සමගි ජන බලවේගයේ පත් කළ පාර්ලිමේන්තු මන්ත්‍රී ඩයනා ගමගේ අද දින පාර්ලිමේන්තුවේ සිදු කළ ආන්දෝලනාත්මක කතාවෙන් පසු මන්ත්‍රීවරියගේ තවත් වීඩියෝ 2ක් මේ වනවිට සමාජ මාධ්‍ය ජාලාවල සැරිසරමින් තිබේ.
අද පාර්ලිමේන්තුවේ කළ කතාවේදී තවමත් සජබ ඔප්පුව තමන් සතුව පවතින බව ඩයනා ගමගේ මහත්මිය කියා සිටියද ආණ්ඩුවට එක්වීමත් සමග ඇය ලබාදුන් ප්‍රකාශවලදී පක්ෂය සජිත් ප්‍රේමදාස මහතාට බාර දුන් බව සදහන් කොට තිබේ.










