• About us
  • Contact us
Friday, July 24, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

කළු ජූලිය දැක්කා! යුද්ධය දැක්කා! බෝම්බ දැක්කා! ප්‍රභාකරන්ගේ කැරැල්ල දැක්කා! අරගලය දැක්කා! විජේවීරගේ කැරැල්ල දැක්කා! කොවිඩ් දැක්කා! සුනාමි දැක්කා! ලෝක යුද්ධයකුත් දකිනවා! ලෝක කුසලානය දිනනවා දැක්කා! අපි තමයි හොඳටම කළේ….! Sri Lanka Latest News

March 21, 2026
in Exclusive
Reading Time: 5 mins read
A A
කළු ජූලිය දැක්කා! යුද්ධය දැක්කා! බෝම්බ දැක්කා! ප්‍රභාකරන්ගේ කැරැල්ල දැක්කා! අරගලය දැක්කා! විජේවීරගේ කැරැල්ල දැක්කා! කොවිඩ් දැක්කා! සුනාමි දැක්කා! ලෝක යුද්ධයකුත් දකිනවා! ලෝක කුසලානය දිනනවා දැක්කා! අපි තමයි හොඳටම කළේ….! Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

මේ කලබල අස්සේ අපේ කපිල පුංචිමාන්නගේ මහත්තයට අපූරු කතාවක් හිතුණා. කපිල පුංචිමාන්නගේ කියලා කියන්නේ ‘මව්රට’ පත්තරේ සමකර්තෘවරයා. ඔහු කාලයක් තිස්සේ මාධ්‍ය ආයතන ගණනාවක රැකියාව කරපු ඉතාම පළපුරුදු ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදියෙක්. සමාජයත් එක්ක විශාල සම්බන්ධතාවක් තියෙන, හොඳ මනුෂ්‍ය ගතිගුණ තියෙන අපූරු මනුස්සයෙක්. කපිල පුංචිමාන්නගේ ගේ කතාව කියද්දී මට පළමුවැනියටම මතක්වෙච්ච දේ තමයි ජීවිතයේ කවදාවත් තව මිනිහෙක් බඩගින්නේ තියලා කෑම කන පුරුද්දක් ඔහුට නැහැ. ඒක තමයි මම ඔහුගේ දැකපු විශිෂ්ටතම ගුණාංගය.Sri Lanka Latest News

ඔහු අපූරු කතාවක් කිව්වා. ඒ තමයි 1975, 76, 77, 78, 79 මේ වසරවල ඉපදුණු මිනිස්සු ගැන. මම විශ්වාස කරනවා ඔහු ඉපදිලා තියෙන්නේ ඒ කාලේ කියලා. මේ කතාව කියන්න ගියාම ඔහුගේ වයස අහුවෙන හින්දා මම හරියටම දවස එක්ක වෙලාවත් එක්ක අවුරුද්ද කියන්නේ නැහැ. නමුත් ඔහු කියපු කතාව හරි මරු. ඒක තමයි ඔහු කියනවා අපි තමයි මේ ලෝකයේ හරියටම ප්‍රශ්න ටික ඇස්පනාපිටම දැකපු මිනිස්සු. ඇත්තටම ලෝකයේ ප්‍රශ්න නෙමෙයි, රටේ ප්‍රශ්න. රට ඇතුළේ ජීවත්වෙන ගමන් රටේ හැම දෙයක්ම වෙනවා අපි දැක්කා.

