• About us
  • Contact us
Friday, July 24, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

හිතාගන්නවත් බැරි ලෝක තාක්ෂණයක්! රේඩාර්වලට අහුනොවන හයිපර්සොනික් මිසයිල! මුහුදු බෝම්බ – සයිබර් ටෝපිඩෝ! ඇමෙරිකාවම කළුවර කළ හැකි සයිබර් බළකායක්! ඉරානෙට ගහලා ඇමෙරිකාව ඉල්ලගෙන කයිද? Sri Lanka Latest News

February 8, 2026
in Exclusive
Reading Time: 3 mins read
A A
හිතාගන්නවත් බැරි ලෝක තාක්ෂණයක්! රේඩාර්වලට අහුනොවන හයිපර්සොනික් මිසයිල! මුහුදු බෝම්බ – සයිබර් ටෝපිඩෝ! ඇමෙරිකාවම කළුවර කළ හැකි සයිබර් බළකායක්! ඉරානෙට ගහලා ඇමෙරිකාව ඉල්ලගෙන කයිද? Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

ලෝක සිතියම මත මැදපෙරදිග කලාපය යනු සැමදා දැවෙන ගිනි කන්දකි. එහෙත් අද එම ගිනි කන්ද පුපුරා යාමේ අවදානම වෙනදාට වඩා දරුණු වී ඇත්තේ ඇමෙරිකා එක්සත් ජනපදය සහ ඉරාන ඉස්ලාමීය ජනරජය අතර පවතින දශක හතරක වෛරය එහි උච්චතම අවස්ථාවට පැමිණ ඇති බැවිනි. 1979 ඉරාන විප්ලවයේ සිට 2020 වසරේදී ඇමෙරිකාව විසින් ඉරාන යුද වීරයකු වූ කාසම් සුලෙයිමාන් ඝාතනය කිරීම දක්වා වූ ඉතිහාසය දෙස බලන විට පෙනී යන්නේ මේ දෙරට අතර සබඳතාව නූලකින් එල්ලී පවතින බවයි. ලෝකයේ අංක එකේ යුද බලවතා සහ තාක්ෂණික දැවැන්තයා වන ඇමරිකාව ඉදිරියේ, සම්බාධකවලින් හෙම්බත් වූ ඉරානයක් සැබවින්ම යුද පිටියේදී කෙසේ හැසිරෙනු ඇතිද යන්න අද ලෝකයේම අවධානය දිනාගත් ප්‍රශ්නයකි. ඇමෙරිකානු පෙන්ටගනය සතු එෆ්-22 සහ එෆ් – 35 වැනි පස්වැනි පරම්පරාවේ ප්‍රහාරක යානා, ලෝකයම වට කළ හැකි නාවික බලඇණි සහ චන්ද්‍රිකා තාක්ෂණයෙන් මෙහෙයවන මිසයිල පද්ධති ඉදිරියේ ඉරානය යනු කිරිසප්පයකු යන සැකය මතුපිටින් පෙනෙන්නට තිබේ. එහෙත් බුද්ධි අංශ වාර්තාවලට අනුව සැබෑ තත්ත්වය මීට වඩා බොහෝ සෙයින් සංකීර්ණ වූවකි.Sri Lanka Latest News

