ජාත්‍යන්තර සංවර්ධනය පිළිබඳ ඇමෙරිකානු ආධාර වැඩසටහනේ පරිපාලන නිලධාරීනී සමන්තා පවර් මහත්මිය තෙදින නිල සංචාරයක් සදහා අද උදෑසන , කටුනායක ගුවන් තොටුපළින් දිවයිනට පැමිණියාය.
ඇය සමග පැමිණි දූත පිරිසට සිව් දෙනෙක් ඇතුළත් වුහ.
ඔවුන් පිළිගැනීම සදහා ශ්‍රී ලංකාවේ ඇමෙරිකානු තානාපති කාර්යාලයේ සහ ශ්‍රී ලංකා විදේශ කටයුතු අමාත්‍යාංශයේ උසස් නිලධාරීන් පිරිසක් කටුනායක ගුවන් තොටුපළ විශේෂ අමුත්තන්ගේ මැදිරිය වෙත පැමිණ සිටියහ.
මව්රට වෙබ් අඩවිය පවර් දිවයිනට පැමිණෙන බව කියා සිටියේ ඉකුත් සතියේය.