1975 ඉපදුණු කෙනෙක්ට 82, 83 වෙද්දී තේරෙන වයස, යමක් මතක හිටින වයස. ඒගොල්ලෝ දකිනවා 83 කළු ජූලිය. කළු ජූලිය වෙලාවේ මිනිස්සු බඩු හොරකම් කරන් යන හැටි, කඩවල් පුච්චන හැටි, දෙමළ මිනිස්සුන්ට පහර දෙන හැටි, රට ගිනිගන්න හැටි මේ ඔක්කොම ඔවුන් දැක්කා. 83 කළු ජූලියත් එක්කම ලංකාවේ දේශපාලන ආර්ථික වෙනස්කම් රට ඇතුළේ සිද්ධ වෙන හැටි ඔවුන් දැක්කා. රටේ පාලකයෝ පත්වෙන හැටි, වෙනස්වෙන හැටි, අලුත් වෙන හැටි, දේශපාලකයන්ට බලය මාරුවෙන හැටි, දේශපාලකයෝ තමන්ගේ බලය උදෙසා විවිධ තීන්දු තීරණ ගන්න හැටි ඔවුන් දැක්කා.

ඉන්දියාවෙන් ආපු හමුදා භටයන් පන්නා දැමීම සඳහා අපේ රටේ සැලසුම් හැදෙන හැටි, ඉන්දියාවෙන් ලංකාවට ඇවිල්ලා පරිප්පු දාන හැටි ඔවුන් දැක්කා. මේත් එක්කම ඉන්දියාවයි ලංකාවයි අතර ඇතිවෙච්ච සම්බන්ධතා සහ ගැටුම් ඔවුන් දැක්කා. ඒ වගේම ඔවුන් දැක්කා යුද්ධයක් ආරම්භ වෙන හැටි. යුද්ධයක් නොතිබ්බ රටක, සාමකාමීව තිබ්බ රටක, උතුරෙන් දකුණටයි දකුණෙන් උතුරටයි ඕනෙ වෙලාවක යන්න එන්න පුළුවන්කම තිබිච්ච රටක, උතුරෙන් දකුණට එන එක වැළකෙන හැටි, දකුණෙන් උතුරට යන එක වැළකෙන හැටි ඔවුන් දැක්කා.

1987 ඉන්දු-ලංකා ගිවිසුම අස්සන් කරපු හැටි, ඒක අස්සන් කරන්න ඉන්දීය අගමැති රජිව් ගාන්ධි ලංකාවට ආපු වෙලාවේ තුවක්කු බටේකින් පහරකාපු හැටි ඔවුන් දැක්කා.
ඒගොල්ලෝ දැක්කා 88-89 කැරැල්ල, විප්ලවය. මිනිස්සු මරනවා, මළමිනී පාවෙනවා, ටයර් සෑයවල්, බෙල්ල කපලා ඔළු ගෙනල්ලා පැළඉනිවල ඇනලා තියෙන හැටි, මිනිස්සුන්ව පැහැරගෙන ගිය කතන්දර ඔවුන් ඇහුවා. රෑ ලයිට් නිවාගෙන පහන් නිවාගෙන ගෙවල් ඇතුළේ හිටපු කාලයක් ඔවුන්ට තිබුණා. පණ ගැහෙමින්, බයේ ගැහෙමින් ඉන්නකොට දොරට තට්ටු කරලා අයිඩෙන්ටිටි කාඩ් එකතු කරන් ගිය හැටි, විප්ලවවාදීන් යැයි කියපු මිනිස්සු ගෙවල්වල දොර යටින් ලියුම් දාපු හැටි ඔවුන් දැක්කා.

