• About us
  • Contact us
Wednesday, July 22, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

කඩියෙක් කාපු පුංචි පැටියා අපිට උගන්නපු පාඩම! වතුරත් විෂ වෙන්න පුළුවන්! මල් රේණුත් මරණය ගේනවා! කඩි කාපුවම මැරෙන අය ඉන්නවා…! Sri Lanka Latest News

October 12, 2025
in Exclusive
Reading Time: 3 mins read
A A
කඩියෙක් කාපු පුංචි පැටියා අපිට උගන්නපු පාඩම! වතුරත් විෂ වෙන්න පුළුවන්! මල් රේණුත් මරණය ගේනවා! කඩි කාපුවම මැරෙන අය ඉන්නවා…! Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

කුඩා දරුවෙක්ගේ මරණයක් සම්බන්ධව පහුගිය දවස්වල කතාබහක් ඇතිවුණා. පුංචි පුතා කියලා තිබුණා, ආච්චි අම්මේ කඩියෙක් කෑවා, කමක් නෑ අපි කානිවල් එකට යමු කියලා. මේ සම්බන්ධව ලියුම්කරු පුද්ගලිකව සමාජ මාධ්‍ය සටහනක යෙදුණා. එහිදී මම කියන්නේ, මේ දරුවාගේ සමාජ තත්ත්වයත් එක්ක, මේ පුංචි පැටව් කොච්චර ආසයිද කානිවල් එකකට යන්න, කොච්චර ආසයිද නටන්න, විනෝද වෙන්න, සතුටු වෙන්න. ඒ ආසාවල් එක්ක අර වේදනාව යටට ගහගෙන, මොකුත් වෙනවා කියන එක ගැන දන්නේ නැතුව, මරණය කියන එක ගැන අදහසක්වත් නැතුව, අන්තිමට සෙල්ලම් කරන්න මේ පැටියා යනවා. මේ වේදනාව දරාගන්න බැරි නිසයි මම ඒ ගැන තවදුරටත් හොයන්නේ නැත්තේ. ඒ නම ගම හොයලා මේ කතාව ලිව්වා නම් මීට වඩා සාර්ථක වෙන්න තිබුණා. ඒත් අවාසනාවකට මට ඒ පෝස්ට් හොයාගෙන, ඒ කතාව ආයෙත් මතුකරගෙන, මේ කාරණාව හාරා අවුස්සන්න හිතෙන්නේ නැහැ. හැබැයි, මේ ගැන සමාජ මාධ්‍යයේ මම සටහනක් යොදනකොට සමාජ මාධ්‍ය ඇතුළෙ අපිට මුණගැහෙන, මේනකා සුමනදාස ඇතුළු පිරිසක් ඊට පිළිතුරු දෙනවා. මේ පිළිතුරු, මට හිතුණා සමාජගත කළ යුතුයි කියලා. ඈ කියනවා කඩි කියන්නේ සමහරුන්ට මාරාන්තික ඇලජික් එකක්. කඩි නිසා මිනිස්සු මියයා හැකි බව. ඒක අපි දැන නොසිටි බවයි මගේ විශ්වාසය. ඈ තවදුරටත් කියනවා බිත්තර ඇලජික් දරුවෙක් ගැන ඈට කොහෙන්දෝ දැනගන්න ලැබුණලු. බිත්තර ඇලජික් මේ දරුවා, බිත්තර දාලා තිබූ කේක් කෑල්ලක් කාලා ජීවිතයෙන් සමුගත්ත කතාවක් ඈ විසින් මෙහිදී මතු කරනවා. මල් රේණු පවා සමහරුන්ට ඇලජික් බව ඈ ඇගේ කමෙන්ට් එක ඇතුළේ කියනවා. මේ කාරණාවේදී ඈ කියනවා ඈටත් මේ විදිහේම ප්‍රශ්න තියෙනවා කියලා.Sri Lanka Latest News

