නෝර්වුඩ් පොලිස් වසමට අයත් සෙන් ජෝන්ස් ටිලරි පහල කොටසේ වතුකරයේ ජනතාව පවසන්නේ නෝර්වුඩ් සෙන් ජෝන්ස් ටිලරි පහල කොටසේ වතුකරයේ ගුහාවක දිවියන් දෙදෙනෙකු ජීවත් වන බවයි.Sri Lanka Latest News
ප්‍රදේශයේ රැකියාවට යන කම්කරුවන් මෙම දිවියන් දෙදෙනා දින කිහිපයක් දැක දිවියන් බව නිශ්චිතව හඳුනාගෙන ඇති බවද ප්‍රදේශවාසී ජනතාව පවසති.
මෙම තත්වය නිසා ප්‍රදේශයේ වතු කම්කරුවන් සිය දෛනික රැකියාවට යාමට බිය වන තත්ත්වයක් උදාවීී ඇත ,
දැනට ගෙන කිහිපයක සිට දහවල් වරුවේද ගුහාව තුළ සිටින දිවියන් දෙදෙනා පිටතට පැමිණ පිටව යන අතර එහි ප්‍රතිඵලයක් ලෙස ජනතාව එම ප්‍රදේශයට ගොස් තේ දලු නෙලීමට දැඩි බියක් දක්වති ,
මේ අතර මෙම දිවියන් රාත්‍රියේ නිවෙස්වල ඇති කරන සුරතල් සුනඛයන් රැගෙන ගොස් ගොදුරක් කර ගන්නා බවද ජනතාව චෝදනා කරති ,
සුරතල් සුනඛයන්ගේ ශරීර කොටස්ද ප්‍රදේශයෙ ස්ථාන කිහිපයකදී සොයාගෙන ඇති බවද ඔහුන් අනාවරණය කරයි .
මෙලෙස මෙම ප්‍රදේශයේ සැරිසරන දිවියන්ට අල්ලාගෙන කැලෑ ප්‍රදේශයන්ට මුදා හරින්නට නල්ලතන්නි වනජීවී නිලධාරීන්ට පියවර ගන්නා ලෙස ජනතාව ඉල්ලා සිටිති.
දින කිහිපයක් පුරාවට ප්‍රදේශවාසීන්ට මුහුණ දීමට තැබී ඇති මෙම තත්ත්වය පිළිබඳව නෝර්වුඩ් පොලිසියට දැනුම් දී ඇති බවද ප්‍රදේශවාසීන් වැඩිපුරටත් සඳහන් කරති .









ආර්.එෆ්.එම්.සුහෙල් – නුවරඑළිය










