• About us
  • Contact us
Friday, July 24, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

අද ඉඳන් වාහන ගේන්න පුලුවන්! හැබැයි කොන්දේසි 9ක් දාලා! I Sri Lanka Latest News‍

February 1, 2025
in Exclusive
Reading Time: 5 mins read
A A
වාහන ‌රටින් ගෙන්වන්න පුලුවන් ගැසට් එක හෙට අනිද්දාම එළියට එනවා! ගේන්න පුලුවන් වාහන වර්ග-ඩොලරයට ආපහු වෙන්න යන දේ මෙන්න! Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

2020 වර්ෂයේ මුල භාගයේ සිට ක්‍රියාත්මක වූ තාවකාලික ආනයන සීමා ඉවත් කරමින් සංයෝජිත වර්ගීකරණ සංකේතාංක 304ක් යටතේ වර්ගීකරණය වන පුද්ගලික භාවිතය සඳහා යොදා ගන්නා වාහන ආනයනයට අවසර ලබා දෙමින් අද (01) සිට ක්‍රියාත්මක වන පරිදි 2421/44 දරන ගැසට් නිවේදනය ප්‍රකාශයට පත් කර ඇත.Sri Lanka Latest News‍

ඒ අනුව කාර්, වෑන් ආදී මෝටර් වාහන, පොදු ප්‍රවාහන කටයුතු සඳහා යොදා ගන්නා බස් රථ, භාණ්ඩ ප්‍රවාහනය සඳහා යොදා ගන්නා මෝටර් වාහන, විශේෂ කාර්යයන් සඳහා යොදා ගන්නා රථ, ත්‍රී රෝද රථ, යතුරුපැදි සහ අනෙකුත් මෝටර් එන්ජින් භාවිතා නොවන අයිතම සඳහා මෙලෙස ආනයනයට අවසර හිමිව ඇත. 

විදේශ විනිමය සංචිත ආරක්ෂා කිරීම, විදේශ විනිමය වැයකරමින් විශාල ප්‍රමාණයෙන් වාහන ආනයනය කර තොග රැස් කිරීම අධෛර්යයමත් කිරීම, රාජ්‍ය ආදායම වැඩිකර ගැනීම ආදී කරුණු සැලකිල්ලට ගනිමින්, රට තුළ සිදුවන සාමාන්‍ය ආර්ථික කටයුතු දිරිමත් කිරීමේ සහ ආර්ථික ස්ථාවරභාවය සුරක්ෂිත කිරීමේ අරමුණු සහිතව වාහන ආනයනයට අදාළව පහත කොන්දේසි මුදල්, ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යාංශ්‍ය විසින් ප්‍රකාශයට පත් කර ඇත.

ඒ අනුව, 

1.    මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි ආනයනකරුවන් සහ රාජ්‍ය ආයතන විසින් මින් පනවනු ලබන රෙගුලාසිවලට යටත්ව වාහන ප්‍රමාණය ආනයනය කළ හැක.

2.    ඉහත (1) ඡේදයේ සඳහන් ආනයනකරුවන් හැර අනෙකුත් ආනයනකරුවන්ට මාස 12ක කාලසීමාවක් තුළ එක් මෝටර් වාහනයක් පමණක් ආනයනය කළ හැක.

3.    ආනයනය කරනු ලබන ඕනෑම මෝටර් වාහනයක් ගැනුම්කරුගේ නමට (ලියාපදිංචි ආනයනකරුවකුගෙන් මිල දී ගන්නා අවස්ථාවක දී) හෝ ආනයනකරුගේ නමට එකී මෝටර් වාහනයට අදාළ ආයාත බිල් පත්‍රයේ/ රේගු සටහන්කරයේ දිනයේ සිට දින 90ක් ඇතුළත මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි කළ යුතුය.

4.    මෝටර් වාහන ලියාපදිංචි කිරීම සඳහා ආනයනකරු හෝ ගැනුම්කරු විසින් දේශීය ආදායම් දෙපාර්තමේන්තුව විසින් නිකුත් කරනු ලබන බදු ගෙවන්නා හඳුනාගැනීමේ අංකය (TIN) ඇතුළත් දිවුරුම් ප්‍රකාශයක් සමඟින් අනෙකුත් අවශ්‍ය සියලු ලේඛන මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල්වරයා වෙත ඉදිරිපත් කළ යුතුය.

තවද, ඉහත (1) ඡේදයේ සඳහන් ආනයනකරුවන් හැර අනෙකුත් ආනයනකරුවන් විසින් සිය දෙවන වාහනය ආනයනය කිරීමේ දී, තම ප්‍රථම වාහනය ආනයනය කළ දින සිට (රේගු සටහන්කරයේ දින සිට) මාස 12ක කාලයක් ඇතුළත වෙනත් වාහනයක් ආනයනය නොකළ බව ද එකී දිවුරුම් ප්‍රකාශයේ සඳහන් කළ යුතුය.

