ශ්‍රී ලංකාවේ බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් ඇන්ඩෘ පැට්රික් මහතා සහ මහජන ආරක්ෂාව පිළිබඳ අමාත්‍ය ටිරාන් අලස් මහතා අතර විශේෂ සාකච්ඡාවක් සිදුව තිබේ.Sri Lanka Latest News
එහිදී බ්‍රිතාන්‍ය මහකොමසාරිස්වරයා විසින් මෙරට ජනතාවගේ කතා කිරීමේ නිදහස සහ රැස්වීමේ නිදහස පිළිබඳ ප්රශ්නය මතු කළේය.
ඔන්ලයින් ආරක්ෂාව සහ ත්රස්තවාදයට එරෙහි පනත් කෙටුම්පත් පිළිබඳව ඔවුන් සාකච්ඡා කළ බවත්, ශ්‍රී ලංකාව පුරා කතා කිරීමේ සහ රැස්වීමේ නිදහස තහවුරු කිරීමේ වැදගත්කම යළිත් අවධාරණය කළ බවත් මහ කොමසාරිස් කාර්යාලය පවසයි.










