කරකාස් නුවර අහස සිපගන්නා ගොඩනැගිලි අතරින් වරෙක ඇසුණේ දකුණු ඇමෙරිකාවේ පොහොසත්ම ජාතියක අභිමානයයි. එහෙත් අද ඒ වීදි පුරා දෝංකාර දෙන්නේ බඩගින්නේ හඬන දරුවන්ගේ විලාපයත්, මදුරෝගේ රහස් පොලිසියේ සන්නද්ධ රථවල ගෙරවුම් හඬත් පමණි. හියුගෝ චාවේස් නම් දැවැන්තයාගේ සෙවනැල්ලේ සිට බලයට පැමිණි නිකොලස් මදුරෝ, වෙනිසියුලාව නම් මනරම් දේශය දේශපාලන සහ ආර්ථික අගාධයකට ඇද දැමුවේ ‘සමාජවාදයේ’ රතු වර්ණයෙන් මුළු රටම ලේ විලක් කරමිනි. මෙය හුදෙක් එක් රටක බිඳවැටීමක් පමණක් නොව, වාමවාදී අන්තවාදය දෙසට ගමන් කරන ඕනෑම ආණ්ඩුවකට ඉතිහාසය විසින් ලියා තැබූ මරණීය අනතුරු ඇඟවීමකි.
මදුරෝගේ පාලන තන්ත්‍රය මුල සිටම ක්‍රියාත්මක වූයේ ප්‍රජාතන්ත්‍රවාදයේ මළගම සනිටුහන් කරමිනි. ඔහු මුලින්ම අත තැබුවේ රටේ හදවත බඳු වූ නිදහස් මාධ්‍ය වෙතටය. පාලකයාගේ වැරදි පෙන්වා දෙන මාධ්‍යවේදියා ‘ඇමෙරිකානු ඔත්තුකරුවෙකු’ ලෙස හංවඩු ගැසීම සාමාන්‍ය දෙයක් බවට පත් විය. ‘එල් නැෂනල්’ (ෑක භ්ජසදබ්ක) වැනි දශක ගණනාවක් ජනතාවගේ හඬ වූ පුවත්පත් මර්දනය කරමින්, ඒවායේ හිමිකාරිත්වය බලහත්කාරයෙන් අත්පත් කරගැනීමට මදුරෝ කටයුතු කළේය. මාධ්‍ය මර්දනය කෙතරම් දරුණු වූවාද කිවහොත්, රූපවාහිනී නාලිකාවලට රටේ උද්ධමනය හෝ ආහාර හිඟය ගැන කතාකිරීම පවා තහනම් කෙරිණි. සත්‍යය පවසන මාධ්‍යවේදියාට උරුම වූයේ හිරගෙදර අඳුරු කුටිය හෝ වෙඩි උණ්ඩයයි. ජනතාවට තොරතුරු ලැබෙන මූලාශ්‍ර සියල්ල වසා දැමූ මදුරෝ, මුළු රටම තමන්ගේ ප්‍රචාරක යන්ත්‍රයක සිරකරුවෙකු බවට පත්කළේය.Sri Lanka Latest News
මෙම මර්දනය එතැනින් නැවතුණේ නැත. විපක්ෂය යනු ප්‍රජාතන්ත්‍රවාදයේ ආරක්ෂකයා වුවද, මදුරෝට අනුව විපක්ෂය යනු සමූලඝාතනය කළ යුතු සතුරාය. තමන්ට අභියෝග කළ හැකි සෑම දේශපාලන නායකයෙකුම කුමන්ත්‍රණ චෝදනා මත සිරගත කරනු ලැබීය. ලියෝපෝල්ඩෝ ලෝපෙස් සහ ජුවාන් ගුවයිඩෝ වැනි නායකයන් දඩයම් කරමින්, මැතිවරණ කොමිසම රූකඩයක් කර ගනිමින් මදුරෝ ඡන්ද කොල්ලකෑමේ කලාව ලොවටම පෙන්වා දුන්නේය. සාමකාමීව වීදි බැස විරෝධය පෑ තරුණ තරුණියන්ට එරෙහිව ‘කොලෙක්ටිවෝස්’ (ක්‍දකැජඑසඩදි) නමැති රජයේ අනුග්‍රහය ලබන සන්නද්ධ මැර කල්ලි යොදවා සිදුකළ මනුෂ්‍ය ඝාතන දෙස ලෝකය බලා සිටියේ පිළිකුලෙනි.
