ඔමාන් හිදී ඉරානය හා එක්සත් ජනපදය අතර ඊයේ පැවති න්‍යෂ්ටික සාකච්ඡා අවසන් වී පැය කිහිපයකින් පසුව,එක්සත් ජනපදය ඉරානයේ තෙල් වෙළඳාමට එරෙහිව නව සම්බාධක පනවා ඇත.Sri Lanka Latest News
එම නව සම්බාධක යටතේ ඉරාන තෙල් අලෙවියට සහාය දුන් බව කියන සමාගම් 15 ක් සහ නෞකා 14 ක් ඉලක්ක කර ඇති අතර තෙල් ආදායම් හරහා ඉරානය කලාපීය ත්‍ර!ස්!ත කණ්ඩායම් වලට ලබා දෙන සහාය වැළැක්වීම මෙහි අරමුණ බවත් එක්සත් ජනපදය පවසයි.සාකච්ඡා පැවති අතරම මෙවැනි සම්බාධන පැනවීම දෙරට අතර පවතින ගැටුම් සහ අවිශ්වාසය තවදුරටත් පැහැදිලි කරන සංඥාවක් ලෙස විශ්ලේෂකයන් සඳහන් කරයි.
වයඹදිග ඉරානයේ අර්ඩබිල් හි ප්‍රධානතම තෙල් පිරිපහදු සංකීර්ණයක තවත් අභිරහස් පිපිරීමක් ඊයේ හවස සිදු වී තිබෙනවා.මෙම ඉන්ධන ගබඩාව ඉරානයේ ඇති විශාලතම තෙල් ගබඩාවලින් එකකි.ඉරානය හා එක්සත් ජනපදය අතර ඔමාන්හී සාකච්ඡා අතරතුර මෙම පිපිරීම වී ඇත.
මුලාශ්‍රය: Reuters










