තමන් ඌව ආණ්ඩුකාර ධූරයෙන් ඉල්ලා අස්වන බව දැනුම් දෙමින් ඒ.ජේ.එම්. මුසම්මිල් මහතා ජනාධිපතිවරයා වෙත අද දිනයේ සිය ඉල්ලා අස්වීමේ ලිපිය යොමු කොට තිබේ.Sri Lanka Latest News
තමන් මෙතෙක් එම ධූරයේ වෘත්තීය බව ආරක්ෂා කරගනිමින් කටයුතු කළ නමුත් තවත් ආණ්ඩුකාරවරුන් කිහිප දෙනකු ප්‍රසිද්ධියේ ජනාධිපතිවරයාට පක්ෂපාතී ස්ථාවරයක සිට කටයුතු කිරීම තමන්ගේ මෙම ඉල්ලා අස්වීමට හේතුව බව ඒ මහතා සිය ලිපිය මගින් දැනුම් දී ඇත.
ඒ අනුව තවදුරටත් අදාළ ධූරයේ කටයුතු කළ නොහැකි බැවින් තමන් ඉන් ඉල්ලා අස්වී විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතාට සහාය දැක්වීමට තීරණය කළ බවද ඒ මහතා සිය ලිපිය මගින් දැනුම් දී තිබේ.
ඒ මහතා යැවූ ඉල්ලා අස්වීම පහත දැක්වේ.