හිටපු අමාත්‍ය වාසුදේව නානායක්කාර මහතා යනු රාජපක්ෂ පවුලේ එදා සිටම සිටි සුරතලකු බවත්, ඔහු රාජපක්ෂවරුන් විසින් විපක්ෂය කඩා බිද දැමීමට එවනු ලැබූ පිල්ලියක් බවට පත්ව සිටින බවත් සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරුන් පිරිසක් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාට දැනුම් දීමට පියවර ගෙන ඇත.
ඊයේ රාත්‍රියේ පැවැති පක්ෂයේ විශේෂ රැස්වීමකදී මන්ත්‍රීවරුන් විසින් ප්‍රේමදාස මහතාට මේ බව පෙන්වා දෙනු ලැබ තිබේ.
එම නිසා වහාම වාසුදේවට පක්ෂය ප්‍රතිචාර දැක්වීමට කටයුතු කළ යුතු බවද එම මන්ත්‍රීවරු විපක්ෂනායකවරයාට දැනුම් දී තිබේ.
එදා සිටම වාසුදේව නානායක්කාර මහතා කළේ රාජපක්ෂ පවුල ආරක්ෂා කිරීම බව එහිදී කියා ඇති මන්ත්‍රීවරුන් රාජපක්ෂවරුන් විසින් මේ මොහොතේ විපක්ෂයේ සමගිය කඩා බිද දැමීම සදහා වාසුදේව උපයෝගී කරගෙන ඇති බවද පෙන්වා දී ඇත.