5.    යම් ආනයනකරුවෙකු දින 90ක් ඇතුළක ආනයනික මෝටර් වාහනයක් ලියාපදිංචි කිරීමට අපොහොසත් වුවහොත්, එම මොටර් වාහනය ලියාපදිංචි කරන අවස්ථාවේ දී, මෝටර් වාහනයේ පිරිවැය, රක්ෂණ හා නැව් ගාස්තු අගයෙන් (CIF Value) 45%ක උපරිම සීමාවකට යටත්ව, මාසික CIF අගයෙන් 3% බැගින් අයකරනු ලබන ප්‍රමාද ගාස්තු ගෙවීමට එකී ආනයනකරුට සිදුවේ.

6.    කිසිදු අවස්ථාවක දී, මාසික ප්‍රමාද ගාස්තුව ගෙවීම සම්බන්ධයෙන් ගාස්තු අත්හැරීමක් ප්‍රදානය කරනු නොලැබේ.

7.    මෝටර් වාහනයේ වයස නිර්ණය කිරීමේ දී, එකී මෝටර් වාහනයේ නිෂ්පාදිත දිනය සහ නෞභාර පත්‍රයේ/ ගුවන් භාර පත්‍රයේ දිනය අතර කාලය ගණනය කළ යුතුය.

8.    සහනදායී බදු අනුප්‍රමාණ යටතේ මෝටර් වාහන ආනයනය කිරීම සඳහා නිකුත් කරන බලපත්‍ර භාවිත කරමින් කිසිදු මෝටර් රථයක් ආනයනය කිරීම සඳහා හෝ රේගුවෙන් නිදහස් කිරීම සඳහා අවසර ලබාදෙනු නොලැබේ.

9.    දැනට ක්‍රියාත්මක රීති සහ රෙගුලාසි උල්ලංඝනය කරමින් යම් මෝටර් වාහනයක් ආනයනය කළහොත්, එකී මෝටර් වාහන (වාහන) රේගු සටහන්කරයේ දිනයේ සිට දින 90ක් ඇතුළත අදාළ ආනයනකරු විසින් ප්‍රතිඅපනයනය කළ යුතුය.

තවද, තීරුබදු නිදහස් කිරීමේ රේගු ආඥා පනත යටතේ විධි විධාන අනුව අය නොකළ තීරුබදු නැවත බලාත්මක කිරීම සඳහා 1962 අංක 19 දරන ආදායම් සංරක්ෂණ පනත යටතේ 2025 ජනවාරි මස 27 දිනැති අංක 2421/05 දරන ගැසට් නිවේදනය ප්‍රකාශයට පත් කරන ලදී. ඒ අනුව රේගු සංකේතාංක පරිච්ඡේද අංක 87හි ඇතුලත් වන ම‌ෝටර් වාහන ආනයනය කිරීමේ දී වාහනයේ පිරිවැය, රක්ෂණ, නැව් ගාස්තු අගයෙන් (CIF Value) 20%ක තීරු බද්ද අය කිරීම 2025 ජනවාරි මස 28 දින සිට බලාත්මක කරන ලදී.

එසේ වුවද, මෝටර් වාහන ආනයනයේ දී වාහනයේ පිරිවැය, රක්ෂණ, නැව් ගාස්තු අගයෙන් 30%ක තීරු බද්දක් අය වන පරිදි, රේගු ආඥාපනතේ 10 (අ) වගන්තිය යටතේ අධිභාරයක් පැනවීම සඳහා 2025 ජනවාරි මස 31 දිනැති අංක 2421/43 දරන ගැසට් නිවේදනය 2025 පෙබරවාරි 01 දින සිට ක්‍රියාත්මක වන පරිදි ප්‍රකාශයට පත්කර ඇත.

ඒ අනුව දැනට ක්‍රියාත්මක 20%ක් වූ තීරුබද්ද සහ ඒ මත ක්‍රියාත්මක කරනු ලබන 50%ක අධිභාරය සමඟ රේගු ආඥා පනත (235) වන අධිකාය) යටතේ මුළු තීරු බදු ලෙස 30% ප්‍රමාණයක් මෝටර් වාහන ආනයනය සඳහා අයවන ලෙස විධිවිධාන සලසා ඇත.