ඒ වගේම මම දැක්කා මේ සම්බන්ධව පැහැදිලි කිරීම් කීපයක්. පුෂ්පා වීරසේකර මට යම් පැහැදිලි කිරීමක් කරනවා. ඈ කියනවා තක්කාලි, අන්නාසි, බලකරවල, බලමාළු වගේ ඇලජික් වර්ග දහයක් ගැන. නමුත් පුදුමය කියන්නේ, ඈ මෙහිදී සඳහන් කරනවා, මුරුංගා, වම්බටු, රටකජු ඇලජික් වෙන බව. මේවා ඇත්තටම ඇලජික් වෙනවා කියලා අපි දන්නේ නැහැ. ඈ පැහැදිලිවම කියනවා, සමහර ෂැම්පු වර්ග ඈට ඇලජික් බව. ඒ වගේම ඈ කියනවා වේදනා නාශක එක්තරා වෙළෙඳ නාමයක බෙහෙත් පෙති වර්ග ඈට ඇලජික් වූ බව, පැරසිටමෝල් ඈට ඇලජික් වෙච්ච බව. ඒ වගේම එක්තරා සුවඳ විලවුන් වර්ග කීපයක්, ඒ වගේම රෑට ගාන ක්‍රීම් එකක් ඈට ඇලජික් කියලා කියනවා.
ඒ වගේම බොහොම හිතවතියක් වෙච්ච භාග්‍යා නිර්මාණි පැහැදිලි කරනවා, කඩි, කූඹි කියන දෙවර්ගය දෂ්ට කළාම විනාඩි කීපයක් යද්දී අපිට කලන්තේ දානවා, මටත් මගේ අම්මටත් දෙන්නටම එහෙමයි කියලා. වහාම අපි හොස්පිට්ල් යන්න ඕනේ. ඒ වගේම කිරි නැති කෑම විතරක් කන්න සිද්ධ වෙන කෙනෙක් ගැන දිල්රුක්ෂි අමරසිංහ පැහැදිලි කිරීමක් කරනවා. අයිස් ක්‍රීම් කනකොටත් ඒ දරුවට කිරි නැති ඒවා මොනවද කියලා හොයලා බලලා දෙන්න අවශ්‍යයි කියලයි ඈ කියන්නේ. මාධ්‍යවේදී නිරෝෂා දොඹගහගේ මේ ගැන පැහැදිලි කිරීමක් කරලා තියෙනවා.

මේ ලිපිය මම ලියන්නේ මේ පුංචි දරුවාට පින් සිද්ධ වෙන්න. මේ ලිපිය කියවලා ඔබ යමක් දැනගත්තොත් ඒ දරුවාට පින් දෙන්න. මතු මතු ආත්මයකවත් පුතේ, මෙවැනි මරණයක් ඔයාට අයිති වෙන්න එපා. අන්තිම දවසෙත් චුට්ටක් හරි සෙල්ලම් කරලා සන්තෝසයෙන් මියයාමේ වාසනාව ඔයාට තිබුණා. ඔයාගේ ආච්චි අම්මා පුළුවන් විදිහට ඔයාව කානිවල් එකට උස්සගෙන ගියා. ඉතින් පුතේ, ජීවිතේ කියන්නේ ඔහොම තමයි. හැබැයි වැදගත්ම දේ තමයි, ඔයා අපිට උගන්වලා ගිය පාඩම. අපි සිහි තබාගත යුතුයි, යම් ඇලජික් එකක් ඔබට දැනෙනවා නම්, ඔබට ඒ සම්බන්ධව ප්‍රශ්නයක් තියෙනවා නම්, ඔබ වහාම එක තත්පරයක් ප්‍රමාද නොවී රෝහල්ගත විය යුතුයි. රෝහල හරහා ඔබට ලැබෙන පළමු ප්‍රතිකාරයම ඔබ ලබාගත යුතුයි.