විප්ලවයට සම්බන්ධයි කියලා තරුණ තරුණියන්ව, සහෝදරයන්ව, ඥාතීන්ව උස්සලා ගෙනිහිල්ලා ඒගොල්ලන්ගේ මිනී අතන පිච්චෙනවා මෙතන පිච්චෙනවා කියලා ආරංචි වෙන හැටි ඔවුන් දැක්කා. මිනියත් එක්ක දාලා තිබ්බ තුණ්ඩු කෑලි කියවනවා ඔවුන් දැක්කා. උතුරේ බෝම්බ පුපුරන හඬ, උතුරේ යුද්ධෙට සිංහල සොල්දාදුවෝ යන කාලේ ඔවුන් අත් වින්දා. යුද්ධය ඇතුළේ බෝම්බ එකින් එක පිපිරෙන සද්දේ ඔවුන්ට ඇහුණා. ලංකාවේ පාලකයා වෙච්ච ජනාධිපතිවරයා වෙච්ච මිනිස්සු එක එකා මැරෙන හැටි ඔවුන් දැක්කා, ඇහුවා, ඔවුන් වින්දා. ඔවුන්ට අහන්න ලැබුණා, ඔවුන්ට දකින්න ලැබුණා, ඔවුන්ට විඳින්න ලැබුණා. මේ සියල්ලම ඒගොල්ලන්ගේ අත්දැකීම් විදියට ඒගොල්ලන්ට විඳදරාගන්න, දැකගන්න හම්බවුණා. අවුරුදු 17ක් එක පක්ෂයක් පාලනය කරනවා ඔවුන් දැක්කා. ඒ පක්ෂයේ බලය පෙරළිලා යන හැටි දැක්කා. ජනාධිපතිවරයෙක් බෝම්බ ප්‍රහාරයකින් මියයනවා දැක්කා. ඒ වෙනුවට අනුප්‍රාප්තික ජනාධිපතිවරයෙක් පත්වෙන හැටි දැක්කා.

ඒ වගේම යුද්ධයේ දරුණුතම අවධිය ඔවුන් දැක්කා. මගතොටේ බෝම්බ පිපිරෙන හැටි, මැරුණු අයගේ නම් ලැයිස්තු රූපවාහිනියේ ගුවන් විදුලියේ කතා කරන හැටි, පත්තරවල මෘත ශරීරවල පින්තූර පළවෙන හැටි ඔවුන් දැක්කා. ගම්මානවලට ආපු ත්‍රස්තවාදීන් ගම් පිටින් මරලා විනාශ කළාට පස්සේ ඒ මරණවල පින්තූර පත්තරවල පළවෙන හැටි ඔවුන් දැක්කා. මේ සියල්ල ඔවුන් දැක්කා, ඔවුන් වින්දා.

ඉන් පස්සේ නව සහස්‍රකය උදාවෙනවා. එකයි නවයයි ආපු ඉලක්කම් හතරම වෙනස් වෙලා අලුත් ඉලක්කම් හතරක් කැලැන්ඩරේට එන හැටි අපි දැක්කා. ඉස්සර ඒගොල්ලෝ හුරුවෙලා හිටියේ 97, 98, 99 දාලා දින වකවානු සටහන් කරන්න. හැබැයි අන්තිමට 2000. සම්පූර්ණ ඉලක්කම් හතරම වෙනස් වෙලා. මිලේනියම් එක සහස්‍රකය ගැන කතන්දර දැක්කා.

සමාජ මාධ්‍ය ලෝකයට ආවේ ඔවුන්ගේ දැනඇඳුනුම්කම් තියෙන කාලේ. ෆේස්බුක් පටන් ගන්නකොට ඒගොල්ලෝ දැනුම් තේරුම් ඇති කට්ටිය. සුනාමියක් එනවා ඔවුන් දැක්කා. සුනාමියෙන් මිනිස්සු මැරෙන හැටි එක රාත්‍රියකදී සියල්ල උඩු යටිකුරු වෙන හැටි ඔවුන් දැක්කා. මුහුද ඈතට ගිහිල්ලා, මුහුද ගෙදරට ඇවිල්ලා, මුහුද ගමට ඇවිල්ලා, කෝච්චි පෙරළන මුහුදු රැළි ගැන පොත්පත්වල දැක්ක කතාව යථාර්ථයක් වෙන හැටි ඔවුන් දැක්කා.

