එක්සත් ජනපද ජනාධිපති ජෝ බයිඩන් මහතා විසින් ලොව පුරා හිට්ලර් ඇදහිලිවන්තයන් ඉතා පැහැදිලි ලෙස හෙළා දකිමින් ටිවිටර් පණිවුඩයක් නිකුත් කොට තිබේ.
“හිට්ලර් යක්ෂ චරිතයක් විය… නිශ්ශබ්දතාවය ඔහුට කරන හවුල්කාරිත්වයකි” යනුවෙන් හෙතෙම දැඩි ලෙස ප්‍රකාශ කොට ඇත.
“මට කරුණු කිහිපයක් පැහැදිලි කිරීමට අවශ්‍යයි: සමූලඝාතනය සිදු වුණා. හිට්ලර් යක්ෂ චරිතයක්. ඊට වේදිකාවක් දෙනවා වෙනුවට අපේ දේශපාලන නායකයන් කළ යුත්තේ යුදෙව් විරෝධය කොතැනක සැඟවුණත් එය ප්‍රතික්ෂේප කිරීමයි. නිශ්ශබ්දතාවය හවුල්කාරිත්වයකි, ” යනුවෙන් බයිඩන් සදහන් කොට ඇත.
බයිඩන්ගේ මෙම ප්‍රකාශය සිදු වූයේ මතභේදාත්මක රැප් ගායක Kanye West විසින් “මම හිට්ලර් ගැන හොඳ දේවල් දකිමි”, “මම හිට්ලර්ට කැමතියි” සහ “මම නාසීන්ට ආදරෙයි” යනුවෙන් බොහෝ ප්‍රසිද්ධ සම්මුඛ සාකච්ඡා මාලාවකදී ප්‍රකාශ කිරීමෙන් පසුවය.