අපිට හිතෙන්න පුළුවන් සමහර දේවල් පුංචියට. සමහර දේවල් අපි එච්චර ගණන් ගත්තේ නැහැ. අපි අහලා තියෙනවා බඩ රිදිල්ලක් විතරයි තිබ්බේ,හැබැයි මියගියා. ඇඟේ කැසිල්ලක් විතරයි තිබ්බේ, හැබැයි මියගිහිල්ලා. ඇඟේ පළු දාලා තිබ්බා, හැබැයි බලද්දී මියගිහිල්ලා. අපි රෝහලට තමයි චෝදනා කරන්නේ, පද්ධතියට චෝදනා කරන්නේ. නමුත් ප්‍රශ්නේ තියෙන්නේ පද්ධතියේ නෙමෙයි. ප්‍රශ්නේ තියෙන්නේ ආසාත්මිකතාව ගැන අපිට උගන්නලා නැතිකම.

ඇත්තටම මේ ආසාත්මිකතාව කියන්නේ මොනවද කියලා අපිව දැනුවත් කළ යුතුයි. කුඩා දරුවෙක් ඉපදිලා මාස හය, හත, අට ගිහිල්ලා, ඒ දරුවා කෑම කන වයසට පත්වෙනකොටත්, ඒ දරුවාගේ ශරීරය මොන වගේ එකක්ද, ඒ දරුවාගේ ශරීරය විවිධ දේවල්වලට ප්‍රතික්‍රියා කරන්නේ මොන විදිහටද කියන එක ගැන වැඩිහිටියෝ දැනුවත් විය යුතුයි. මොකද මේ දරුවා අලුතෙන් තමයි ගොඩක් ආහාර වර්ග ගන්නේ. එතකොට ඒ නිසා, අපි දන්න පොදු ඇලජික් වෙන කෑම බීමවලට අමතරව, බොහෝ කෑම බීම ආසාත්මිකතා නිර්මාණය කරන්න පුළුවන්. ආසාත්මිකතාවක් නිර්මාණය වුණාට පස්සේ ඒ ආසාත්මිකතාව හරහා ශරීරය ඇතුළෙත් විවිධ වෙනස්කම් සිද්ධ වෙනවා. ඒවාට ක්ෂණිකව ප්‍රතිකාර ලබාගත යුතුයි. එහෙම නැතුව දවසක් දෙකක් පරක්කු වුණාම, ශරීරයේ තියෙන අංගෝපාංගවලට හානි වුණාට පස්සේ, ආයෙත් ඒ දරුවාව ජීවත් කරවන්න බැරි වෙන්න ඉඩ තියෙනවා. ඒක තමයි භයානකම සත්‍යතාව. ඒ නිසා මේ ලිපිය ගැන මීට වඩා දුක හිතෙන්න, ඇඬෙන්න, ඔබට මට ලියන්න පුළුවන්.

හැබැයි මම හිතනවා මේ දරුවාගේ කතාවත් එක්ක අපි කරන්න ඕනේ, මේ කතාවේ රසම කොටස හොයලා, දුක හිතෙන විදිහට වාර්තා කරන එක නෙමෙයි. මේ කතාවේ වැදගත්ම කොටස හොයලා, සමාජයට පණිවුඩයක් නිකුත් කරන එක. සමාජයට දෙන්න තියෙන පණිවුඩය තමයි, වතුර පවා ඇලජික් විය හැකි බව. මේ ලෝකේ ඇලජික් විය නොහැකි කිසිවක් නැති බවයි මේ ලිපිය කියවද්දි අපිට දැනුණේ. මේ සියල්ල පැහැදිලි කිරීම් කළේ ඒ ඒ පුද්ගලයෝ තමන්ගේ අත්දැකීම්වලින්, තමන්ට ඇලජික් වෙන දේවල්වලින් කරපු පැහැදිලි කිරීම් එක්ක.

