• About us
  • Contact us
Friday, July 24, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

මට නින්දා අපහාස කරන අය මම රටට කළ ‌සේවයෙන් බිඳක්වත් කරලා නෑ! අලුත් ගමනක් යන්න ජනපති තීන්දු කරයි!

January 2, 2022
in Exclusive
Reading Time: 5 mins read
A A
හදිසියේ කැඳවූ ආණ්ඩු පක්ෂයේ කණ්ඩායම් රැස්වීමක් ජනපති සිංගප්පූරුවේ ඉඳන්ම නවත්වන්න කියලා! හදිසියේම ලංකාවට ආ හේතුවත් ඒකද?
Share on WhatsAppShare on Facebook

මෙතෙක් අප ගමන් මගේ දී මුහුණදීමට සිදු වූ බාධක මගහරවා ගනිමින් නව ගමනක් යෑමටත්, මා මෙරට ජනපති ලෙස තෝරා පත් කළ ජනතාවගේ අභිලාෂයන් මුදුන්පත් කරදීමටත් තමා සුදානම් බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පැවසීය.

ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කළේ, කෝට්ටේ සංඝ සභාවෙන් ජනාධිපතිවරයා වෙත ශ්‍රී ලංකාධීශ්වර පද්ම විභූෂණ ගෞරව නාමය ප්‍රදානය කිරීම වෙනුවෙන් අද (02) පැවති උත්සවයේදීය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා,

“කෝට්ටේ ශ්‍රී කල්‍යාණි සාමාග්‍රී ධර්ම මහා සංඝ සභාව විසින් අද දින මා වෙත පිරිනැමූ ගෞරව නාමය මා නමස්කාර පුර්වක නිහතමානී ගෞරවයකින් පිළිගන්නා බව ප්‍රථමයෙන් සඳහන් කිරීමට කැමතියි.  ඒ වගේම ඉදිරියට රටේ අනාගත වැඩපිළිවෙල සාර්ථකව කරගෙන යෑම උදෙසා මා වෙත කළ ආශීර්වාදය මා හට විශාල ශක්තියක් හා ධෛර්යක් වන බව මා විශ්වාස කරනවා.” 

“ඒ වාගේම මාහට ලබාදුන් අනුශාසනාමය මගපෙන්වීම ඉමහත් ලෙස අගය කරනවා සේම, ඒ සියල්ල ගෞරවයෙන් පිළිගන්නවා. එය මගේ භාග්‍යයක් සේ ද සලකනවා.”

“දෙමාපිය උරුමයෙන් බෞද්ධයෙකුව උපත ලැබීමත්, මෙරට ප්‍රධාන පෙළේ බෞද්ධ පාසලක් වන කොළඹ ආනන්ද විද්‍යාලයෙන් ලැබූ ශික්ෂණයත්, කල්‍යාණ මිත්‍ර මහා සංඝරත්නයේ අවවාද අනුශාසනා පිළිපැදීමෙන් ලද ආභාෂයත්, හමුදා සේවයේ යෙදීම නිසා ලැබු විනයත් මාගේ දිවිය ඔප් නංවන්නට හේතු කාරණා වූ බව මේ මොහොතේ විශේෂයෙන් සඳහන් කරන්න කැමතියි.” 

“අද ඔබ වහන්සේලා මට ගෞරවයන් ප්‍රදානය කරන්නේ රට වෙනුවෙන් මා හමුදා නිලධාරියෙකු වශයෙනුත්, ආරක්‍ෂක ලේකම් ලෙසත් රට වෙනුවෙන් කල සේවාව ද අගයමිනි.” 

“මාගේ විසි අවුරුදු හමුදා ජීවිතයේ දී ඊළාම් යුද්ධයේ මුල් අවධියේත්, දෙවන ඊළාම් යුද්ධයේදීත් උතුරු නැගෙනහිර ප්‍රදේශවල ක්‍රියාන්විත රාශියක් කරනු ලැබුවා.”

“ඉන්දියානු සාම හමුදාව එන්නට ප්‍රථම, එවකට කළ විශාලතම ක්‍රියාන්විතය වන වඩමාරච්චි ක්‍රියාන්විතයේ බළඇණි හතරෙන් එක් බළඇණියක අණ දුන්නේ මමයි.”

“දෙවන ඊළාම් යුද්ධය ආරම්භ වූ අවස්ථාවේ යාපනය කොටුව නිදහස් කරගැනීමට මුල් වූ බළඇණි දෙකින් එකකට අණ දුන්නේ මමයි. වැලිඔය, වවුනියාව සහ ත්‍රිකුණාමලය වැනි ප්‍රදේශවල ක්‍රියාන්විත රාශියක් මා කරනු ලැබුවා. ඒ වෙනුවෙන් මට රණශූර සහ රණ වික්‍රම පදක්කම් සහ ජනාධිපති සම්මාන ලැබුණා.”

