අද (03) උදෑසන කඳාන, පොදු වෙළෙඳපොළ ආසන්නයේ මෝටර් රථයක සිටි පුද්ගලයින් දෙදෙනෙකුට වෙඩිතැබීමක් සිදුව ඇතැයි වාර්තා වේ.Sri Lanka Latest News
අප කළ විමසීමක දී පොලිස් මාධ්‍ය ප්‍රකාශයක කාර්යාලය සඳහන් කළේ, වෙඩිතැබීමෙන් තුවාල ලැබූ පුද්ගලයින් දෙදෙනා මේ වනවිට රාගම රෝහලට ඇතුළත් කර ඇති බවය.
වෙඩි තැබීමේ සිද්ධියට ගොදුරු වූ එක් අයෙකු අභාවප්‍රාප්ත හිටපු අමාත්‍ය මංගල සමරවීරගේ හිටපු පෞද්ගලික ලේකම් සමීර මනහර ලෙස හඳුනාගෙන ඇති බව පොලිසිය පවසනවා.










