• About us
  • Contact us
Friday, June 5, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ට්‍රම්ප්ගේ තීරුබදු සහ අපිට වැරැදුණු තැන! Sri Lanka Latest News

April 5, 2025
in Exclusive
Reading Time: 3 mins read
A A
ට්‍රම්ප්ගේ තීරුබදු සහ අපිට වැරැදුණු තැන! Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

මම හිතන්නේ වර්තමාන රජය බලයට පත්වී ගතවූ මාස හයක කාලය තුළ ඔවුන්ගෙන් සිදුවූ විශාලම අතපසුවීම බ්‍රහස්පතින්දා (03) වාර්තා වුණා. එය වැරදීමකටත් වඩා නොසලකා හැරීමක්, ගෝලීය දේශපාලනය පුරෝකථනය කරගැනීමට නොහැකි වීම නිසා ඇති වූ තත්ත්වයක්. Sri Lanka Latest News

ඩොනල්ඩ් ට්‍රම්ප් රජය බලයට පත්වී ඇමෙරිකා එක්සත් ජනපදය සමග ගනුදෙනු කරන රටවලට සමාන තීරුබදු පනවන බව ප්‍රකාශ කළේ පසුගිය මාර්තු මාසයේ මුල් සතියේ. ඉන් පෙර බලයට පත්වී පළමු සතියේදීම, ට්‍රම්ප් රටවල් තුනකට තීරුබදු පැනෙව්වා. ඒ, චීනය සහ ඔවුන්ගේ අසල්වැසි රටවල් වන කැනඩාව සහ මෙක්සිකෝව ඉලක්ක කරමින්.
දක්ෂ රාජ්‍යතාන්ත්‍රිකයකුට ට්‍රම්ප් පරිපාලනයේ අරමුණ පහසුවෙන්ම කියවා ගැනීමට එයම ප්‍රමාණවත්. ට්‍රම්ප් මෙලෙස තීරුබදු පනවන්නේ වෙනත් ඇමෙරිකානු රජයන් මෙන් දේශපාලනික කාරණා උදෙසා ප්‍රතිවාදීන් ඉලක්ක කර නොවෙයි. ජනපති ට්‍රම්ප්ට පැහැදිලිව තිබෙන්නේ ආර්ථික උවමනාවක්.

ඔහු ඇමෙරිකාවේ දිගුකාලීන දේශපාලනික මිතුරෙකු වන කැනඩාව පවා ඉලක්ක කරන්නේ එම නිසයි. ට්‍රම්ප් පැහැදිලිව ප්‍රකාශ කළේ පසුගිය දශක ගණනාව තුළ ගෝලීය වෙළෙඳාම තුළ ඇමෙරිකාව අසාධාරණයට ලක් වූ බවත්, එය නිවැරදි කිරීම තමන්ගේ අරමුණ බවත්. එනම් යම්කිසි රටකට ඇමෙරිකාව භාණ්ඩ අපනයනය කරද්දී, ඇමෙරිකානු භාණ්ඩ උදෙසා එම රට විශාල තීරුබද්දක් පනවනවා. නමුත් එම රටෙන්ම ඇමෙරිකාව භාණ්ඩ ආනයනය කරද්දි ඇමෙරිකාව පනවන්නේ කුඩා බද්දක්. එය ගෝලීය වෙළෙඳාමේදී පැහැදිලිවම ඇමෙරිකාවට අවාසියක්. ට්‍රම්ප් නිවැරදි කිරීමට උත්සාහ කරන්නේ එයයි.

මාර්තු මුල් සතියේදී ට්‍රම්ප් ඊළඟ අප්‍රේල් 02 දා ‘ටිට් ෆෝ ටැට්’ බදු පනවන බව ප්‍රකාශ කළා. එහිදී ඔහු සිදුකළ දේශනයේ ඉන්දියාවද එහි ඉලක්කයක් බව ප්‍රකාශ කළා. ශ්‍රී ලංකා රජය ක්‍රියාත්මක වීමට තිබුණේ එදා. ශ්‍රී ලංකාවේ විශාලතම අපනයනකරුවා ඇමෙරිකාව. ශ්‍රී ලංකාව සහ ඇමෙරිකාව අතර වාර්ෂිකව ඩොලර් බිලියන 3.4ක පමණ වෙළෙඳාමක් සිදුවෙනවා. ඉන් ඩොලර් මිලියන 368ක වටිනාකමක් ඇති භාණ්ඩ අප ඇමෙරිකාවෙන් ආනයනය කරනවා. ඒ ප්‍රධාන වශයෙන්ම මෝටර් රථ, මෝටර් රථ අමතර කොටස්, තිරිඟු පිටි ආදී භාණ්ඩ. ඉතිරි ඩොලර් බිලියන තුනම අප ඇමෙරිකාවට අපනයනය කරන භාණ්ඩ. ඒ ප්‍රධාන වශයෙන් ඇඟලුම්, අත්වැසුම්, රබර් නිෂ්පාදන, මැණික් සහ වටිනා ඛණිජ ආදිය අප විසින් ඇමෙරිකාවට අපනයනය කරනවා.

