ස්වාධීන එන්නත් උපදේශන විශේෂඥ කමිටුවේ සාමාජිකයින් දෙදෙනෙකු ඉල්ලා අස්වී ඇති බව වාර්තා වේ.
කොළඹ උතුර (රාගම) වෛද්‍ය පීඨයට අනුබද්ධ මහාචාර්ය ඒ. පත්මේෂ්වරන් මහතා මට සති 2කට පෙර ඉල්ලා අස්වී තිවූ අතර ඉකුත් සතියේ ප්‍රජා වෛද්‍ය පීඨයට සම්බන්ධ මහාචාර්ය නීලිකා මලවිගේ මහත්මිය ඉල්ලා අස්වී තිබේ.
අට දෙනෙකුගෙන් යුත් විශේෂඥ කමිටුව පමණක් නොව, ජාතික ඖෂධ නියාමන අධිකාරියේ (එන්එම්ආර්ඒ) සාමාජිකයන් කිහිප දෙනකුද මීට පෙර ඉල්ලා අස්වී තිබිණ.
මහාචාර්ය ඒ. පත්මේෂ්වරන් සහ මහාචාර්ය මලවිගේ යන අයට අමතරව වෛද්‍ය ආනන්ද විජේවික්‍රම, වෛද්‍ය රජීව ද සිල්වා, වෛද්‍ය කාන්ති නනායක්කාර (වෛරස් විද්‍යා), මහාචාර්ය චන්න රණසිංහ (ශ්වසන වෛද්‍ය), ආචාර්ය ලක්කුමාර් ප්‍රනාන්දු (ළමා රෝග විශේෂඥ) සහ වෛද්‍ය හසිත තිසේරා (වසංගත රෝග විද්‍යා) මෙම කමිටවුට ඇතුළත් වූහ.