අවුරුදු 30ක යුද්ධය ඉවර වෙනවා ඔවුන් දැක්කා. යුද්ධය ඉවර වෙලා පාටි දාන්න ඒගොල්ලන්ට පුළුවන් වුණා. යුද්ධය ඉවර වෙලා ඔල්වරසන් දෙන අය අතර ඒගොල්ලෝ හිටියා. යුද්ධය වෙනුවෙන් ගිය සොල්දාදුවන්ට කටවුට් ගහපු මිනිස්සු තමයි ඒගොල්ලෝ. ඉන්පස්සේ යුද්ධය ඉවර වුණා කියලා පාරේ කිරිබත් බෙදපු පරම්පරාව තමයි ඒගොල්ලෝ. මහින්ද රාජපක්ෂ ආණ්ඩුව මේ රටේ සියල්ල යටපත් කරගෙන දැවැන්ත අභියෝගයක් විදිහට නැගිටින හැටි, සිංහල බලය ගැන ලෝකයට කියන මහින්දගේ බලවත් ආණ්ඩුව අපේ රටේ ක්‍රියාත්මක වෙන හැටි ඔවුන් දැක්කා.

මතක තියාගන්න, 1996 ලෝක කුසලානය දිනනවා ඔවුන් දැක්කා. ලංකාවට පන්දු වාර පනහක ලෝක කුසලානයක් ගේන විදිහ ඔවුන් දැක්කා. ජයග්‍රහණය සමරන හැටි ඔවුන් දැක්කා. අඩුම තරමේ අවසන් පූර්ව තරගයකටවත් සහභාගි වෙලා නොතිබුණු කණ්ඩායමක් ලෝක කුසලානයක් දිනන සතුට ඔවුන් වින්දා. 2014 ටී20 වර්ල්ඩ් කප් එක ඔවුන් දැක්කා. වර්ල්ඩ් ක්ලාස් ප්ලේයර්ස්ලා කියලා කියන්න පුළුවන් සංගක්කාරලා මහේලලා ඔවුන් දැක්කා. මුරලි බෝල් කරනවා දැක්කා. වාස් වාර්තා තියනවා ඔවුන් දැක්කා. අර්ජුනගේ අරවින්දගේ සනත්ගේ පිතිහරඹය ඔවුන් දැක්කා. ක්‍රිකට් ලංකාව වෙනස් කරන හැටි දැක්කා.

ඒත් එක්කම 2015 එකම කණ්ඩායමක එකම පිලක එකම වේදිකාවක එකට ඉඳන් හිටපු දෙන්නෙක් ඡන්දය ඉල්ලලා එක්කෙනෙක් දිනන හැටි අනිත් කෙනා පරදින හැටි, අසාමාන්‍ය විදිහට මෛත්‍රීපාල සිරිසේනලාට බලය ලැබෙන හැටි ඔවුන් දැක්කා. ඉන් පස්සේ කවදාවත් දේශපාලනය නොකරපු කිසිම දේශපාලන පක්ෂයක ප්‍රාදේශීය සභාවකවත් සභාපතිකමක් නොලබපු ගෝඨාභය රාජපක්ෂ බලයට පත්වෙන හැටි ඔවුන් දැක්කා.

ඔවුන් දැක්කා අරගලය. කවදාවත් හිතුවේ නැති විදිහට රටේ පාලකයා පන්නා දැමීමේ දැවැන්ත දේශපාලන ව්‍යාපෘතියක් රට ඇතුළේ ක්‍රියාත්මක වෙන හැටි ඔවුන් දැක්කා. ගෝල්ෆේස් අරගලයේ ඉතාම තීරණාත්මක සාධක ඔවුන් දැක්කා. රටේ අගමැතිගේ ගේ ගිනි තියනවා ඔවුන් දැක්කා. ජනාධිපතිවරයා පන්නපු හැටි ඔවුන් දැක්කා. ජනාධිපතිවරයා පන්නනකම් සටන් කරනවා කියලා ඔවුන් කෑගහන හැටි ඔවුන් දැක්කා. පාරේ ගෙවල් ගිනිතියන හැටි, සියලු දේශපාලකයන්ගේ දේපළ මහජනතාව විසින් අත්පත් කරගෙන ගිනි තියපු දේශපාලන ව්‍යසනය, දේශපාලන ව්‍යාපෘතිය ඔවුන් දැක්කා.

