• About us
  • Contact us
Wednesday, July 22, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Gurudawa

‘අපි පොතට කලින් හැමදාමත් පිටකවරෙම බැලුවේ..!’ උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය! I Sri Lanka Latest News

December 21, 2024
in Exclusive, Gurudawa
Reading Time: 4 mins read
A A
‘අපි පොතට කලින් හැමදාමත් පිටකවරෙම බැලුවේ..!’ උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය! I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

ලංකාවට ජංගම දුරකතනය හඳුන්වලා දෙන්නේ රණසිංහ ප්‍රේමදාසය. ලංකාවේ පළමු ජංගම දුරකතනයට ඒ දවස්වල කිව්වේ ගඩොල් කැටේ කියලාය. ඒ වගේම ලංකාව පළමු වරට අන්තර්ජාලය සම්බන්ධ කරගත්තේත් ප්‍රේමදාසගේ කාලයේය. ප්‍රේමදාස ලංකාවට අන්තර්ජාලය ගේන වැඩේ බාරදෙන්නේ එවක විද්‍යා සහ තාක්ෂණ ඇමැති රනිල්ටය.Sri Lanka Latest News

හැබැයි තමා ලංකාවට හඳුන්වා දෙන ජංගම දුරකතනයෙන් සහ අන්තර්ජාලයෙන් තම පුතාගේ දේශපාලන චරිතය ඝාතනය කරයි කියලා ප්‍රේමදාස හීනෙන්වත් හිතන්නේ නැතුව ඇත.

ලංකාවේ සමාජ මාධ්‍යවලින් සජිත් තරම් මඩ කාපු දේශපාලනඥයෙක් නැත. ඒ වගේම ලංකාවේ පත්තරවලින් ප්‍රේමදාස තරම් මඩ කාපු නායකයෙක් නැත. ලංකාවට පළමුව රූපවාහිනිය හඳුන්වා දෙන්නේ රනිල්ගේ ලොකු අයියා ශාන් වික්‍රමසිංහය. ඒ, අයි.ටී.එන්.ය. හැබැයි රනිල් තරම් ටී.වී.වලින් මඩ කාපු නායකයෙක් නැත. මඩ ගහලම ඔහුගේ දේශපාලන චරිතය ඝාතනය කළේ ඔහුගේ ලොකු අයියා ලංකාවට හඳුන්වලා දුන්න අයි.ටී.එන්. සහ ඔහුගේ මාමා ජේ.ආර්.ට ජපානයෙන් තෑගි ලැබුණු රූපවාහිනියෙන්ය.

ලංකාවේ සමාජ මාධ්‍ය දේශපාලනය පටන් ගත්තේ 2015දී වුණාට සමාජ මාධ්‍යවලින් දේශපාලන රැල්ල හැදුවේ 2019දීය. ඒ රැල්ල තම හතුරා කරගත්තේ සජිත්වය. හේතුව 2019 ජනාධිපතිවරණයේ සජිත් යූ.ඇන්.පී. අපේක්ෂකයා වීම නිසාය.

1994 චන්ද්‍රිකා ජනාධිපති වුණාට පසු රටේ විපක්ෂ නායක වූ රනිල්ට රට හදන්න පුළුවන් කියා මතයක් සමාජගත වන විට චන්ද්‍රිකාගේ ගොබෙල්ස් මංගල කළේ රනිල්ව මිස්ටර් බීන්ට අන්දවා ජෝකරයෙක් කිරීමය. ඔහු රනිල්ට බෑ කියලා මිනිස්සුන්ගේ ඔළුවට දැම්මේත් රනිල්ගේ නොහැකියාව පෙන්වන්නටය. ඒ කාලේ රනිල් කරන කතා විකෘති කොට රනිල් ලංකාවේ ඉතිහාසයවත් නොදන්නා මෝඩ කතා කියන මැටි මෝලෙක් යැයි මංගල රාජ්‍ය මාධ්‍ය හරහා පෙන්නුවේය.

