ලබන 20 වෙනිදා සිට ජාතික ඉන්ධන අවසර පත්‍රයට පමණක් ඉන්ධන නිකුත් කරන බව සමස්ත ලංකා ඉන්ධන පිරවුම්හල් හිමියන්ගේ සංගමයේ සභාපති ඩබ්ලිව්.එස්.එස් ප්‍රනාන්දු මහතා පවසයි.
ඔහු ජනතාවට දැනුම් දෙන්නේ එතෙක් සිපෙට්කෝ ඉන්ධන පිරවුම්හල් වෙත පැමිණිමෙන් වළකින ලෙසයි.
ජාතික ඉන්ධන අවසරපත සඳහා ලියාපදිංචිය අවසන් වන තුරු නව තෙල් තොග බෙදාහැරීමේ කටයුතු සිදු නොවනු ඇති.
ලංකා ඛනිජ තෙල් පෞද්ගලික ටැංකි රථ හිමියන්ගේ සංගමයේ සම ලේකම් ශාන්ත සිල්වා මහතා පැවසුවේ, සිපෙට්කෝ ඉන්ධන ප්‍රවාහනය අද දිනයෙත් සිදුනොවන අතර අයි.ඕ.සී සමාගමේ ඉන්ධන ප්‍රවාහනය සඳහා ටැකි රථ යොදවා ඇති බවයි.
මේ අතර අදත් ඉන්ධන පිරවුම් අසල නොසන්සුන්තා මෙන්ම දිගු පෝලිම් ද දක්නට ලැබිණ.










