යෝෂිත රාජපක්ෂ අද අත්අඩංගුවට ගන්නා බව තමන් ඊයේ රාත්‍රී කතා කල නමුත් අද වන තුරු එලියට දැම්මේ නැතැයි ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය මේජර් ජනරාල් අරුණ ජයසේකර මහතා පවසයි.Sri Lanka Latest News
බෙලිඅත්ත ප්‍රදේශයේදී පැවති උත්සවයක් අමතමින් ඔහු මෙම අදහස් පල කරන ලදී.
‘මේ දැන් පණිවිඩයක් ආව යෝෂිත රාජපක්ෂ අධිවේගී මාර්ගයේදී අත්අඩංගුවට. ඔ්ක ඊයේ රැුත් අපි කතා වුනා. කතා වුනා කිවුවෙ මටත් විස්තරයක් කිවුව අපි එතකං එලියට දැම්මේ නෑ.
දැන් කියයි අපේ එයා මදියි නෙ. තව එක්කෙනෙක් ගන්න කියලා. ඒවා ලේසියෙන් බෑග නීත්‍යානුකූලව පරීක්ෂණ කටයුතු කරලා ගන්න ඕන. අපට මර්වින් සිල්වා වගේ වෙන්න බෑ.
මුං බයවෙලා ඉන්නේ. අපි දැන් ඉදිරියට යා යුතුයි. අතාරින්න එපා රටට වින කළ ඔක්කෝම එවුන් යවලා අපි මේ බලය ගත්තේ ආයේ දෙන්නද.. අපට මාස හයකින් මේක කරන්න බැරි වුණා කියමු. ඒත් අපි දෙන්නද. මේක ආයේ දෙන්නේ නැහැ පුතේ. මේක හදලමයි යන්නේ.
බලය ගන්න දරපු වෙර මෙන් දහ පහලොස් ගුණයක වෙර දරන්න වෙනවා බලය පවත්ව ගන්න. තියා ගන්න මේක අතහරින්න බෑ’










