රජය 2020 වසරේ දී IMF සම්බන්ධතාවය බැහැර කරන විට සමගි ජන බලවේගය එයට විරුද්ධ වී IMF එකට යන ලෙස පැවසූ බවත් එම ස්ථාවරයේ තවමත් සිටින බවත් IMF එකත් එක්ක ගනුදෙනු කිරීමේ දී මේ රජය උදාසීන දුර්වල අකාර්යක්ෂම වැඩපිළිවෙළක් අනුගමනය කර ඇති බවත් මෙවැනි ගනුදෙනු සෑම විටම රටේ ජනතාව වෙනුවෙන් ලබා ගත හැකි උපරිමය ලබා ගත හැකි ලෙස සිදු විය යුතු වුවත් වත්මන් රජය එවැනි ගිවිසුමක එළඹ නැති බව පෙනී යන බවත් විපක්ෂ නායකවරයා පැවසීය.Sri Lanka Latest News
වත්මන් රජය IMF එක මත තමන්ගේ තීන්දු තීරණ පටවා ජනතාවත් වෘත්තීය සමිතිත් රටත් මුලා කර බොරුවෙන් රජ කරන යුගයක් ඇති කර තිබෙන බවත් IMF එකේ කණ්ඩායම සමගි ජන බලවේගය හමු වූ අවස්ථාවේ විපක්ෂ නායකවරයා ලෙස තමන් ප්‍රකාශ කර සිටියේ වත්මන් රජය ඇති කර ගත් ගිවිසුම සමගි ජන බලවේග රජයක් යටතේ ජනතාවගේ පැත්තෙන් සිතා වෙනස් කරන බවත් ඒ ස්ථාවරයේ තවමත් සිටින බවත් විපක්ෂ නායකවරයා මෙහි දී පැවසීය.
මේ සාකච්ඡාවේදී දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ වැඩසටහනේ දී රජය විසින් තම ගජමිතුරන්ට සුපිරි පොහොසතුන්ට ව්‍යාපාරිකයන්ට සහන ලබා දී වැඩ කරන ජනතාව මත විශාල බදු පටවා සිදු කළ ඒ අසාධරණය සම්බන්ධයෙන් පැහැදිලි කර දුන් බවත් වත්මන් රජය ජනතාව මත බදු පැටවූවාට සමගි ජන බලවේග රජයක් යටතේ අසාධාරණ ආකාරයට මිනිසුන්ගේ පැත්තෙන් සෘණාත්මක ගිවිසුමකට නොයන බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ විපක්ෂ නායක කමිටුවට රාජ්‍ය ආයතන වෘත්තීය සමිති එකමුතුව කැදවූ අවස්ථාවේ දීය.
එසේම 90 දශකයේ දළ දේශිය නිෂ්පාදිතයට ප්‍රතිශතයක් ලෙස රාජ්‍ය ආදායම් සියයට 20ත් 22ත් අතර පැවැති බවත් යහපාලන රජයේ එය සියයට 12ත් 13ත් අතර පැවති නමුත් පසුගිය රජය සුපිරි පොහොසතුන්ට බිලියන 600ක 700ක බදු සහන ලබා දීම තුළ රාජ්‍ය ආදායම සියයට 12 සිට 8 දක්වා අඩු වූ බවත් මේ නිසා රට බංකොලොත් වූ බවත් විපක්ෂ නායකවරයා පැවසීය.
එමෙන්ම බදු නොගෙවීම, බදු සහන ලබා දීම සහ බදු පරිපාලනය හරි හැටි සිදු නොවිම නිසා රටේ බදු අය කිරීම සාධාරණව සිදු නොවන බවත් සමහර මත්පැන් සමාගම්වලට බිලියන ගණනින් බදු අය නොකර සිට වැඩ කරන ජනතාව මත අධික බදු බරක් පටවා ඇති බවත් මේ සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ පවා හඩ නැගූ බවත් විපක්ෂ නායකවරයා පැවසීය.
තවද රටේ බුද්ධි ගලනය වලක්වා ගැනීමට ප්‍රශස්ත වැඩසටහනක් සමගි ජන බලවේගයට ඇති බවත් පැවසූ විපක්ෂ නායකවරයා කියා සිටියේ රජය සම්මත කර ගත් දූෂණය වැළැක්වීමේ පනතේ එක් අඩුපාඩුවක් වන ව්‍යවස්ථාදායක මණ්ඩලය හරිහැටි නිර්වචචනය කර නොමැති වීම නිසා ඊට සාමාජිකයන් පත් කිරිමට මැදිහත් වීමට ව්‍යවස්ථාදායක සභාවට හැකියාවක් නොමැති බවත් මෙය රජයේ කුමන්ත්‍රණයක් ද කියා සැකයක් මතුවන බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මෙහි දී පැවසිය.