ජනතා විමුක්ති පෙරමුණ ප්රමුඛ ජාතික ජන බලවේග ආණ්ඩුව මෙහෙයවන්නේ පැලවත්තේ පිහිටි ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන කාර්යාලයෙන් බවට වන මතය සම්බන්ධයෙන් එම පක්ෂයේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා රූපවාහිනී සංවාදයකදී දැක්වූ අදහස් පහත පළවේ. Sri Lanka Latest News
අපේ පක්ෂය ඇතුළෙ අනුහස් සහිත නායකයො කියල වර්ගයක් නෑ. දැන් මම ප්‍රධාන ලේකම් තනතුර දරන්නෙ, එහෙම තනතුරක් ඕනනෙ දේශපාලන ව්‍යාපාරයකට ලිපි ලේඛන කටයුතු, නිල කටයුතු කරගෙන යන්න. ඒකට සංවිධාන කැඳවුම්කරු ඉන්නවා, ප්‍රධානියෙක් ඉන්නවා කැඳවගන්න, පක්ෂ නායකයෙක් ඉන්නවා.
දැන් පක්ෂ නායකයා කියලා අනුර සහෝදරයා තමන්ගෙ ආධිපත්‍යය පතුරවන්න යන්නෙත් නෑ, මම මගෙ ආධිපත්‍යය පතුරවන්න යන්නෙත් නෑ. අපි එකතු වෙලා කතාකරනවා, සහෝදරත්වයෙන් කතාබහ කරගෙන මෙන්න මේ ටික කරමු කියලා අදහස් කළොත්, මේකට මේක මේකට මේක.
එතකොට දැන් ආණ්ඩුවත් අපි කරන නිසා, ආණ්ඩුවෙත් සමහර ගැටලු, මේ ප්රශ්නය තියෙනවා මේ ප්රශ්නය තියෙනවා, දැන් මෙහෙම ප්‍රශ්නයක් එමින් ඉන්නවා, මොකක්ද අපි ඒකට කරන්නේ, ඒකට මෙහෙම කරමු කියලා අදහස් මාරු කරගන්නවා.
හැබැයි පැලවත්තෙදී, ඒ කියන්නෙ ආණ්ඩුවෙ දේවල් ගැන එතැන කතා නොවෙනවා කිව්වොත් ඒක බොරුවක්, ඒක බොරු. අපි ආණ්ඩුවෙ දේවල් කතා කරනවා. පක්ෂ කාර්යාලයෙ ඒක වෙන දෙයක්. මේ ආණ්ඩුව හැදුවෙ පක්ෂෙන්නෙ, එන්.පී.පී. එකෙන්නෙ. ඒ නිසා දැන් එන්.පී.පී. එකට අයිති ආණ්ඩුවක්නෙ තියෙන්නෙ, මාලිමාවෙ ආණ්ඩුවනෙ. එතකොට අපිනෙ කතාකරන්න ඕනෙ හැමතිස්සෙම ආණ්ඩුවෙ තියෙන ගැටලු මොනවද, අභියෝග මොනවද, දැන් මොකක්ද වෙන්නෙ, මේකට අපි මොකක්ද කරන්නෙ.
ඒවා ක්‍රියාවට නංවන එක කැබිනට් මණ්ඩලයේ, අමාත්‍ය මණ්ඩලයේ, ඒගොල්ලන්ගෙ වැඩේ. හැබැයි ඒකට යෝජනා ඉදිරිපත් කරන්න, අදහස් ඉදිරිපත් කරන්න, යම් ගැටලුවකට මැදිහත් වෙන්න, සමහර වැරදි මතයක් ආවොත් ඒක පරද්දන්න බිම් මට්ටමට ගිහිල්ලා මිනිස්සු දැනුවත් කරන්න පක්ෂයක් හැටියට අපි ඒක කරනවනෙ.
ඉතින් මම දැනුත් කතා කරන්නෙ. ඇත්තටම පැලවත්ත ආණ්ඩුකරණයේදී රාජ්‍ය යාන්ත්රණයට මැදිහත් වෙන්නෙ නෑ. ඒ වුණාට පැලවත්ත දේශපාලන ව්‍යාපාරයක් හැටියට තීන්දු තීරණ ගැනීමේදී තීන්දු ගන්නෙ පැලවත්තෙ ඉඳන් අපි. ඒක හරි.










