යාපනයේ වැසියන්ට මැලේරියා රෝගය වැලඳීමේ අවදානම යළිත් වැඩි වී ඇතැයි යාපනය ශික්ෂණ රෝහලේ මැලේරියා හා වසංගත ඒකකය සදහන් කරයි. Sri Lanka Latest News
යාපනයෙන් මැලේරියා රෝගීන් දෙදෙනෙකු අලුතින් හමු වී ඇති අතර මීට ඉහතදී මැලේරියා රෝගීන් පස්දෙනෙකු ද හමු වී තිබුණි.
මීට පෙර හමු වූ මැලේරියා රෝගීන් ඇනෝපිලස් පැල්සිපාරම් ගණයට අයත් වු අතර මෙවර හමු වූ රෝගීන් ඇනෝපිලස් ස්ටෙෆෙන්සි (Anopheles stephensi) ගණයට අයත් බව යාපනය රෝහල සදහන් කරයි.
ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් මැලේරියා රෝගය ශ්‍රී ලංකාවෙන් තුරන් වී ඇති බවට සහතිකයක් නිකුත් කර ඇතත් ශ්‍රී ලාංකිකයින් අප්‍රිකානු හා මැලේරියාව පවතින වෙනත් රටවලට ගමන් බිමන් යාම නිසා ශ්‍රී ලංකාවේ මැලේරියා උවදුර සියයට සියයකින් තුරන් වී නොමැති බව ද, යාපනය ශික්ෂණ රෝහලේ මැලේරියා හා වසංගත ඒකක අංශය ප්‍රකාශ කරයි.