ඒ වගේම 3%ක ඡන්ද ප්‍රතිශතයේ සිටි ජවිපෙ නායක අනුර කුමාර දිසානායක මේ රටේ ජනාධිපති වෙන හැටිත් මේ අය දැක්කා. ඒ කියන්නේ මෙච්චර කල් තිබ්බ දකුණේ ආණ්ඩු පෙරළලා වමේ පක්ෂයක් රටේ බලය අල්ලපු එකත් මේ අය දැක්කා.

ඒ අතරතුරේදී අනුප්‍රාප්තික ජනාධිපතිවරයෙක් පාර්ලිමේන්තුවේ ඡන්දයෙන් පත්වෙන හැටි, ජාතික ලැයිස්තුවේ එක ආසනයක් විතරක් තිබිච්ච, ඡන්දෙන් පරාදවෙලා ගෙදර ගියපු එක්සත් ජාතික පක්ෂයේ රනිල් වික්‍රමසිංහ ලංකාවේ ජනාධිපති වෙනකොට ඔවුන් ඇස් කන් ඇරගෙන බලාගෙන හිටියා.

දැන් ඔවුන්ට ලෝක යුද්ධයක යම් නටබුන් සාක්ෂි දකින්න පුළුවන් වෙලා තියෙනවා. ඒ අතරතුරේ එක දවසක එක මොහොතක මුළු ලෝකයම වහලා දාලා නිහඬ කරලා සියලු පිට්ටනිවල ක්‍රීඩාව නැති, සියලු ප්‍රසංග නැති, කිසිම තැනක පාරක මිනිහෙක් ඇවිදින්නේ නැති අනුරාධපුරය, රුවන්වැලිසෑය ගාවත් හිස් වෙලා, දළදා මාලිගාවත් හිස් වෙලා, රතු පල්ලියත් හිස් වෙලා, මඩු පල්ලියත් හිස් වෙලා, කතරගමත් හිස් වෙලා මේ හැම තැනම හිස් වෙච්ච කොරෝනාව ඔවුන් දැක්කා. කොරෝනාවෙන් මිනිස්සු මිලියන ගණනක් මැරෙන හැටි ඔවුන් දැක්කා. කොරෝනා නිසා පාරවල් වහලා, පාරවල්වල ගමන් බිමන් සීමා කරලා, යන්න එන්න බැරි විදිහට නීතිරීති පනවලා රට වහලා දාන හැටි ඔවුන් දැක්කා.
ඔවුන් තමයි අවසාන පරම්පරාව ලියුම් ලියපු, ඔවුන් තමයි අවසාන පරම්පරාව චක්ගුඩු පැනපු, ඔවුන් තමයි අවසාන පරම්පරාව ඔයේ ඇළේ දොළේ පැනලා පීනපු, මහ පොළොවත් එක්ක රෑ වෙනකන් ඔට්ටු වෙච්ච ක්‍රිකට් ගහපු නිවාඩු කාලෙට ඉවරයක් නැතුව වෙහෙස වුණු සතුටින් හිටපු පරම්පරාව. ඇලේ දොළේ පැනලා නාලා සරුංගල් හදලා ඒවා උඩ යවලා මොබයිල් ෆෝන් කියන ඒවා ඇහැට දැකලා නැති ළමා කාලයක් ගත කරපු කට්ටිය තමයි ඒගොල්ලෝ. ඒගොල්ලන්ගේ ජීවිතේ එක කාලයක් තිබුණා මොබයිල් ෆෝන් අතකවත් නැහැ. සමාජ මාධ්‍ය කියන එක දැකලාවත් නැහැ. හන්දියේ, ඕවිටේ, බඩවැටියේ කොහේ හරි තැනක එකතු වෙලා යාළුවොත් එක්ක කයිය ගගහා පැය ගණන් ගතකරන්න ඔවුන්ට වෙලාව ඉතුරු වෙලා තිබුණා.

