උතුර, උතුරුමැද, නැගෙනහිර, ඌව ඇතුළුව දිවයිනේ ප්‍රදේශ රැසකට ඉදිරි දින කිහිපය තුළ සවස 2න් පසුවද ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.Sri Lanka Latest News
බස්නාහිර සහ සබරගමුව පළාත්වලටත්, හම්බන්තොට, ගාල්ල, මාතර යන දිස්ත්‍රික්කවල ඇතැම් ප්‍රදේශවලටත් මෙම තත්ත්වය ඇතිවිය හැකි බවද දෙපාර්තමේන්තුව කියයි.
එසේම මෙම වැසිවාර පවතින අවස්ථාවල අකුණු තත්ත්වයන්ද ඇතිවිය හැකි බැවින්, එම අනතුරුවලින් ආරක්ෂා වීම සඳහා ජනතාව පියවර ගත යුතුව ඇති බවද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව වැඩිදුරටත් කියයි.
නන්දන ශ්‍රී දොරකුඹුර










