හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ පුද්ගලික නිවසට ගිනි තැබීමේ සිද්ධියට අදාළ නඩුව අධිකරණය හමුවේ කැඳවන අවස්ථාවේ අධිකරණයේ පෙනී නොසිටි සැකකරුවන් සිව්දෙනෙකුට කොටුව මහේස්ත්‍රාත් නිලුපුලී ලංකාපුර මෙනවිය වරෙන්තු නිකුත් කරමින් ඇපකරුවන්ට නොතීසි නිකුත් කළා. Sri Lanka Latest News
නඩුව කැඳවූ අවස්ථාවේ දී පෙනි නොසිටි සැකකරුවන් කිහිපදෙනෙකු වෙනුවෙන් නීතිඥවරුන් අධිකරණයට කරුණු දැක්වූ බවයි දසත අධිකරණ වාර්තාකරු පැවසුවේ.
සිද්ධිය සම්බන්ධයෙන් තවත් සැකකරුවන් පිරිසක් මුදා හැර ඇති බවත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට දන්වා සිටියා.
මෙම නඩුවේ සැකකරුවෙක් වන ජේ. ශ්‍රී රංගා, ඇන්ඩෘ ඉවෝන් පෙරේරා, කළුතර පදිංචි රයිගම් බණ්ඩාරගේ මංජු වෙත්තමුණි, ෂෙරින් වික්‍රමසිංහ, දිල්රුක් මධුශංක, අශාන් සංදීප, අන්වර් අලි, කෝරළගේ ඉන්දික ප්‍රසාද් ඇතුළු සැකකරුවන් පිරිසක් විවෘත අධිකරණයේ පෙනී සිටියා.
පසුගිය 2022 වසරේ ජූලි මස 09 වැනිදා හිටපු ජනාධිපතිවරයාටගේ නිවසට ගිනි තැබූ අවස්ථාවේ දී ගිනි නිවීමට පැමිණි ගිනි නිවන හමුදාවේ වාහනයකට ඇතුළු වීමට ඉඩ නොදී රජයේ සේවකයින්ට අයුතු අවහිරයක් කළ බවට සැකකරුවන්ට එරෙහිව චෝදනා ගොනු කර තිබෙනවා.










