• About us
  • Contact us
Friday, July 24, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

අද නීතීඥවරුන්ටවත් වෘත්තීය කරන්න ඉඩක් නෑ! මදුරුවෝ මරනවා වගේ මහපාරේ මිනිස්සු මරනවා! සජිත් හම්බන්තොට සූරියවැවේ ගොවි ගැටලු සොයා බලයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

February 16, 2026
in Exclusive
Reading Time: 19 mins read
A A
අද නීතීඥවරුන්ටවත් වෘත්තීය කරන්න ඉඩක් නෑ! මදුරුවෝ මරනවා වගේ මහපාරේ මිනිස්සු මරනවා! සජිත් හම්බන්තොට සූරියවැවේ ගොවි ගැටලු සොයා බලයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

ආණ්ඩුවේ හෝ විපක්ෂයේ හෝ ඔ්නෑ ම මහජන නියෝජිතයකුගේ වගකීම වන්නේ ජනතාවගේ ජීවත් වීමේ අයිතිය සහ සුරක්ෂිතභාවය තහවුරු කිරීම බවත් මෙය යුතුකමක් වුවත් අද මහපාරේ මදුරුවෝ මරණ ගානට මිනිසුන් ඝාතනය කිරීම් සිදු වන බවත් නීතිඥයන් ඇතුළු වෘත්තියකයන්ට පවා සිය වෘත්තීන්හි නියැලීමට නොහැකි වී ඇති බවත් පවුල් පිටින් ඝාතනය කරන සංස්කෘතියක් රටේ ඇති බවත් මේ ආකාරයෙන් නම් රටකට ඉදිරියට යා නොහැකි බවත් ජනතාව පවා මර බියෙන් ජීවත් වෙන බවත් නිවසේදීත් මහමගදීත් රැකියාවේදීත් ඝාතනය කරන තැනට රට පත්ව ඇති බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.Sri Lanka Latest News

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ හම්බන්තොට සූරියවැව අන්දරවැව බලප්‍රදේශයේ ගොවි ජනතාව මුහුණ දෙන ගැටලු සම්බන්ධයෙන් සොයා බැලීමට එම ප්‍රදේශයේ සිදු කළ සංචාරය අතරතුරය.

අප රටේ නීතිය හා සාමය සුරක්ෂා විය යුතු බවත් පාතාලය මර්දනය කරනවා කිව්වත් මේ මරණ සිදු වන විට ඒවා පාතාලයේ ක්‍රියාකාරකම් යැයි රජය කියමින් යන බවත් දැන් වෙනදටත් වඩා ඝාතන හා මිනිමැරුම් සංස්කෘතිය වර්ධනය වී ඇති බවත් කුමන ජාතියකට ආගමකට කුලයකට හෝ පක්ෂයකට අයිති වුවත් ජීවත් වීමේ අයිතිය සුරක්ෂා විය යුතු වුවත් අද කැලෑ නීතිය රජ වී ඇති බවත් බංකුවක් අරන් ආවොත් ජාතික ආරක්ෂාව ගැන ටියුෂන් දෙන්නම් කියූ මේ අය අද රටේ ජීවත් වීමේ යුගයක් නොව මරණය කරා ජනතාව ගෙන යන පාලනයක් රටේ ඇති කර තිබෙන බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

මිනිසා ජීවත් කරවන්න ප්‍රමුඛස්ථානය දිය යුතුයි

වන අලි මිනිස් ගැටුමෙන් මිනිස් ජිවිත හා සතා සිව්පාවා මිය යන විට පාතාල ක්‍රියාකාරකම් හා නීතිය හා සාමය ශක්තිමත් නොවීම නිසාද ජනතාවගේ ජීවිත දිනෙන් දින අහිමි වෙමින් යන බවත් ප්‍රථමයෙන් සිදු විය යුත්තේ මිනිසා ජීවත් කර මිනිසා ආරක්ෂා කිරීම නිසා ඒ වෙත ප්‍රමුඛතාව දිය යුතු බවත් විපක්ෂ නායකවරයා පෙන්වා දුන්නේය.

