දූෂණ චෝදනා එල්ල වී තිබෙන වියට්නාම ජනාධිපති, Vo Van Thuong එම ධූරයෙන් ඉල්ලා අස් වූ බව නිවේදනය කර තිබේ.Sri Lanka Latest News
ඉල්ලා අස්වූ ජනාධිපතිවරයා එම ධූරයට පත්ව තිබුණේ පසුගිය වසරේ මාර්තු මාසයේ දී ය.
ඒ, ඊට පෙර සිටි ජනාධිපතිවරයාද දූෂණ චෝදනා එල්ල වීම හේතුවෙන් ධූරයෙන් ඉවත්ව යාමෙන් පසුව ය.
වියට්නාමයේ වඩාත්ම බලවත් තනතුර ජනාධිපති ධූරය නොවේ.
වියට්නාමය කොමියුනිස්ට් පාලනයක් සහිත රටක් වන අතර, එහි වඩාත්ම බලගතු චරිත කොමියුනිස්ට් පක්ෂයේ ලේකම්ර ධූරයයි.
වියට්නාම කොමියුනිස්ට් පක්ෂය දැඩි දූෂණ විරෝධී ප්‍රතිපත්තියක් අනුගමනය කරන අතර, දූෂණ ක්‍රියාවලට සම්බන්ධ කිසිවෙකුට කිසිදු සමාවක් හිමි නොවන බව පැවසේ.









