri Lanka Latest News

සලේගේ බිරිය මනෝරි CID අධ්‍යක්ෂ ශානිට ලියුමක් යවයි! I Sri Lanka Latest News
Exclusive

අනුරට ලියපු සලේගේ බිරිය ශානිටත් ලියුමක් යවයි! මෙන්න ලියුම! I Sri Lanka Latest News

බලන් යද්දි වැඩියෙන්ම අල්ලස් ගන්න අය ඉන්නේ රාජ්‍ය සේවයේ! ගිය මාස 4ට අල්ලස් කොමිසම නඩු 51ක් දාලා! ඒකෙන් 41ක්ම රාජ්‍ය සේවකයෝ! වැඩිම පොලිසියේ! I Sri Lanka Latest News
Exclusive

බලන් යද්දි වැඩියෙන්ම අල්ලස් ගන්න අය ඉන්නේ රාජ්‍ය සේවයේ! ගිය මාස 4ට අල්ලස් කොමිසම නඩු 51ක් දාලා! ඒකෙන් 41ක්ම රාජ්‍ය සේවකයෝ! වැඩිම පොලිසියේ! I Sri Lanka Latest News

ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

පුටු 8ක් හිස්! උපරිමාධිකරණවල පුරප්පාඩු පුරවන්නේ නැතිව විශ්‍රාම යන වයස දීර්ඝ කිරීමේ පදනම මොකද්ද? විපක්ෂනායක සජිත් ආණ්ඩුවෙන් ප්‍රශ්න කරයි! VIDEO I Sri Lanka Latest News

පාස්පෝට් 2ක් ළඟ තියාගත් විමල්ගේ බිරිය ශෂී අවුරුදු 2ක් හිරේ!
Exclusive

විමල්ගේ නෝනා අවුරුදු 2කට හිරේ! සිරදඬුවම ස්ථිරයි! අභියාචනය උසාවියෙන් විසි කරයි! I Sri Lanka Latest News

Load More
මොකද්ද ‘හහ් හහ් හා..’ කියන්නේ? VIDEO I Sri Lanka Latest News
Exclusive

මොකද්ද ‘හහ් හහ් හා..’ කියන්නේ? VIDEO I Sri Lanka Latest News

අද පාර්ලිමේන්තුවේදී දයාසිරි ජයසේකර මහතා හා නියෝජ්‍ය ඇමැති මහින්ද ජයසිංහ මහතා අතර පැවැති විවාදය මෙසේය.Sri Lanka Latest News

Read more
වෙන් කළ බිලියන 500න් වහාම වැඩ පටන් ගන්න! මාතලේ ගිය අනුරගෙන් රාජ්‍ය නිලධාරීන්ට උපදෙස්! PHOTOS I Sri Lanka Latest News

වගාවට තියා බොන්නවත් වතුර නැතිවේවි! විදුලි අර්බූදයක් ඒවි! ‘දිට්වා’ට මුහුණ දුන් අනුර එල්-නිනෝට මුහුණ දෙන්න ලෑස්ති වෙයි! PHOTOS I Sri Lanka Latest News

සලේගේ බිරිය මනෝරි CID අධ්‍යක්ෂ ශානිට ලියුමක් යවයි! I Sri Lanka Latest News

අනුරට ලියපු සලේගේ බිරිය ශානිටත් ලියුමක් යවයි! මෙන්න ලියුම! I Sri Lanka Latest News

බලන් යද්දි වැඩියෙන්ම අල්ලස් ගන්න අය ඉන්නේ රාජ්‍ය සේවයේ! ගිය මාස 4ට අල්ලස් කොමිසම නඩු 51ක් දාලා! ඒකෙන් 41ක්ම රාජ්‍ය සේවකයෝ! වැඩිම පොලිසියේ! I Sri Lanka Latest News

බලන් යද්දි වැඩියෙන්ම අල්ලස් ගන්න අය ඉන්නේ රාජ්‍ය සේවයේ! ගිය මාස 4ට අල්ලස් කොමිසම නඩු 51ක් දාලා! ඒකෙන් 41ක්ම රාජ්‍ය සේවකයෝ! වැඩිම පොලිසියේ! I Sri Lanka Latest News

ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News

පුටු 8ක් හිස්! උපරිමාධිකරණවල පුරප්පාඩු පුරවන්නේ නැතිව විශ්‍රාම යන වයස දීර්ඝ කිරීමේ පදනම මොකද්ද? විපක්ෂනායක සජිත් ආණ්ඩුවෙන් ප්‍රශ්න කරයි! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.