ඇමෙරිකාවේ මිල අධික සෑම ඇඟලුම් සන්නාමයක්ම නිෂ්පාදනය කෙරෙන්නේ ශ්‍රී ලංකාවේ. විදේශ විනිමය සම්බන්ධයෙන් ආර්ථික අර්බුදයක සිටින අප වැනි රටකට, අපගේ විශාලතම අපනයනකරුවා අහිමි කරගැනීම දැරිය නොහැකි පාඩුවක්. එවැනි පසුබිමක මේ පුවත සැලවූ සැණින් එය විශ්ලේෂණය කරමින් අවශ්‍ය පියවර නොගැනීම ශ්‍රී ලංකා රජයෙන් සිදුවූ දරුණු අතපසුවීමක්.

ඉන්දියාව ඉලක්ක කරනවා නම් ශ්‍රී ලංකාවද නියත ඉලක්කයක් බව කියවා ගැනීමට අපහසු වීම ශ්‍රී ලංකාවෙන් සිදුවූ විශාල අතපසුවීමක්. ඉතින් අපට වැටහෙන කරුණ මෙරට ආර්ථිකය සහ රාජ්‍යතාන්ත්‍රික සබඳතා හැසිරවීම වෙනුවෙන් විශාල වැටුපක් සහ වරප්‍රසාද ලබන පාලකයන්ට සහ නිලධාරීන්ට වැටහිය යුතුමයි. ශ්‍රී ලංකාව මේ තත්ත්වය නිවැරදි කරගැනීමට තිබූ මාසයක කාලයක් නිරපරාදේ අපතේ හැරියා.

මෙරට ඇමෙරිකානු තානාපතිනිය රජයේ ඉහළ බලධාරීන් ගණනාවක් හමුවනු දුටුවත් මේ තීරුබදු අනතුර පිළිබඳ සාකච්ඡා කළ බවක් පෙනුණේ නැහැ. ඒ වෙනුවට ප්‍රජාතන්ත්‍රවාදය, ලිංගික දිශානතීන් වැනි කරුණු පිළිබඳ අප ඇමෙරිකානු තානාපතිවරිය සමග සාකච්ඡා කළා. මේ තීරුබදු අනතුරෙන් ගැලවීමට කළ යුතුව තිබුණේ ඉතා කුඩා තීරණයක් පමණයි. එනම් ඇමෙරිකානු ආනයනික භාණ්ඩවල තීරුබදු අඩු කිරීම පමණයි. මේ බදු පසුපස දේශපාලනික අරමුණු නැහැ.

ට්‍රම්ප් රජයට අවශ්‍ය ශ්‍රී ලංකාව හෝ වෙනත් රටක් දේශපාලනික වුවමනා මත සිර කිරීම නොවෙයි. ගෝලීය දේශපාලනයේ සිය කොටස සාධාරණව අය කරගැනීම පමණයි. ජනපතිවරයාගේ එක් අස්සනකින් අපට එය කළ හැකිව තිබුණා. නමුත් ඒ වෙනුවට අප පසුගිය මාසයේ ඇමෙරිකාවෙන් ආනයනය කරන මෝටර් රථ ඇතුළු සියලු මෝටර් රථවල තීරුබදු තවත් වැඩි කළා. එය රජයෙන් සිදු වූ විශාල වරදක්. එය ඇමෙරිකාවට අප ලබාදුන් සංඥාවක්. අද එයට වන්දි ගෙවීමට අපට සිදුවුණා.
ශ්‍රී ලංකාවෙන් ආනයනය කරන භාණ්ඩ සඳහා 44%ක් දක්වා තීරුබදු වැඩිකිරීමට අද ට්‍රම්ප් රජය තීරණය කළා. අද දින ට්‍රම්ප් තීරුබදු ඔස්සේ රටවල් 25ක් ඉලක්ක කළා. ඉන් ඔහු වැඩිම තීරු බද්දක් පැනවූ රටවල් අතර ශ්‍රී ලංකාවද සිටිනවා.

