විදුලිය කප්පාදුව ඇතුළු ගැටලු හේතුවෙන් සංචාරක කර්මාන්තය පසුගිය වසර කිහිපයට සාපේක්ෂව මේ වන විට දැඩි පසුබෑමකට ලක්ව ඇති බව උනවටුන ප්‍රදේශයේ සංචාරක හෝටල් හිමියන් පවසනවා.
පැය 2යි විනාඩි 20ක කාලයක් විදුලිය කප්පාදු කිරීම, සංචාරක කර්මාන්තයට අත්‍යාවශ්‍ය යටිතල පහසුකම් සපයා ගැනීමට නොහැකි වීම සහ ලබාගත් බැංකු ණය ගෙවාගැනීමට නොහැකි වීම ඇතුළු කරුණු හේතුවෙන් තමන් දුෂ්කරතාවට පත්ව ඇති බවයි එම ව්‍යාපාරිකයන් ඊයේ (07) පැවැති මාධ්‍ය හමුවකදී සඳහන් කර සිටියේ.