මේ සියල්ලත් එක්ක දැන් ඔවුන් වයසට යමින් ඉන්නවා. අවුරුදු පනහේ සීමාවට ඔවුන් ඇවිල්ලා. 1975 ඉපදුණු කෙනෙක්ට මේ අවුරුද්දට අවුරුදු පනස් එකයි. මේ අසිරිමත් මිනිස්සුන්ට අපි හිස නමා ගෞරව කරනවා. ඔබ තමයි මේ ජීවිතේ රහ ඇත්තටම වින්ද පරම්පරාව.

Sri Lanka Latest News

ජීවන පහන් තිළිණ

SendShareShare
Previous Post

ගාමිණී දිසානායක ගුණ සමරුවේදී තමන්ගේ දේශපාලන ජීවිතයේ ආරම්භය ගැන කවුරුත් නොදැන සිටි රහසක් සජිත් පළමුවරට රටට හෙළිකරයි! VIDEO I Sri Lanka Latest News

Next Post

සජිත් අනතුර පෙන්නුවා! ආණ්ඩුව ඒක ඇහුවා නම් මේ අර්බූදය වෙන්නෙ නෑ! පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ ආර්ථික විශේෂඥ මහාචාර්ය ප්‍රසන්න පෙරේරා..! මාර කතාවක්! VIDEO I Sri Lanka Latest News

MORE NEWS

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!
Exclusive

දවසේ දෙවැනි වෙඩිල්ල දෙමටගොඩින් පත්තු වුණා! I Sri Lanka Latest News

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News
Exclusive

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඒක කරන්න එපා..! මේක කරන්න! විපක්ෂ නායක සජිත්ගෙන් ආණ්ඩුවට උපදේශයක්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News
Exclusive

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ලෝකයේම ආර්ථිකය කඩා වැටෙන්නයි යන්නේ! අවුරුදු 4කට පසු බොරතෙල් බැරලය ඩොලර් 90 පැන්නුවා! I Sri Lanka Latest News
Exclusive

ඊයෙ ‌ඩොලර් 95යි! අද 98යි! බොරතෙල් බැරලය දවසින් දවස නගිනවා! I Sri Lanka Latest News

සජිත්ගේ ආරාධනාව පිළිගෙන මුළු රටේම විපක්ෂය එක මිටට නොම්බර 30ට එකතු වෙයි! සජිත් රනිල්ට අතට අත දෙයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

සජිත්ගේ ආරාධනාව පිළිගෙන මුළු රටේම විපක්ෂය එක මිටට නොම්බර 30ට එකතු වෙයි! සජිත් රනිල්ට අතට අත දෙයි! VIDEO I Sri Lanka Latest News

Load More
තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!
Exclusive

දවසේ දෙවැනි වෙඩිල්ල දෙමටගොඩින් පත්තු වුණා! I Sri Lanka Latest News

දෙමටගොඩ, කුප්පියාවත්ත සුසාන භූමිය ආසන්නයේ සිදුකළ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු තුවාල ලබා තිබේ.Sri Lanka Latest News යතුරුපැදියකින් ගමන් කරමින් සිටි පුද්ගලයින්...

Read more
කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

ඒක කරන්න එපා..! මේක කරන්න! විපක්ෂ නායක සජිත්ගෙන් ආණ්ඩුවට උපදේශයක්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ලෝකයේම ආර්ථිකය කඩා වැටෙන්නයි යන්නේ! අවුරුදු 4කට පසු බොරතෙල් බැරලය ඩොලර් 90 පැන්නුවා! I Sri Lanka Latest News

ඊයෙ ‌ඩොලර් 95යි! අද 98යි! බොරතෙල් බැරලය දවසින් දවස නගිනවා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.