50%ක තීරු බද්ධක් පනවනු ඇතැයි කී ඉන්දියාව 26%කින් පමණ කළමනාකරණය කර ගැනීමට සමත් වෙලා. පසුගිය මාසයේ ට්‍රම්ප් මේ තීරණය දැනුම් දුන් දිනම ඉන්දීය වෙළෙඳ ඇමැති පියුෂ් ගෝපාල් සිය සියලු රාජකාරී නවතා ඇමෙරිකාවේ සංචාරය කළා. ඉන්දියාව යම්කිසි හෝ සහනයක් හෝ ලබාගත්තේ එම සංචාරයත් සමගයි. නමුත් ශ්‍රී ලංකාව එම ස්වර්ණමය අවස්ථාව මගහැරියා. එම තීරණයත් සමග ජී.එස්.පී. බදු සහනය හිමිව තිබූ ශ්‍රී ලංකා භාණ්ඩ 3000කට පමණ නව බදු පැනවුණා. එය මෙරට ඩොලර් බිලියන තුනක අපනයන ආර්ථිකයට හානියක් පමණක් නොවෙයි. ඇඟලුම් ක්ෂේත්‍රය කඩා වැටීමෙන් රැකියා දහස් ගණනක් අනතුරට පත්විය හැකියි. මෙරට මැණික් කර්මාන්තය කඩාවැටීමේ අනතුරකට ලක්වෙනවා.

වාර්ෂිකව ඩොලර් බිලියන තුනක් මෙරට ආර්ථිකයෙන් ඉවත් වීම ඔස්සේ යළිත් පහසුවෙන්ම විදෙස් මුදල් හිඟයක් ඇතිවීමේ අවදානමක අප සිටිනවා. ට්‍රම්ප් රජය විසින් තීරුබදු පැනවූ සෑම රටකටම වඩා ශ්‍රී ලංකාවට සිදුවන හානිය වැඩියි. එම රටවලට වෙනත් විකල්ප තිබෙනවා. එමෙන්ම ඔවුන්ගේ ආර්ථිකය ශ්‍රී ලංකාව තරම් අවදානමක නැහැ. එමෙන්ම හොඳින් නිරීක්ෂණය කළහොත් ගෝලීය ඇඟලුම් වෙළෙඳපොළේ ශ්‍රී ලංකාවට තරගයක් දීමට සිටින බංග්ලාදේශය, වියට්නාමය සහ ඉන්දියාව වැනි රටවලට පනවා තිබෙන බදු ප්‍රතිශත ශ්‍රී ලංකාවට වඩා අඩුයි. ඒ ඔස්සේ එක් රැයකින් ශ්‍රී ලංකා ඇඟලුම්වලට වඩා එම රටවල නිෂ්පාදිත ඇඟලුම් ඇමෙරිකානු වෙළෙඳපොළේ මිලෙන් අඩුවෙනවා. ඒ සමගම මෙරටට ලැබෙන ඇඟලුම් ව්‍යාපාර සියල්ල වියට්නාමයට, බංග්ලාදේශයට හෝ ඉන්දියාවට හිමිවිය හැකියි.

කනගාටුවට කරුණ නම් මේ අනතුර තරමක් දුරට හෝ වළක්වාගත හැකිව තිබූ එකක්. ස්වල්ප මොහොතකට පෙර මේ තීරුබදු සම්බන්ධයෙන් රජයට නිර්දේශ ඉදිරිපත් කිරීමට ජනපතිවරයා කමිටුවක් පත්කර තිබෙන බව දුටුවා. සැබැවින්ම ශ්‍රී ලංකාවේ සහ ඇමෙරිකාවේ වෙනස නිර්මාණය වන්නේ මේ තීරණ ගැනීමේ සහ ක්‍රියාත්මක වීමේ වේගය නිසායි.

ඇමෙරිකාව මාසයකට පෙර අනතුරු ඇඟවීම් කළා. ඉන් පසුව පොරොන්දු වූ දිනයේම තීරණය ලබාගත්තා. ඉන්දියාව වැනි රටවල් ක්ෂණිකව ක්‍රියාත්මක වුණා. ශ්‍රී ලංකා රජය අශ්වයා පැනගිය පසු ඉස්තාලය වසනවා මෙන්, සියල්ල සිදුවූ පසු කමිටුවක් පත්කරලා. කනගාටුව එයයි.

ඉරේෂාන් සිරිවර්ධන

SendShareShare
Previous Post

මෝදි උතුරු නැගෙනහිර වතුකරයේ සියලු දමිළ නායකයන් එක්ක කතා කරයි!  PHOTOS I Sri Lanka Latest News

Next Post

ලංකාව අමාරුවේ වැටුණු වෙලාවේ ඉන්දියාව දුන්නු ලොකුම උදව්ව කිසිදිනක අමතක නොකරන බව විපක්ෂනායක සජිත් ඉන්දීය අගමැති මෝදිට කියලා! VIDEO & PHOTOS I Sri Lanka Latest News