“ආරක්‍ෂක ලේකම් වශයෙන් අවුරුදු තිහක් පුරා පැවති යුද්ධය නිම කිරීම සඳහා සෘජුවම දායක වෙමින් කළ සේවය ඔබ වහන්සේලා දන්නවා. මා සිංහලයන් බහුතරයකගේ ඡන්දයෙන් තේරී පත්වූ ජනාධිපතිවරයෙකු බව එදා රුවන්වැලි මහා සෑය ඉදිරියේ ජනපති ධුරයේ දිවුරුම් දුන් දවසේ ප්‍රකාශ කළා.”

“මා මෙරට ප්‍රථම පුරවැසියා කිරීමට බොහෝ කැපවීම් කළ සිංහල බෞද්ධයන් හා එම උරුමය රැක බලා ගැනීම, මා හට පැවරී ඇති පරම වගකීමක් බව මා තරයේ විශ්වාස කරනවා. ඒ වෙනුවෙන් මා නිරන්තරයෙන් කැපවෙන බවත්, මා ලබා ඇති බෞද්ධ ශික්ෂණය හා ආභාෂය නිසාම මෙරට අනෙකුත් සහෝදර ආගමික පුරවැසින්ට බියෙන් සැකෙන් තොරව නිදහසේ ජිවත්වීමේ පරිසරයක් මා උදාකර දී ඇති බවත් විශේෂයෙන් සඳහන් කළ යුතුයි.” 

ගෞරවනීය ස්වාමීන් වහන්ස, “මා ජනාධිපති ලෙස පත්වන්නට පෙර කූරගල පුදබිම, මුහුදු මහා විහාරය, දීඝවාපි පුදබිම ආදී අපගේ බෞද්ධ සිද්ධස්ථාන තිබූ ආකාරය, ඒවායේ වැඩ සිටි භික්ෂූන් වහන්සේලාට සැලකූ ආකාරය, එම විහාර ඉඩම්වලට අත්වූ ඉරණම ගැන අප කවුරුත් දන්නවා. එම විහාරස්ථානවල වර්තමාන තත්ත්වය ගැන අප සියලු දෙනාටම සතුටු විය හැකියි.” 

“මාගේ පාලන කාලය තුළ අපගේ ඉපැරණි බෞද්ධ උරුමයන් සුරක්ෂිත බව අප ක්‍රියාවෙන් සහතික කර තිබෙනවා. පුරා දෙවසරක් තිස්සේ ලෝකයම වෙලාගත් වසංගත තත්ත්වය සාර්ථකව පාලනය කිරීමට අපට හැකි වුනා. එහෙත් මෙරට ජනතාවට ඉන් ඇතිවූ යම් ආර්ථික හා සමාජ පීඩනයන් හේතුවෙන් පැන නැගුණු අපහසුතා නිසා ඇතැම් පුද්ගලයන් මා හට නින්දා අපහාස කළත්, මට එය උපේක්ෂාවෙන් විඳ දරා ගැනීමේ ශක්තියක් තියෙනවා.”

“ඒ වගේම මට අපහාස කරන කිසිවෙකුත් මගේ ජීවිත කාලය තුළ මා රටට කළ සේවාවෙන් බිඳක්වත් කර නැති අයයි. මේ ලෝකයේ නින්දා හෝ ප්‍රශංසා පමණක් ලැබූ පුද්ගලයෙක් සිට නොමැතිය යන උතුම් බුද්ධ දේශනාව ධම්මපදය ක්‍රෝධ වග්ගයේ සඳහන්ව තිබෙනවා.”

“මේ රටේ බෞද්ධ දර්ශනය ආරක්ෂා කොට පෝෂණය කිරීමට මම ඇප කැප වී සිටින බව මේ මොහොතේ විශේෂයෙන් සඳහන් කළ යුතුයි. වසර දහස් ගණනක ඉතිහාසයක් ඇති සිංහල සංස්කෘතිය හා උරුමයන් අප හැම විටම ආරක්ෂා කළ යුතුයි. ඒ නිසා අපේ සාරධර්ම පාරම්පරික සිරිත් විරිත් හා අපේකම ආරක්ෂා කිරීමට රාජ්‍ය අනුග්‍රහය ඉදිරියටත් නොකඩවා ලබා දෙනවා.”

