අද (31) හික්කඩුවේදී ඝාතනයට ලක්වූ පුද්ගලයන් දෙදෙනා රෝෂාන් ද සිල්වා හෙවත් කටා රෝෂාන් ඝාතනයේ විත්තිකරුවන් බව හික්කඩුව පොලිසිය පවසයි.
මෙම විත්තිකරුවන් කටා රෝෂාන් ඝාතනය සම්බන්ධයෙන් අධිකරණයේ විභාගවෙමින් පවතින නඩුවකට පෙනීසිටිම සඳහා ගාල්ල අධිකරණය වෙත යතුරුපැදියකින් යමින් සිට ඇත.
එසේ යමින් සිටියදී වෙනත් යතුරුපැදියකින් පැමිණි දෙදෙනෙකු ටි- 56 ගිනි අවියකින් ඔවුන්ට වෙඩිතබා ඝාතනය කර ඇති බැව පොලිසිය පවසයි.
මෙසේ ඝාතනය කර ඇත්තේ අඹගහවත්ත කලුපේ හික්කඩුව ප්‍රදේශයේ පදිංචිව සිටි අප්පුවාහන්දි ප්‍රසන්න මෙන්ඩිස් (47) සහ හෙන්දහේවගේ ඉසුරු ප්‍රසන්න (26) දෙදෙනෙකි.
2021.12.21 වැනි දින හික්කඩුව නලාගස්දෙණිය ප්‍රදේශයේ දී තියුණු ආයුධවලින් කපාකොටා රෝෂාන් ද සිල්වා ඝාතනය කරනු ලැබූ අතර, පතාල කල්ලි දෙකක් අතර පවතින් ගැටුමක් හේතුවෙන් මෙම ඝාතනය සිදුකර ඇති බව විමර්ශනවලදී අනාවරණ වී ඇත.
lankasara