MORE NEWS

හරිනිත් කලින් ගිහින් දැනුවත් කළා! විමලුත් ගිහින් ආණ්ඩුව ගේන්න යන අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ගැන මල්වතු මහනාහිමියන් දැනුවත් කරයි! ‘අනාගමික-සමරිසි’ කතා එළියට! මාලිමා ආණ්ඩුව කරන්න යන අධ්‍යාපන ‘සිපයිකරණයට’ එරෙහිව සත්‍යග්‍රහයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

විමලුත් ජනාධිපති සූට් මහයි! VIDEO I Sri Lanka Latest News

අමෙරිකාව තෑගි දීපු නැව අනුර ඇවිත් බාරගනී! PHOTOS I Sri Lanka Latest News
Exclusive

අමෙරිකාව තෑගි දීපු නැව අනුර ඇවිත් බාරගනී! PHOTOS I Sri Lanka Latest News

මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News

තිස්ස කුට්ටිට භික්ෂු පෙරමුණෙන් දැඩි ප්‍රහාරයක්! ඔයා කව්ද පිස්සු කුට්ටි…! VIDEO I Sri Lanka Latest News
Exclusive

තිස්ස කුට්ටිට භික්ෂු පෙරමුණෙන් දැඩි ප්‍රහාරයක්! ඔයා කව්ද පිස්සු කුට්ටි…! VIDEO I Sri Lanka Latest News

ඩොලර් හංගන් ඉන්න තැන් හොයන්න හදිසි මෙහෙයුමක්! වෘත්තිකයන් පස්සේ පන්නන්න තීන්දු කරයි!
Exclusive

වල්ලාපට්ට-කිලෝ පේර-නයි මිරිස්-කොච්චි මිරිස්-වැනිලා වගේ එක එක වගාවන් පෙන්වලා සල්ලි එකතු කරන්න කාටවත් බෑ! ඒක නීති විරෝධීයි! අහුවෙන්න එපා! සත පහක් ආයෝජනය කරන්න එපා! මහබැංකුවෙන් ජනතාවට දැනුම් දීමක්! VIDEO I Sri Lanka Latest News

පෙරේදා කියපු එක ඊයේ ඉල්ලා අස්කරගන්නවා! සමාවෙන්න… -තීනියාවල පාලිත හාමුදුරුවෝ..! VIDEO I Sri Lanka Latest News
Exclusive

පෙරේදා කියපු එක ඊයේ ඉල්ලා අස්කරගන්නවා! සමාවෙන්න… -තීනියාවල පාලිත හාමුදුරුවෝ..! VIDEO I Sri Lanka Latest News

Load More
හරිනිත් කලින් ගිහින් දැනුවත් කළා! විමලුත් ගිහින් ආණ්ඩුව ගේන්න යන අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ගැන මල්වතු මහනාහිමියන් දැනුවත් කරයි! ‘අනාගමික-සමරිසි’ කතා එළියට! මාලිමා ආණ්ඩුව කරන්න යන අධ්‍යාපන ‘සිපයිකරණයට’ එරෙහිව සත්‍යග්‍රහයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

විමලුත් ජනාධිපති සූට් මහයි! VIDEO I Sri Lanka Latest News

හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතා පවසන්නේ 2029 වසරේදී තමන් වුවද ශ්‍රී ලංකාවේ ජනාධිපති ධුරයට පත්විය හැකි බවයි. තමන් ඒ සඳහා...

Read more
අමෙරිකාව තෑගි දීපු නැව අනුර ඇවිත් බාරගනී! PHOTOS I Sri Lanka Latest News

අමෙරිකාව තෑගි දීපු නැව අනුර ඇවිත් බාරගනී! PHOTOS I Sri Lanka Latest News

මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News

මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News

තිස්ස කුට්ටිට භික්ෂු පෙරමුණෙන් දැඩි ප්‍රහාරයක්! ඔයා කව්ද පිස්සු කුට්ටි…! VIDEO I Sri Lanka Latest News

තිස්ස කුට්ටිට භික්ෂු පෙරමුණෙන් දැඩි ප්‍රහාරයක්! ඔයා කව්ද පිස්සු කුට්ටි…! VIDEO I Sri Lanka Latest News

ඩොලර් හංගන් ඉන්න තැන් හොයන්න හදිසි මෙහෙයුමක්! වෘත්තිකයන් පස්සේ පන්නන්න තීන්දු කරයි!

වල්ලාපට්ට-කිලෝ පේර-නයි මිරිස්-කොච්චි මිරිස්-වැනිලා වගේ එක එක වගාවන් පෙන්වලා සල්ලි එකතු කරන්න කාටවත් බෑ! ඒක නීති විරෝධීයි! අහුවෙන්න එපා! සත පහක් ආයෝජනය කරන්න එපා! මහබැංකුවෙන් ජනතාවට දැනුම් දීමක්! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.