මංගල ඒක කළේ ටී.වී. එකෙන්ය. 2001ට පසු ජවිපෙත් රනිල්ව මෝඩයා කරන ජෝකර් කරන මංගලගේ වැඩේට කර ගැහුවේය.

සජිත්ට ‘මෝඩ පුතාණෝ’ යැයි ගහන්න පටන් ගත්තේ ගෝඨාභයගේ සමාජ මාධ්‍ය ජාලයය. 2019 ජනාධිපතිවරණයේදී සජිත් කරන කතා විකෘති කොට ඔවුන් සජිත්ව ජෝකර් කෙනෙක් කළේය. සජිත් 2019 පරාජය වුණේ ඒ සමාජ මාධ්‍ය මඩවලින්ය. පාස්කු බෝම්බයට සහ බැඳුම්කර වංචාවට මෛත්‍රීට සහ රනිල්ට ගහන්න ඕනා මඩත් කෑවේ සජිත්ය.

හැබැයි සජිත්ගේ අධ්‍යාපන සුදුසුකම්වලට මඩ ගහන්න පටන් ගත්තේ රනිල්ගේ ගෝලයන්ය. 2010 මහ මැතිවරණයට පසු යූ.ඇන්.පී. නායකත්වය සජිත්ට දිය යුතු යැයි පක්ෂය තුළින්ම මහා රැල්ලක් හැදෙද්දී රනිල් ඉංග්‍රීසි වෙබ් අඩවියක් අල්ලාගෙන සජිත්ගේ උපාධි සහතික බොරු කියන්න ලොකු මඩක් ගැහුවේය. සජිත් උපාධිය ගත්ත ලන්ඩන් ස්කූල් ඔෆ් ඉකොනොමික්ස් විශ්වවිද්‍යාලයෙන් රනිල්ගේ ලණුව කෑ මේ වෙබ් අඩවිය සජිත්ගේ උපාධිය ගැන අහනකොට එම විශ්වවිද්‍යාලය ලිඛිතව දුන්න උත්තරය මෙයය.

‘අපගේ වාර්තා සඳහන් කරන්නේ සජිත් ප්‍රේමදාස ලන්ඩන් ස්කූල් ඔෆ් ඉකොනොමික්ස් හි ජාත්‍යන්තර සබඳතා පිළිබඳ උපාධියක් ලබාගෙන ඇති බවයි.
2013.10.03

ලන්ඩන් ස්කූල් ඔෆ් ඉකොනොමික්ස්

ඒත් රනිල් සහ ඔහුගේ ගෝලයෝ මේ වැඩේ අතහැරියේ නැත. සජිත්ට මේ උපාධි මඩේම ගහගෙන ගියහ. මේ මඩේ 2019 ජනාධිපතිවරණයේදී ගෝඨාගේ සමාජ මාධ්‍ය මෙහෙයවන්නන් අතට පත්විය. සජිත්ගේ උපාධිය බොරු යැයි කියමින් ඔවුහු හතර අතේ සජිත්ට මඩ ගහන්න පටන් ගත්හ. ජවිපෙ සහ ජාතික ජන බලවේගයේ සමාජ මාධ්‍යකාරයන්ද ගෝඨාගේ මේ මඩ නැවට ගොඩවුණේ සජිත්ට වඩා අනුර උගත් කියලා පෙන්වන්නටය.

2019 ජනාධිපතිවරණය පරාජයට පත්වී සජිත් විපක්ෂ නායක වූ විට අනුර ප්‍රසිද්ධ ප්‍රකාශයක් කරමින් කීවේ සජිත්ගේ ඔළුව පරීක්ෂා කර බැලිය යුතු යැයි කියාය. ගෝඨාව ජනාධිපති කළ සමාජ මාධ්‍යම ‘ගෝඨා ෆේල්’ කැම්පේන් එකට එක්වෙද්දී සජිත් ඒ සමාජ මාධ්‍යවල වීරයා වෙයි කියා අනුර සහ ජවිපෙ බය විය. සජිත්ව මෝඩයා කරන ගෝඨාගේ සමාජ මාධ්‍ය කැම්පේන් එකේ බැටන් පොල්ල ජවිපෙ සහ ජාතික ජන බලවේගය අතට ගත්තේ එතැන් සිටය.