ආර්ථිකය කළමනාකරණය කිරීමේදී මදුරෝ අනුගමනය කළ අමනෝඥ පිළිවෙත වැනිසියුලානු බොලිවර් මුදල පදික වේදිකාවේ වීසි කරන කඩදාසි කැබැල්ලක මට්ටමට ඇදදැමීය. ලොව විශාලතම තෙල් සම්පතට හිමිකම් කියූ රටකට, තෙල් පිරිපහදු කර ගැනීමට පවා නොහැකි වන තරමට රාජ්‍ය ආයතන දූෂණයෙන් සහ අකාර්යක්ෂමතාවයෙන් පිරී ගියේය. රතු පැහැති ඇඳුමින් සැරසුණු, මදුරෝගේ හිතවත් නිලධාරී පැලැන්තිය සුඛෝපභෝගී ජීවිත ගත කරන විට, රටේ සාමාන්‍ය ජනතාවට තම දරුවන්ට කිරිපිටි පැකට්ටුවක් සොයා ගැනීමට සැතපුම් ගණන් පෝලිම්වල ලගින්නට සිදුවිය. උද්ධමනය මිලියන ගණනින් ඉහළ යද්දී මිලියන 7කට අධික ජනතාවක් තම මවුබිම හැර පලාගියේ නිරුවතින් සහ බඩගින්නෙනි.
මෙය සියල්ල එකට බැලූවිට, වෙනිසියුලාව යනු අහම්බෙන් වැටුණු රටක් නොවෙයි. එය සැලසුම් සහගතව, අදහස් මත, වාද මත, සහ අධිකාරී ලාංඡන මත විනාශයට ගෙන ගිය රටකි. විපක්ෂය මර්දනය කරමින්, මාධ්‍ය නිහඬ කරමින් සහ ජනතාවට ව්‍යාජ සිහින පෙන්වා ඔවුන් මුළා කරමින් බලය රැක ගැනීමට උත්සාහ කරන පාලකයෙකුගේ අවසානය කෙතරම් බියකරුද යන්න මෙයින් මනාව පැහැදිලි වේ. ‘ජනතාව වෙනුවෙන්’ යන උත්කෘෂ්ට වාක්‍යය පලිහක් කරගෙන ජනතාවම මර්දනය කළ ආණ්ඩුවක අවසාන ප්‍රතිඵලය මෙයයි.
අද ලෝකයේ වෙනත් රටවලද, රතු වර්ණයෙන් සැරසුණු හෝ වාමංශික වාදයෙන් බලයට එන පාලකයන්, මාධ්‍ය ‘සංශෝධනය’ ගැන, ‘ජාතික අරමුණ’ ගැන, ‘විනය’ ගැන කතාකරද්දී, වෙනිසියුලාව අනාගතය දැකිය හැකි කැඩපතක් ලෙස භාවිත නොකළහොත්, ඉතිහාසය නැවත ලියැවෙනු ඇත. නාම, මුහුණු සහ කොඩි පමණක් වෙනස් වෙමින්.
වෙනිසියුලාව අපට කියා දෙන්නේ සරල, නමුත් අමාරු පාඩමක්. නිදහස නැති සමානත්වය බොරුවකි. විවේචනය නැති විප්ලවය වංචාවකි. මාධ්‍ය නිහඬ කරමින්, විපක්ෂය මර්දනය කරමින් සහ ජනතාව මුළා කරමින් ගොඩනගන ඕනෑම රාජ්‍යයක්, අවසානයේදී තමන්ම තමන්ගේ සොහොන් වළ කැපීමක් පමණි. පාලකයකු තමන් ජනතාවට වඩා ඉහළින් සිටින බව සිතන මොහොතේ සිට එම රටේ විනාශය ආරම්භ වේ. අවසානයේදී ඉතිරි වන්නේ මර්දනය කළ පාලකයාගේ නම ඉදිරියේ ලියැවුණු ඉතිහාසයේ කළු පැල්ලම සහ අළු දූවිලි බවට පත්වූ දේශයක් පමණි.
එස්.එම්. පතිනායක










