ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව විසින් මහාධිකරණ විනිසුරුවරුන් දෙදෙනෙක් වන කේ.එම්. සරත් දිසානායක සහ ප්‍රදීප් හෙට්ටිආරච්චි අභියාචනාධිකරණයට පත්කිරීමට අනුමැතිය ලබාදී ඇත.Sri Lanka Latest News
එම නම් ජනාධිපති අනුර කුමාර දිසානායක විසින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ අනුමැතිය සඳහා යවා තිබිණි.
සරත් දිසානායක සහ ප්‍රදීප් හෙට්ටිආරච්චි යන දෙදෙනා ජ්‍යෙෂ්ඨතම මහාධිකරණ විනිසුරුවරුන් දෙදෙනෙකි.
ඔවුන් ලබන සතියේ අභියාචනාධිකරණ විනිසුරුවරුන් ලෙස දිවුරුම් දීමට නියමිතය.