ගොවියන් අතර බෙදීම් ඇති කර ගන්න එපා

ගොවි ජනතාව අතරම ගැටලු, අමනාපකම් ඇතිව තිබෙන බවත් අලි මිනිස් ගැටුම වගා හානි ගැටුම් මේ වන විට දිගින් දිගටම උග්‍ර වෙමින් තිබෙන බවත් වන සතුන්ට වෙන් වූ රක්ෂිත කලාපවල සිදුවන විවිධ ක්‍රියාකාරකම් නිසා ගොවි ජනතාව පවා අසරණ වී ඇති බවත් එම නිසා විවිධ හේතු මත ගොවි ජනතාව අතර බෙදීම් ගැටුම් ඇති කර නොගන්නා ලෙස ඉල්ලා සිටින බවත් මේ අවස්ථාවේ ගොවියා සිදු කළ යුත්තේ තමන් සිදු කරන කෘෂිකර්මාන්තය ගැටලුවකින් තොරව සිදු කිරීම බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

අපි ගොවි ජනතාව වෙනුවෙන් නව ප්‍රඥප්තියක් නිර්මාණය කරනවා

කවුරුහරි රක්ෂිත, වාරි බලප්‍රදේශ අත්පත්කර ගෙන ඇත්නම් අදාළ බලධාරීන් නිලධාරීන් දැනුවත් කරන ලෙසත් රණ්ඩු වී ගැටලු විසදා ගත නොහැකි නිසා ගොවි ජනතාව එකට එකතු වී කටයුතු කළ යුතු බවත් ඉදිරියේ දී ගොවි ජනතාවගේ අයිතිය සුරක්ෂා කරන්න ගොවි ප්‍රඥප්තියක් නිර්මාණය කර සෑම වගාවකම නිරතරවන ගොවි ජනතාව වෙනුවෙන් ඒ ප්‍රඥප්තිය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ගොවි ජනතාව වෙනුවෙන් ජාතික සැලසුමක් සකස් කරන්න අපේක්ෂා කරන බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

ගොවියා වගා කටයුතු සිදු කරන්නේ ජීවිතේ අනතුරේ දමාගෙම

මේ වන විට ගොවියාගේ ඉඩම් ගැටලු, ගුණාත්මකභාවයෙන් යුත් බීජ නොමැති වීම, බීජවල මිල ඉහළ යාම, නිෂ්පාදන ක්‍රියාවලියට අවශ්‍ය උපකරණවල මිල ඉහළ යාම, යෙදවුම් මිල ඉහළ යාම සේම ගුණාත්මකභාවය පහළ යාම, නිසි වේලාවට පොහොර සහනාධාරය නොමැති වීම, නිෂ්පාදනවලට මිලක් නොමැති වීම ඇතුළු ගැටලු රැසක් දක්නට ලැබෙන බවත් ණය මර උගුල ඇතුළු ගැටලු රැසක් ඇති තත්ත්වයක් උඩ වගා කටයුතු කරන්නේ ජීවිත අනතුරේ දමාගෙන බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

අලි මිනිස් ගැටුම අවම කිරිමට සේම කෘෂිකර්මාන්තය ඉහළ නංවන්න ජාති ගොවි ප්‍රතිපත්තියක් සේම ගොවි ජනතාව සුරකින ප්‍රඥප්තියක් අවශ්‍ය නිසා ඒ වෙනුවෙන් සමගි ජන බලවේගය ඇපකැපවෙන බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