ඇමෙරිකාව සිය යුද උපාය මාර්ග සකසන්නේ ‘පිරිසිදු යුද්ධයක්’ සඳහාය. එනම් ඉහළ අහසේ සිට ඉලක්කගත නිරවද්‍ය ප්‍රහාර මගින් සතුරාගේ මර්මස්ථාන විනාශ කරදැමීමයි. මේ සඳහා ඇමෙරිකානු ආරක්ෂක අංශ සතු රහසිගත සැලසුම් දෙස බැලීමේදී පෙනීයන්නේ ඔවුන්ගේ පළමු ඉලක්කය වන්නේ ඉරානයේ න්‍යෂ්ටික මධ්‍යස්ථාන බවයි. විශේෂයෙන්ම ‘ෆෝඩෝ’ වැනි භූගත න්‍යෂ්ටික බලාගාර විනාශ කිරීම සඳහා ඇමෙරිකාව සතුව කිලෝග්‍රෑම් 13,000ක් බරැති GBU-57 (Massive Ordnance Penetrator) බෝම්බ පවතී. මෙම බෝම්බවලට අඩි 200ක කොන්ක්‍රීට් තට්ටුවක් විනිවිද ගොස් පිපිරී යාමේ හැකියාව ඇත. අමෙරිකාවේ B-21 Raider වැනි නවීනතම ස්ටෙල්ත් යානා යොදාගෙන රේඩාර් පද්ධතිවලට හසු නොවී ඉරානයට ඇතුළු වීම ඔවුන්ගේ ප්‍රධාන උපාය වුවත්, ඉරානය මේ වනවිට සූදානම් වී සිටින්නේ අසමමිතික යුද්ධයක් සඳහාය. ඉරානය මීට පිළිතුරු සපයා ඇත්තේ සිය දහස් ගණනක් වූ මිසයිල සහ ඩ්‍රෝන යානා කඳුකර ප්‍රදේශවල අඩි සිය ගණනක් පොළොව යට පිහිටි ‘මිසයිල නගර’ තුළ සඟවා තබමිනි. මෙම භූගත බළකොටු සොයාගැනීම හෝ විනාශ කිරීම නූතන චන්ද්‍රිකා තාක්ෂණයට පවා අතිශය අභියෝගයකි.

ඉරානය සතු භයානකම අවිය වන්නේ ඔවුන්ගේ දේශීයව දියුණු කළ ඩ්‍රෝන තාක්ෂණයයි. රුසියා-යුක්රේන යුද්ධයේදී රුසියානුවන් ඉරාන Shahed ඩ්‍රෝන යොදාගෙන බටහිර ආරක්ෂණ පද්ධති පරාජය කළ ආකාරය බටහිර ලෝකයම මවිතයට පත් කළේය. ඇමෙරිකාව සතු ඩොලර් මිලියන ගණනක් වටිනා මිසයිල ආරක්ෂක පද්ධති අකර්මණ්‍ය කිරීමට ඉරානය සතු දහස් ගණනක් වූ ලාභදායී ‘කාමිකාසේ’ ඩ්‍රෝන රංචුවලට හැකියාව පවතී. මෙය හරියට යෝධයකුට එල්ල කරන මීවදයක ප්‍රහාරයක් බඳුය. ඉරානයේ සැබෑ ශක්තිය පවතින්නේ ඔවුන්ගේ ‘ස්වයංක්‍රීය ප්‍රහාරක ජාලය’ තුළයි. ඔවුන් සතු Fattah වැනි හයිපර්සොනික් මිසයිල (්‍Hypersonic Missiles) ශබ්දයේ වේගයට වඩා 15 ගුණයක වේගයෙන් ගමන් කළ හැකි අතර, ඒවා ඇමෙරිකාවේ වර්තමාන Patriot ආරක්ෂක පද්ධතිවලට පවා හසුකර ගැනීම අතිශය දුෂ්කරය. එමෙන්ම ඉරානය සතු Sajjil සහ Khorramshahr වැනි බැලස්ටික් මිසයිලවලට ඇමෙරිකාවේ මිත්‍ර රටවල් පමණක් නොව, කලාපයේ පවතින ඕනෑම ඇමෙරිකානු යුද කඳවුරක් විනාඩි කිහිපයක් තුළ සුන්බුන් බවට පත්කළ හැකිය.

මෙහිදී වඩාත්ම බරපතළ තත්ත්වය නිර්මාණය වන්නේ නාවික සටන් පෙරමුණේය. පර්සියානු බොක්කේ ඉතා පටු සන්ධියක් වන ‘හොර්මුස් සමුද්‍ර සන්ධිය’ ලෝකයේ තෙල් ප්‍රවාහනයෙන් 20%ක් සිදුවන අතර ඇමෙරිකානු යෝධ ගුවන් යානා වාහක නෞකා මෙම පටු මුහුදු තීරයට ඇතුළු වූ සැණින් ඉරානය සතු කුඩා වේගවත් ප්‍රහාරක බෝට්ටු සිය ගණනකගේ ඉලක්ක බවට පත්වේ. ඉරානය විසින් සිය මුහුදු තීරය පුරා අතුරා ඇති සුවිශේෂ බිම් බෝම්බ සහ සයිබර් තාක්ෂණයෙන් මෙහෙයවන ටෝපිඩෝ ප්‍රහාර හමුවේ ඇමෙරිකානු නාවික බලය දැඩි අභියෝගයකට ලක්වනු ඇත. ඉරානය සතු සෛාල්මෙන්’ වැනි නවීන නාවික මිසයිල මගින් පර්සියානු බොක්කේ සිටින ඇමරිකානු යුද නැව්වලට කිලෝමීටර් 1000ක් ඈත සිට ප්‍රහාර එල්ල කිරීමේ හැකියාවද පවතී. යුද්ධයක් හටගතහොත් ඉරානය විසින් මෙම සමුද්‍ර සන්ධිය වසා දැමුවහොත්, ලෝක තෙල් මිල අහස උසට නැගී බටහිර ආර්ථිකය දැවැන්ත අවපාතයකට ඇදවැටීම වැළැක්විය නොහැකි අතර, එය ඇමෙරිකානු රජයට එරෙහිව සිය රටේම ජනතාව නැගී සිටීමට බලපාන ප්‍රබල ‘දේශපාලන බෝම්බයක්’ වනු ඇත.

