පාසල් යමින් සිටි 12 හැවිරිදි දැරියකගේ ගෙලේ තිබූ ටයිපටියෙන් අත්දෙක ගැට ගසා පැහැරගෙන යාමට තැත් කරද්දී අසල වත්තක වැඩ කරමින් සිටි කාන්තාවක පැන එම දැරිය බේරාගෙන ඇතැයි රත්නපුර පොලිසියේ ළමා හා කාන්තා කාර්යංශය කියයි.
රත්නපුර පාසලක හතර වසරේ ඉගෙනු ම ලබන මෙම දැරිය ඊයේ පෙරවරුවේ නිවසේ සිට ගමන් කරමින් සිටියදී ලඳු කැලෑවක සැඟව සිටි මුහුණු ආවරණය කරගත් පුද්ගලයකු ඇය පළඳ සිටි ටයි පටියෙන් දෑත් පිටුපසට ගැට ගසා පැහැර ගැනීමට තැත් කිරීමේදි ඇගේ කෑ ගැසීම නිසා අසල වත්තක රබර් කපමින් සිටි කාන්තාවක පැමිණීම නිසා සැකකරු පැන ගොස් ඇත.
මේ පිළිබදව පොලිසියි වැඩිදුර පරීක්ෂණ පවත්වයි.