අලින්ට වෙන් කළ කලාපවල වෙන දේවල් කරන්න ගියාම අලි වගාභූමිවලට එනවා

අලි මිනිස් ගැටුම අවම කරන්න අලින්ට සුරක්ෂිත ප්‍රදේශයක් වෙන් කිරීමේ අරමුණින් අලි සංරක්ෂණ කලාප ගැසට් කර ඇති බවට ප්‍රකාශ වන බවත් මේ භූමිය තුළ අනිසි ආකාරයට සංවර්ධන ක්‍රියාදාමයක් සිදු කරන්නේ නම් ඒවා සිදු කරන්නේ ගොවියාට විරෝධී ක්‍රියාවක් බවත් අප රටේ සූර්ය බලශක්තිය ප්‍රවර්ධනය කළ යුත්තේ නිසි ක්‍රමවේදයක් තුළ බවත් කෘෂිකර්මාන්තයේ නියැලී සිටින ගොවි ජනතාව මුහුණ දෙන අලි මිනිස් ගැටුම වැඩිවන ආකාරයට මේ සංවර්ධන ව්‍යාපෘති ක්‍රියාත්මක වන්නේ නම් එය බරපතල ගැටලුවක් බවත් විපක්ෂ නායකවරයා පෙන්වා දුන්නේය.

SendShareShare
Previous Post

පොලිසියට දැඩි අප්‍රසාදය! ආණ්ඩුවට ලොකු බලකිරීමක්! ලංකාවේ සියලුම නීතීඥයන් අද උසාවි එන්නෙ නෑ! නඩු ඔක්කොම කල් යනවා! I Sri Lanka Latest News

Next Post

බංකු බංකු වාර්තාව මෙන්න! ගිය අවුරුද්දෙත් 100 පැනලා මැරුවා! මේ අවුරුද්දේ තාම ගියේ දවස් 45යි! දැනටමත් 9 දෙනෙක් වෙඩි තියලා මරලා! I Sri Lanka Latest News

MORE NEWS

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!
Exclusive

දවසේ දෙවැනි වෙඩිල්ල දෙමටගොඩින් පත්තු වුණා! I Sri Lanka Latest News

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News
Exclusive

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඒක කරන්න එපා..! මේක කරන්න! විපක්ෂ නායක සජිත්ගෙන් ආණ්ඩුවට උපදේශයක්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News
Exclusive

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ලෝකයේම ආර්ථිකය කඩා වැටෙන්නයි යන්නේ! අවුරුදු 4කට පසු බොරතෙල් බැරලය ඩොලර් 90 පැන්නුවා! I Sri Lanka Latest News
Exclusive

ඊයෙ ‌ඩොලර් 95යි! අද 98යි! බොරතෙල් බැරලය දවසින් දවස නගිනවා! I Sri Lanka Latest News

සජිත්ගේ ආරාධනාව පිළිගෙන මුළු රටේම විපක්ෂය එක මිටට නොම්බර 30ට එකතු වෙයි! සජිත් රනිල්ට අතට අත දෙයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

සජිත්ගේ ආරාධනාව පිළිගෙන මුළු රටේම විපක්ෂය එක මිටට නොම්බර 30ට එකතු වෙයි! සජිත් රනිල්ට අතට අත දෙයි! VIDEO I Sri Lanka Latest News

Load More
තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!
Exclusive

දවසේ දෙවැනි වෙඩිල්ල දෙමටගොඩින් පත්තු වුණා! I Sri Lanka Latest News

දෙමටගොඩ, කුප්පියාවත්ත සුසාන භූමිය ආසන්නයේ සිදුකළ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු තුවාල ලබා තිබේ.Sri Lanka Latest News යතුරුපැදියකින් ගමන් කරමින් සිටි පුද්ගලයින්...

Read more
කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

ඒක කරන්න එපා..! මේක කරන්න! විපක්ෂ නායක සජිත්ගෙන් ආණ්ඩුවට උපදේශයක්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ලෝකයේම ආර්ථිකය කඩා වැටෙන්නයි යන්නේ! අවුරුදු 4කට පසු බොරතෙල් බැරලය ඩොලර් 90 පැන්නුවා! I Sri Lanka Latest News

ඊයෙ ‌ඩොලර් 95යි! අද 98යි! බොරතෙල් බැරලය දවසින් දවස නගිනවා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.