“ඉතිහාසය පුරා මේ රටේ ප්‍රධාන සංස්කෘතිය හා බැඳි සාමයෙන්, සහජීවනයෙන් ජීවත් වූ සියලුම ශ්‍රී ලාංකික පුරවැසියන්ට, ආගමික, ජාතික අනන්‍යතාවන් රැකගෙන ගෞරවාන්විතව ජීවත්වීමට ඇති අයිතිය මම හැමවිටම සුරකිනවා. මෙතෙක් අප ගමන් මගේ දී මුහුණදීමට සිදු වූ බාධක මගහරවා ගනිමින් නව ගමනක් යෑමටත්, මා මෙරට ජනපති ලෙස තෝරා පත් කළ ජනතාවගේ අභිලාෂයන් මුදුන්පත් කරදීමටත් මා සුදානම්.”

“ඒ සඳහා ගත යුතු දැඩි තීන්දු තීරණ ගන්නට සිදුවේ නම්, ඒ සඳහාත් මා සුදානම් බව මේ අති පූජනීය, ගෞරවනීය සංඝරත්නය ඉදිරියේ වගකීමෙන් ප්‍රකාශ කරනවා. කෝට්ටේ ශ්‍රී කල්‍යාණි සාමග්‍රී ධර්ම මහා සංඝ සභාව විසින් අද දින මා වෙත පිරිනැමූ ගෞරව නාමය හා ආශීර්වාදය මා නමස්කාර පූර්වක නිහතමානී ගෞරවයකින් පිළිගන්නා බව මා නැවත සිහිපත් කරනවා. මේ ලැබූවා වූ නව වසර අති පූජනීය මහානායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ ප්‍රමුඛ ගෞරවණිය මහා සංඝරත්නයටත්, ඔබ සියලු දෙනාටත් සෞභාග්‍යයෙන් පිරි වාසනාවන්ත වසරක් වේවායි ඉත සිතින් ප්‍රාර්ථනා කරනවා.”

SendShareShare
Previous Post

අපි දීපු පොහොර වර්ග 4 ගහන්නෙ නැතිව උඩ බලාගෙන සිටි ගොවීන්ට වන්දි දෙන්නෙ නෑ! මහින්දානන්දගෙන් අමුතු තාලෙ කතාවක්! (VIDEO)

Next Post

ඔන්න හරියට හැදුවා කියපු අලුත් ගෑස් සිලින්ඩරේකුත් පුපුරලා!

MORE NEWS

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!
Exclusive

දවසේ දෙවැනි වෙඩිල්ල දෙමටගොඩින් පත්තු වුණා! I Sri Lanka Latest News

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News
Exclusive

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඒක කරන්න එපා..! මේක කරන්න! විපක්ෂ නායක සජිත්ගෙන් ආණ්ඩුවට උපදේශයක්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News
Exclusive

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ලෝකයේම ආර්ථිකය කඩා වැටෙන්නයි යන්නේ! අවුරුදු 4කට පසු බොරතෙල් බැරලය ඩොලර් 90 පැන්නුවා! I Sri Lanka Latest News
Exclusive

ඊයෙ ‌ඩොලර් 95යි! අද 98යි! බොරතෙල් බැරලය දවසින් දවස නගිනවා! I Sri Lanka Latest News

සජිත්ගේ ආරාධනාව පිළිගෙන මුළු රටේම විපක්ෂය එක මිටට නොම්බර 30ට එකතු වෙයි! සජිත් රනිල්ට අතට අත දෙයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

සජිත්ගේ ආරාධනාව පිළිගෙන මුළු රටේම විපක්ෂය එක මිටට නොම්බර 30ට එකතු වෙයි! සජිත් රනිල්ට අතට අත දෙයි! VIDEO I Sri Lanka Latest News

Load More
තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!
Exclusive

දවසේ දෙවැනි වෙඩිල්ල දෙමටගොඩින් පත්තු වුණා! I Sri Lanka Latest News

දෙමටගොඩ, කුප්පියාවත්ත සුසාන භූමිය ආසන්නයේ සිදුකළ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු තුවාල ලබා තිබේ.Sri Lanka Latest News යතුරුපැදියකින් ගමන් කරමින් සිටි පුද්ගලයින්...

Read more
කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

ඒක කරන්න එපා..! මේක කරන්න! විපක්ෂ නායක සජිත්ගෙන් ආණ්ඩුවට උපදේශයක්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ලෝකයේම ආර්ථිකය කඩා වැටෙන්නයි යන්නේ! අවුරුදු 4කට පසු බොරතෙල් බැරලය ඩොලර් 90 පැන්නුවා! I Sri Lanka Latest News

ඊයෙ ‌ඩොලර් 95යි! අද 98යි! බොරතෙල් බැරලය දවසින් දවස නගිනවා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.