තවද, ඉරානය යනු හුදෙක් සීමා මායිම්වලට කොටු වූ රාජ්‍යයක් නොවේ. ඔවුන් වසර තිස් ගණනක් තිස්සේ මැදපෙරදිග පුරා ගොඩනගා ඇති ‘ප්‍රොක්සි’ ජාලය හෙවත් මිත්‍ර සන්නද්ධ බළකායන් ඔවුන්ගේ විශාලතම ශක්තියයි. ලෙබනනයේ හිස්බුල්ලා, යේමනයේ හූති සහ ඉරාකයේ සන්නද්ධ කණ්ඩායම් හරහා එකවර පෙරමුණු කිහිපයකින් ඇමෙරිකානු ඉලක්ක වෙත පහර දීමට ඉරානයට හැකියාව පවතී. එමෙන්ම ඉරානය සතු සයිබර් බළකාය ලොව ප්‍රබලතම ඒකකයක් ලෙස සැලකේ. යුද්ධයක් ආරම්භ වූ සැණින් ඇමෙරිකාවේ මිසයිල පාලන මධ්‍යස්ථාන, සන්නිවේදන චන්ද්‍රිකා සහ විදුලිබල පද්ධති අකර්මණ්‍ය කිරීමට ඔවුන් සූදානම්ව සිටින බව බුද්ධි අංශ පවසයි. මෙය භෞතිකව බෝම්බ හෙළනවාට වඩා දරුණු විනාශයක් ඇමෙරිකානු සිවිල් ජන ජීවිතයට ඇති කළ හැකිය. එබැවින්, මෙම යුද්ධය හුදෙක් ගොඩබිම හෝ ගුවන් යානා අතර සටනක් නොව, චන්ද්‍රිකා පද්ධති සහ සයිබර් ජාල අතර කෙරෙන අතිනවීන මහා පරිමාණ විනාශයක් වනු ඇත. අවසාන වශයෙන්, ඇමෙරිකාවට තම ශක්තිය යොදා ඉරානය විනාශ කළ හැකි වුවද, එම විනාශයේ ප්‍රතිවිපාක වශයෙන් මුළු මහත් ලෝක ආර්ථිකයම සහ මැදපෙරදිග ස්ථාවරත්වය සදහටම අළුවී යාමේ අවදානමක් පවතී. ඉරානය සමග ගැටීම යනු ඇමෙරිකාවට හුදෙක් ජයග්‍රහණයක් නොව, ලෝක බලවතා යන කිරුළ පවා අහිමි විය හැකි මහා මඩගොහොරුවක වැටීමක් විය හැකිය.

ඇන්ටන් ප්‍රනාන්දුපුල්ලේ

SendShareShare
Previous Post

‘ඇක්ෂන් – කට්’ ජවනිකාවක් නොවේ…! උසාවි ගිය රණසිංහට එරෙහි රණසිංහ ගැටුම! අන්තිමට හේමාල් හරිද? ලක්මිණ වැරැදිද? අපි උසාවියේදි බලාගමු! Sri Lanka Latest News

Next Post

නිදහස් සටනේ කවුරුත් නොදත් කාටත් අමතක වීරයෝ ! Sri Lanka Latest News

MORE NEWS

ට්‍රම්ප් ගහපු අත්සනකින් ලංකාවටත් කෙළවෙන්න වගේ යන්නේ! විදෙස් රටවලට දුන් සියලුම ආධාර අත්හිටුවන්න නියෝගයක්! USAID එකෙන් ලංකාවට දීපු ආධාරත් නවතී! 2023දී විතරක් අමෙරිකාව ඩොලර් බිලියන 68ක් ආධාර ලෝකෙට බෙදලා! VIDEO I Sri Lanka Latest News
Exclusive

