රජය විසින් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.
එම ගැසට් නිවේදනය මගින් පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව, ආගමන විගමන දෙපාර්තමේන්තුව සහ අන්තරායකර ඖෂධ පාලක මණ්ඩලය ආරක්ෂක අමාත්‍යංශය යටතට පවරා ඇත.
මීට පෙර පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව තාක්ෂණ අමාත්‍යාංශය යටතේ පැවති අතර ආගමන හා විගමන දෙපාර්තමේන්තුව ආයෝජන ප්‍රවර්ධන අමාත්‍යාංශය යටතේ පැවතුණි.
අන්තරායකර ඖෂධ පාලක මණ්ඩලය පැවතියේ ආරක්ෂක අමාත්‍යාංශය යටතේ ය.
අදාළ ආයතනවල කාර්යය භාරයන් ද ඒ අනුව මහජන ආරක්ෂක අමාත්‍යාංශය යටතට පත් කර තිබේ.