සමහර අය ඉන්නවා සීතල වතුර ශරීරයට අහිතකර. සමහරු ඉන්නවා පාන් පිටි අහිතකර. සමහරු ඉන්නවා විවිධ මස් මාළු වර්ග, කෑමට ගන්න බැරි. සමහරු ඉන්නවා විවිධ පලතුරු වර්ග කන්න බැරි. එහෙම අයට, ඒකෙන් කොටසක් දීලා, ටිකක් දීලා, පොඩි විනෝදයක් ලබන්න කිසිසේත්ම නොකළ යුතු දෙයක්. ඒ නිසා මෙන්න මේ ආසාත්මිකතාව කියන එක ගැන, මේ දරුවා අපිට උගන්වලා ගිය පාඩම, අපි සමාජයට පණිවුඩයක් විදිහට භාවිත කරමු. ආයෙත් එවැනි දේවල් නොවෙන්න, දෙයක් වුණාම පළමුවැනි තත්පරයේම අවශ්‍ය පියවර ගන්න, කටයුතු කරමු.

මේ අත්තම්මා තමන්ට පුළුවන් උපරිම ඉක්මනට පියවර ගත්තා. නමුත් ඒක හරි අවාසනාවන්ත සිද්ධියක්. අවාසනාවන්ත විදිහට ඔහු මියගියා. හැබැයි මම කියන්න ඕනේ, ඒ අයගේ වරදක් නෙමෙයි. මේක තමයි යථාර්ථය, මේක තමයි ඇත්ත. නමුත්, අපි අපේ දරුවන් සම්බන්ධව දැන් අලුත් පාඩමක් ඉගෙනගෙන වැඩ කරමු. ඒක තමයි ඔබට දෙන්න තියෙන පාඩම.

Sri Lanka Latest News

ජීවන පහන් තිළිණ

SendShareShare
Previous Post

වැඩිම ඡන්දදායකයෝ ඉන්න වැඩිම මන්ත්‍රීවරු ඉන්න නායකයා සජිත් ප්‍රේමදාස! සජබ මහලේකම්ගෙන් ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News

Next Post

පක්ෂ එකතු වෙද්දි සියලු දෙනා මතක තියාගත යුතු වැදගත්ම කාරණය සජිත් ප්‍රසිද්ධියේම කියයි! VIDEO I Sri Lanka Latest News

MORE NEWS

ප්‍රභාකරන් එක්ක යුද්ධ කරපු අය ඇතුළේ ඉද්දී ප්‍රභාකරන්ගෙන් පස්සේ නායකයා වෙච්ච KP කොහොමද නඩු නැතිව දේශපාලන තීන්දු මත උතුරේ නිදහසේ ඉන්නේ..? සජබෙ අජිත් අහපු ප්‍රශ්නෙට අධිකරණ ඇමැති දීපු උත්තරේ බලන්න! I Sri Lanka Latest News
Exclusive

අවුරුදු 22ක කොල්ලෙක් කෝටි 6කට වඩා වටිනා ෆෝන්-ටැබ් හොරෙන් අරන් එද්දී කටුනායකින් මාට්ටු! I Sri Lanka Latest News
Exclusive

හොරෙන් ගෙනා සුපිරි අයිෆෝන් ඇතුළු කෝටි 5ක අලුත්ම ස්මාර්ට් ෆෝන් 300ක් කොල්ලුපිටියෙන් අල්ලයි! I Sri Lanka Latest News

ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඩෙංගු වසංගතයක් වෙලා! ඒත් සෞඛ්‍ය ඇමති නිහඬයි! ගොවියො අනාථයි! වතුකම්කරුවන්ටත් ද්‍රෝහි වුණා! ආයුර්වේද ක්ෂේත්‍රයත් විනාසයි! I Sri Lanka Latest News

ජාතීන් අතර අසමගිය හදන්න අපි කිසිසේත්ම ඉඩ දෙන්නේ නෑ! ආයෙ කතා දෙකක් නෑ ඕනම නීතියක් යොදාගනිමින් ඒ වෙනුවෙන් ක්‍රියාත්මක වෙනවා! අධිකරණ ඇමැතිගෙන් දැඩි ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