ලංකාවේ ලන්ඩන් ස්කූල් ඔෆ් ඉකොනොමික්ස් විශ්වවිද්‍යාලයේ උපාධියක් ගත්ත ප්‍රබල දේශපාලනඥයා ආචාර්ය ඇන්.ඇම්. පෙරේරාය. ඇන්.ඇම්. පෙරේරාට පසු ලන්ඩන් ස්කූල් ඔෆ් ඉකොනොමික්ස්හි උපාධියක් ලබාගත් ප්‍රබල දේශපාලනඥයා සජිත් ප්‍රේමදාසය. ඒ වගේම ඔහු ආචාර්ය උපාධියක් සඳහා ඇමෙරිකාවේ මේරිලන්ඩ් විශ්වවිද්‍යාලයට ඇතුළු වී ඉතා ඉහළින් විභාග සමත් වුණත් ඔහුගේ පියා ප්‍රේමදාස ඝාතනය වූ විට ඔහුට ඒ ආචාර්ය උපාධිය අතරමග නතර කර ලංකාවට එන්න සිදුවිය. ඔහු පසු කලෙක විපක්ෂ නායක වී ලංකාවේ විවෘත විශ්වවිද්‍යාලයේ ආචාර්ය උපාධිය කරන්නේ ඔහුට මගහැරුණු ආචාර්ය උපාධිය ලබාගැනීමටය.

2019 ජනාධිපතිවරණයේදීත් 2024 ජනාධිපතිවරණයේදීත් සමාජ මාධ්‍යවල වැඩියෙන්ම ෂෙයාර් කළේ සජිත්ගේ ඕලෙවල් සහතිකය කියා ව්‍යාජව සකස් කළ සහතිකයකි. එය ව්‍යාජව සකස් කළ සහතිකයක් බව ඔප්පු කරමින් ඔහු ලන්ඩනයේ මිල් හිල් විද්‍යාලයේ ඔක්ස්ෆර්ඩ් – කේම්බි්‍රජ් මණ්ඩලයකින් අනුමත ඕලෙවල් සහ ඒ ලෙවල් සහතික පාර්ලිමේන්තුවේ සභාගත කළේය. ලංකාවේ බොහෝ ප්‍රබල නායකයන් ඕ ලෙවල් හෝ ඒ ලෙවල් කර ඇත්තේ විදේශ විද්‍යාලවලිනි. එස්.ඩබ්.ආර්.ඩී. බණ්ඩාරනායක, ඩඩ්ලි සේනානායක යන නායකයන් ඕ ලෙවල් සහ ඒ ලෙවල් කළේ බි්‍රතාන්‍යයේ පාසල්වලය. සජිත් කළේත් ඒකමය.

ලන්ඩන් ස්කූල් ඔෆ් ඉකොනොමික්ස් විශ්වවිද්‍යාලයේ උපාධියක් ගත් අයෙක් කවදාවත් ලංකාවේ අගමැති හෝ ජනාධිපති වී නැත. ලංකාව ආර්ථික වශයෙන් බංකොලොත් වූ වෙලාවක ලංකාවට අවශ්‍ය එවැනි විශ්වවිද්‍යාලයක උපාධියක් ගත්ත නායකයෙකි. ඒත් ලංකාවේ මිනිස්සු තෝරාගත්තේ කැලණිය විශ්වවිද්‍යාලයේ රසායන විද්‍යා උපාධිය ගත්ත නායකයෙකි.