SendShareShare
Previous Post

ඩීසල්-පෙට්‍රල් අඩු කළේ නෑ! සුපර් ඩීසල් විතරක් 18කින් වැඩි කරලා! I Sri Lanka Latest News‍

Next Post

මහබැංකුවට ගහපු එක්කෙනයි.. ඔස්ට්‍රේලියානුවෙකුට ගහපු එක්කෙනයි.. ඛනිජ තෙල් සංස්ථාවට ගහපු කෙනයි..! ගහපු සෙට් එක ඊයෙ හම්බවෙලා එකතුවෙන්න යනවා! ඔය හදන්නේ මේ පරීක්ෂණ නවත්වන්න! ඒවා හරියන්නේ නෑ! අනුර හොරුන්ගේ සන්ධානය පතුරු අරියි! VIDEO I Sri Lanka Latest News‍

MORE NEWS

ට්‍රම්ප් ගහපු අත්සනකින් ලංකාවටත් කෙළවෙන්න වගේ යන්නේ! විදෙස් රටවලට දුන් සියලුම ආධාර අත්හිටුවන්න නියෝගයක්! USAID එකෙන් ලංකාවට දීපු ආධාරත් නවතී! 2023දී විතරක් අමෙරිකාව ඩොලර් බිලියන 68ක් ආධාර ලෝකෙට බෙදලා! VIDEO I Sri Lanka Latest News
Exclusive

අනුර ගැසට් එක ගැහුවා! ට්‍රම්ප් තීරු බද්ද අඩු කළා! I Sri Lanka Latest News

රෝහලට ඇතුළත් කළත් සලේ තාම කෑම වර්ජනයේ! සලේගේ පැමිණිල්ල විභාග කරන්න CID නිලධාරීන්ට මානව හිමිකම් කොමිසම එන්න කියයි! I Sri Lanka Latest News
Exclusive

සලේට හෘදය සැත්කමක් කරලා! I Sri Lanka Latest News

මිනීමැරීම් ඇතුළු විවිධ අපරාධ කළ 4ක් අත්අඩංගුවට! Sri Lanka Latest News
Exclusive

චීන පාතාලයත් ලංකාවට බැහැලා! පෝර්ට් සිටියේ යුද්ධයක්! එක කල්ලියක් තවත් කල්ලියක තුන්දෙනකු පැහැරගෙන! එක චීනෙකුගේ මළ සිරුරක් ඇහැළියගොඩදී හමුවෙයි! කට්ටියක් රටින් පනින්න හදද්දී කටුනායකදී අල්ලගනී! I Sri Lanka Latest News

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!
Exclusive

දවසේ තුන්වැනි වෙඩිල්ල වත්තලදී! කුඩා දරුවකුගේ උපන්දින සාදයකදී පත්තු වූ වෙඩිල්ලෙන් අයෙක් මරුට! I Sri Lanka Latest News

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!
Exclusive

දවසේ දෙවැනි වෙඩිල්ල දෙමටගොඩින් පත්තු වුණා! I Sri Lanka Latest News

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News
Exclusive

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

Load More
ට්‍රම්ප් ගහපු අත්සනකින් ලංකාවටත් කෙළවෙන්න වගේ යන්නේ! විදෙස් රටවලට දුන් සියලුම ආධාර අත්හිටුවන්න නියෝගයක්! USAID එකෙන් ලංකාවට දීපු ආධාරත් නවතී! 2023දී විතරක් අමෙරිකාව ඩොලර් බිලියන 68ක් ආධාර ලෝකෙට බෙදලා! VIDEO I Sri Lanka Latest News
Exclusive

අනුර ගැසට් එක ගැහුවා! ට්‍රම්ප් තීරු බද්ද අඩු කළා! I Sri Lanka Latest News

අමෙරිකාව විසින් දැනට ක්‍රියාත්මක කර ඇති 10%ක තීරු බදු කාලසීමාව අවසන් වීමත් සමග, ශ්‍රී ලංකාව ඇතුළු වෙළෙඳ හවුල්කාර රටවල් 60ක්...

Read more
රෝහලට ඇතුළත් කළත් සලේ තාම කෑම වර්ජනයේ! සලේගේ පැමිණිල්ල විභාග කරන්න CID නිලධාරීන්ට මානව හිමිකම් කොමිසම එන්න කියයි! I Sri Lanka Latest News

සලේට හෘදය සැත්කමක් කරලා! I Sri Lanka Latest News

මිනීමැරීම් ඇතුළු විවිධ අපරාධ කළ 4ක් අත්අඩංගුවට! Sri Lanka Latest News

චීන පාතාලයත් ලංකාවට බැහැලා! පෝර්ට් සිටියේ යුද්ධයක්! එක කල්ලියක් තවත් කල්ලියක තුන්දෙනකු පැහැරගෙන! එක චීනෙකුගේ මළ සිරුරක් ඇහැළියගොඩදී හමුවෙයි! කට්ටියක් රටින් පනින්න හදද්දී කටුනායකදී අල්ලගනී! I Sri Lanka Latest News

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!

දවසේ තුන්වැනි වෙඩිල්ල වත්තලදී! කුඩා දරුවකුගේ උපන්දින සාදයකදී පත්තු වූ වෙඩිල්ලෙන් අයෙක් මරුට! I Sri Lanka Latest News

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!

දවසේ දෙවැනි වෙඩිල්ල දෙමටගොඩින් පත්තු වුණා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.