හර්ෂණට එරෙහි විශ්වාසභංගය සිකුරාදා ගන්නවා! I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

මැයි 5.5%යි! ජුනි 6.8%යි! උද්ධමනය මාසෙන් මාසෙ වැඩිවෙද්දී සිසුන්ට දැන් දෙන මහපොළ ප්‍රමාණවත්ද? VIDEO I Sri Lanka Latest News

වොෂින්ටන්වල ගොඩනැගිල්ලක් ගන්න ගිහින් ඩොලර් ලක්ෂ තුනහමාරක් වංචා කරලා! අමෙරිකා අධිකරණය ඉදිරියේ හිටපු තානාපති ජාලිය වැරැද්ද පිළිගනී! දඬුවම් නියම කිරීම ජුලි 20!
Exclusive

රාජපක්ෂ පවුලේ තවත් ඥාතියෙකුට යළි වරෙන්තු! I Sri Lanka Latest News

Load More
ප්‍රභාකරන් එක්ක යුද්ධ කරපු අය ඇතුළේ ඉද්දී ප්‍රභාකරන්ගෙන් පස්සේ නායකයා වෙච්ච KP කොහොමද නඩු නැතිව දේශපාලන තීන්දු මත උතුරේ නිදහසේ ඉන්නේ..? සජබෙ අජිත් අහපු ප්‍රශ්නෙට අධිකරණ ඇමැති දීපු උත්තරේ බලන්න! I Sri Lanka Latest News
Exclusive

ප්‍රභාකරන් එක්ක යුද්ධ කරපු අය ඇතුළේ ඉද්දී ප්‍රභාකරන්ගෙන් පස්සේ නායකයා වෙච්ච KP කොහොමද නඩු නැතිව දේශපාලන තීන්දු මත උතුරේ නිදහසේ ඉන්නේ..? සජබෙ අජිත් අහපු ප්‍රශ්නෙට අධිකරණ ඇමැති දීපු උත්තරේ බලන්න! I Sri Lanka Latest News

ප්‍රභාකරන්ගෙන් පසු කොටි සංවිධානයේ නායකයා බවට පත්වූ කුමරන් පද්මනාදන් දේශපාලන තීරණ මත නිදහසේ ගත කිරීම සම්බන්ධයෙන් අද පාර්ලිමේන්තුවේදී අජිත් පී...

Read more
අවුරුදු 22ක කොල්ලෙක් කෝටි 6කට වඩා වටිනා ෆෝන්-ටැබ් හොරෙන් අරන් එද්දී කටුනායකින් මාට්ටු! I Sri Lanka Latest News

හොරෙන් ගෙනා සුපිරි අයිෆෝන් ඇතුළු කෝටි 5ක අලුත්ම ස්මාර්ට් ෆෝන් 300ක් කොල්ලුපිටියෙන් අල්ලයි! I Sri Lanka Latest News

ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News

ඩෙංගු වසංගතයක් වෙලා! ඒත් සෞඛ්‍ය ඇමති නිහඬයි! ගොවියො අනාථයි! වතුකම්කරුවන්ටත් ද්‍රෝහි වුණා! ආයුර්වේද ක්ෂේත්‍රයත් විනාසයි! I Sri Lanka Latest News

ජාතීන් අතර අසමගිය හදන්න අපි කිසිසේත්ම ඉඩ දෙන්නේ නෑ! ආයෙ කතා දෙකක් නෑ ඕනම නීතියක් යොදාගනිමින් ඒ වෙනුවෙන් ක්‍රියාත්මක වෙනවා! අධිකරණ ඇමැතිගෙන් දැඩි ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News

හර්ෂණට එරෙහි විශ්වාසභංගය සිකුරාදා ගන්නවා! I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

මැයි 5.5%යි! ජුනි 6.8%යි! උද්ධමනය මාසෙන් මාසෙ වැඩිවෙද්දී සිසුන්ට දැන් දෙන මහපොළ ප්‍රමාණවත්ද? VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.