ඒකට හේතුව සජිත්ට ඕ ලෙවල්වත් නැතැයි ජේ.වී.පී. – එන්.පී.පී. සමාජ මාධ්‍ය රැල්ල රට පුරා ගෙනගිය ප්‍රචාරයයි.

සජිත්ට ගහපු ලොකුම මඩක් නම් ඔහු පාසලකට ගොස් ජපන් භාෂාවෙන් කරන කතාවත්, ඔහු ජපන් ජාතිකයකු සමග කරන කතාවත්ය. සජිත්ගේ ජපන් වචන ලංකාවේ ජනප්‍රිය උපහාස වීඩියෝ බවට පත්විය. හැබැයි අන්තිමට අනුරගේ ආණ්ඩුවේ කතානායකට ගෙදර යන්න සිදුවුණේ ජපන් උපාධියක් නිසාය. 1997 සිට ඡන්ද ගන්න ආචාර්ය, මහාචාර්යකම් උපාධි විකුණපු ජවිපෙ රටේම ලැජ්ජාවට පත්වුණේ ජපන් උපාධියක් නිසාය. ඉංග්‍රීසියෙන් නම් කියන්නේ ‘කර්මය කියන්නේ බැල්ලියක්’ කියලාය.

උපුල් ජෝශප් ප්‍රනාන්දු

SendShareShare
Previous Post

ෆිච් රේටින් ලංකාව යළි ඉහළ දමයි! දැන් CCC+..! දැන් රට බංකොලොත් නෑ! I Sri Lanka Latest News

Next Post

රාජකාරී වැඩ දහසක් මැද්දේ අනුර මවගේ සුවදුක් බලන්න ගිහින්! I Sri Lanka Latest News

MORE NEWS

ඈවරයි… දෑවරයි… තුන් ඈවරයි! ඩොලර් බිලියන 8ක් හොයාගන්න වෙන්දේසියේ දාන ‌රටේ දේපොළ මෙන්න!
Exclusive

ඩොලර් රටින් පැන්නීමේ මහා ජාවාරමක තොරතුරු එළියට! පටන් අරන් තියෙන්නේ රනිල්ගේ කාලයේ! ඩොලර් බිලියනයක කළු සල්ලි හොරෙන්ම පිටකරලා! I Sri Lanka Latest News

කාන්තාවන්ට හොඳ කලදසාවක්! මිනින්දෝරු දෙපාර්තමේන්තුවේ ලොකුම පුටුවත් කාන්තාවකට! I Sri Lanka Latest News
Exclusive

කාන්තාවන්ට හොඳ කලදසාවක්! මිනින්දෝරු දෙපාර්තමේන්තුවේ ලොකුම පුටුවත් කාන්තාවකට! I Sri Lanka Latest News

බන්ධනාගාරයෙන් ඓතිහාසික වාර්තාවක්! කාන්තාවකට ඉහළම පුටුවක් දෙයි! I Sri Lanka Latest News
Exclusive

බන්ධනාගාරයෙන් ඓතිහාසික වාර්තාවක්! කාන්තාවකට ඉහළම පුටුවක් දෙයි! I Sri Lanka Latest News

මාලිමාවේ මන්ත්‍රීවරු තුන්වේලම පාර්ලිමේන්තුවෙන් කාලා ගෙදර ඔතාගෙනත් යනවා කියලා විපක්ෂය කරන චෝදනාවට බිමල් සැර උත්තරයක් දෙයි! පාර්ලිමේන්තුවේ කෑම වේලක් 3000ට වැඩි කරන්නත් ලෑස්ති වෙයි! දැන් ඉතින් ඔක්කොම සල්ලි ගෙවලා කාපල්ලකෝ! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඉස්සර රට පාලනය කළේ සිරිකොතෙන්.. ඩාලි පාරෙන්..! එතකොට ප්‍රශ්නයක් නෑ! දැන් රට පාලනය කරන්නේ පැලවත්තෙන්! පැලවත්තට තමයි බලය හම්බවුණේ..! බිමල්ගෙන් ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News