අනුර ගැසට් එක ගැහුවා! ට්‍රම්ප් තීරු බද්ද අඩු කළා! I Sri Lanka Latest News

රෝහලට ඇතුළත් කළත් සලේ තාම කෑම වර්ජනයේ! සලේගේ පැමිණිල්ල විභාග කරන්න CID නිලධාරීන්ට මානව හිමිකම් කොමිසම එන්න කියයි! I Sri Lanka Latest News
Exclusive

සලේට හෘදය සැත්කමක් කරලා! I Sri Lanka Latest News

මිනීමැරීම් ඇතුළු විවිධ අපරාධ කළ 4ක් අත්අඩංගුවට! Sri Lanka Latest News
Exclusive

චීන පාතාලයත් ලංකාවට බැහැලා! පෝර්ට් සිටියේ යුද්ධයක්! එක කල්ලියක් තවත් කල්ලියක තුන්දෙනකු පැහැරගෙන! එක චීනෙකුගේ මළ සිරුරක් ඇහැළියගොඩදී හමුවෙයි! කට්ටියක් රටින් පනින්න හදද්දී කටුනායකදී අල්ලගනී! I Sri Lanka Latest News

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!
Exclusive

දවසේ තුන්වැනි වෙඩිල්ල වත්තලදී! කුඩා දරුවකුගේ උපන්දින සාදයකදී පත්තු වූ වෙඩිල්ලෙන් අයෙක් මරුට! I Sri Lanka Latest News

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!
Exclusive

දවසේ දෙවැනි වෙඩිල්ල දෙමටගොඩින් පත්තු වුණා! I Sri Lanka Latest News

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News
Exclusive

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

Load More
ට්‍රම්ප් ගහපු අත්සනකින් ලංකාවටත් කෙළවෙන්න වගේ යන්නේ! විදෙස් රටවලට දුන් සියලුම ආධාර අත්හිටුවන්න නියෝගයක්! USAID එකෙන් ලංකාවට දීපු ආධාරත් නවතී! 2023දී විතරක් අමෙරිකාව ඩොලර් බිලියන 68ක් ආධාර ලෝකෙට බෙදලා! VIDEO I Sri Lanka Latest News
Exclusive

අනුර ගැසට් එක ගැහුවා! ට්‍රම්ප් තීරු බද්ද අඩු කළා! I Sri Lanka Latest News

අමෙරිකාව විසින් දැනට ක්‍රියාත්මක කර ඇති 10%ක තීරු බදු කාලසීමාව අවසන් වීමත් සමග, ශ්‍රී ලංකාව ඇතුළු වෙළෙඳ හවුල්කාර රටවල් 60ක්...

Read more
රෝහලට ඇතුළත් කළත් සලේ තාම කෑම වර්ජනයේ! සලේගේ පැමිණිල්ල විභාග කරන්න CID නිලධාරීන්ට මානව හිමිකම් කොමිසම එන්න කියයි! I Sri Lanka Latest News

සලේට හෘදය සැත්කමක් කරලා! I Sri Lanka Latest News

මිනීමැරීම් ඇතුළු විවිධ අපරාධ කළ 4ක් අත්අඩංගුවට! Sri Lanka Latest News

චීන පාතාලයත් ලංකාවට බැහැලා! පෝර්ට් සිටියේ යුද්ධයක්! එක කල්ලියක් තවත් කල්ලියක තුන්දෙනකු පැහැරගෙන! එක චීනෙකුගේ මළ සිරුරක් ඇහැළියගොඩදී හමුවෙයි! කට්ටියක් රටින් පනින්න හදද්දී කටුනායකදී අල්ලගනී! I Sri Lanka Latest News

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!

දවසේ තුන්වැනි වෙඩිල්ල වත්තලදී! කුඩා දරුවකුගේ උපන්දින සාදයකදී පත්තු වූ වෙඩිල්ලෙන් අයෙක් මරුට! I Sri Lanka Latest News

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!

දවසේ දෙවැනි වෙඩිල්ල දෙමටගොඩින් පත්තු වුණා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.