මානව හිමිකම් කඩවීමේ චෝදනා සම්බන්ධයෙන් විමර්ශනය කිරීම සදහා සත්‍ය සෙවීමේ යාන්ත්‍රණයක් 2023 මාර්තු මාසයට පෙර ස්ථාපිත කිරීමට අපේක්ෂා කරන බව විදේශ අමාත්‍ය අලි සබ්‍රි මහතා ප්‍රකාශ කොට ඇත.
ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ඒ.එච්.එම්.ඩී. නවාස් මහතාගේ ප්‍රධානත්වයෙන් පෙර පැවති කොමිෂන් සභා සහ කමිටුවල සොයාගැනීම් සහ ඉදිරි මඟ පිළිබඳ ඇගයීම සඳහා හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් පත්කළ ජනාධිපති විමර්ශන කොමිසමේ අවසන් වාර්තාව පදනම් කරගනිමින් මෙම සත්‍ය සෙවීමේ යාන්ත්‍රණය ස්ථාපිත කිරීමට නියමිතය.
හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් 2021 ජනවාරි මාසයේදී මෙම ජනාධිපති විමර්ශන කොමිසම පත් කරනු ලැබ තිබිණ.
එහි අවසන් වාර්තාව මෙම මාසය තුළ නිකුත් කිරීමට අපේක්ෂා කෙරේ.
මානව හිමිකම් කඩකිරීම්, ජාත්‍යන්තර මානුෂීය නීතිය බරපතල ලෙස උල්ලංඝනය කිරීම් සහ වෙනත් එවැනි වැරදි සම්බන්ධයෙන් විමර්ශනය කිරීම සඳහා පත්කළ පූර්ව කොමිෂන් සභා හෝ කමිටුවල සොයාගැනීම් මත පදනම්ව විමර්ශනය කිරීම, වාර්තා කිරීම හෝ අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීම මෙම වාර්තාව මගින් යෝජනා කරනු ඇත..
කොමිසමේ පළමු වාර්තාව 2021 ජූලි මාසයේදී එවකට ජනාධිපති රාජපක්ෂ වෙත ඉදිරිපත් කරන ලදී.
ඊයේ (5) අන්තර්ජාල සංසදයක් අමතමින් විදේශ කටයුතු අමාත්‍ය එම්.යූ.එම්. අලි සබ්‍රි සඳහන් කළේ, විනිසුරු නවාස්ගේ ප්‍රධානත්වයෙන් යුත් කොමිසමේ අවසන් වාර්තාව මේ මාසයේදී ලැබීමට නියමිත බවත්, එහි ප්‍රතිඵල මත සත්‍ය සෙවීමේ යාන්ත්‍රණය ස්ථාපිත කරන බවත්ය.