Exclusive

මහාධිකරණයෙන් ඇප ඉල්ලුවත් දුන්නේ නෑ! ත්‍රස්ත පනත යටතේ අවුරුදු 15ක් රිමාන්ඩ් කර සිටි ධනූෂ්ට අභියාචනාධිකරණය ඇප නියම කරයි! I Sri Lanka Latest News

රටවල් 43ක් අනුමත කළ ඩෙංගු එන්නත ඉන්දියාවේත් අනුමතයි! ඩෙංගු වසංගතයක් වෙලා 56ක් මියගිය ලංකාවට ගේන්නේ කවදාද? I Sri Lanka Latest News
Exclusive

රටවල් 43ක් අනුමත කළ ඩෙංගු එන්නත ඉන්දියාවේත් අනුමතයි! ඩෙංගු වසංගතයක් වෙලා 56ක් මියගිය ලංකාවට ගේන්නේ කවදාද? I Sri Lanka Latest News

Load More
ඈවරයි… දෑවරයි… තුන් ඈවරයි! ඩොලර් බිලියන 8ක් හොයාගන්න වෙන්දේසියේ දාන ‌රටේ දේපොළ මෙන්න!
Exclusive

ඩොලර් රටින් පැන්නීමේ මහා ජාවාරමක තොරතුරු එළියට! පටන් අරන් තියෙන්නේ රනිල්ගේ කාලයේ! ඩොලර් බිලියනයක කළු සල්ලි හොරෙන්ම පිටකරලා! I Sri Lanka Latest News

2023 වසරේ සිට මේ දක්වා ඇමරිකානු ඩොලර් බිලියනයකට ආසන්න මුදලක් නීති විරෝධී ලෙස රටින් පිටකර ඇතැයි, ජනාධිපති අනුර කුමාර දිසානායක...

Read more
කාන්තාවන්ට හොඳ කලදසාවක්! මිනින්දෝරු දෙපාර්තමේන්තුවේ ලොකුම පුටුවත් කාන්තාවකට! I Sri Lanka Latest News

කාන්තාවන්ට හොඳ කලදසාවක්! මිනින්දෝරු දෙපාර්තමේන්තුවේ ලොකුම පුටුවත් කාන්තාවකට! I Sri Lanka Latest News

බන්ධනාගාරයෙන් ඓතිහාසික වාර්තාවක්! කාන්තාවකට ඉහළම පුටුවක් දෙයි! I Sri Lanka Latest News

බන්ධනාගාරයෙන් ඓතිහාසික වාර්තාවක්! කාන්තාවකට ඉහළම පුටුවක් දෙයි! I Sri Lanka Latest News

මාලිමාවේ මන්ත්‍රීවරු තුන්වේලම පාර්ලිමේන්තුවෙන් කාලා ගෙදර ඔතාගෙනත් යනවා කියලා විපක්ෂය කරන චෝදනාවට බිමල් සැර උත්තරයක් දෙයි! පාර්ලිමේන්තුවේ කෑම වේලක් 3000ට වැඩි කරන්නත් ලෑස්ති වෙයි! දැන් ඉතින් ඔක්කොම සල්ලි ගෙවලා කාපල්ලකෝ! VIDEO I Sri Lanka Latest News

ඉස්සර රට පාලනය කළේ සිරිකොතෙන්.. ඩාලි පාරෙන්..! එතකොට ප්‍රශ්නයක් නෑ! දැන් රට පාලනය කරන්නේ පැලවත්තෙන්! පැලවත්තට තමයි බලය හම්බවුණේ..! බිමල්ගෙන් ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News

මහාධිකරණයෙන් ඇප ඉල්ලුවත් දුන්නේ නෑ! ත්‍රස්ත පනත යටතේ අවුරුදු 15ක් රිමාන්ඩ් කර සිටි ධනූෂ්ට අභියාචනාධිකරණය ඇප නියම කරයි! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.