බොරැල්ල සහස්පුර සිරිසර උයන මහල් නිවාස සංකීර්ණය ආසන්නයේ ඊයේ (07) රාත්‍රියේ සිදුවූ වෙඩිතැබීමෙන් එක් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.Sri Lanka Latest News
ඊයේ රාත්‍රී 8.40ට පමණ ස්කූටර් වර්ගයේ යතුරුපැදියකින් පැමිණි නාඳුනන පුද්ගලයින් දෙදෙනෙකු විසින් තරුණයින් පස්දෙනෙකු ඉලක්ක කර මෙම වෙඩිතැබීම සිදුකර තිබුණි.
එහිදී 56 ගිනිඅවියකින් වෙඩි තැබීම සිදුකර ඇති අතර, වෙඩික්කරුවන් පලා ගොස් ඇතැයි පොලීසිය පැවසීය.
වෙඩිතැබීමෙන් මියගොස් ඇත්තේ වයස අවුරුදු 23ක් වූ කැලණිය ප්‍රදේශයේ පදිංචිකරුවෙකු බව පොලීසිය පැවසීය.
මේ අතර, අවුරුදු 21, 22 සහ 23 යන වයස්වල පසුවන කොළඹ 9 ප්‍රදේශයේ පදිංචිකරුවන් සිව්දෙනෙකු මේ වනවිටත් කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටී.










