• About us
  • Contact us
Friday, June 5, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

සාදුකින් පෙළෙන උන් නැගිටලා පෙළ හැදී මැයි දිනේ සැමරුවේ පාට පක්ෂව බෙදී…

May 8, 2022
in Exclusive
Reading Time: 3 mins read
A A
සාදුකින් පෙළෙන උන් නැගිටලා පෙළ හැදී මැයි දිනේ සැමරුවේ පාට පක්ෂව බෙදී…
Share on WhatsAppShare on Facebook

මැයි පළමුවැනිදා ඉවරයි. ඒ කියන්නේ ලෝක කම්කරු දිනය ඉවරයි. අපි ලෝක කම්කරු දිනය රටක් විදියට සමරනවා. එක එක තාලෙට සමරනවා. සාමාන්‍යයෙන් රටකට මැයි පළමුවැනිදාවක් උදාවෙන්නේ කම්කරුවන්ට අරගලකාරී විදියට, විප්ලවකාරී විදියට, සටන්කාරී විදියට එළියට බහින්න. දැන් නම් එහෙම සටන්කාමී විදියට එළියට බැහිල්ලක් කම්කරුවන්ගෙ නෑ. කම්කරුවන්ට මැයි මාසෙ පළමුවැනිදාට නිවාඩු ලැබෙනවා. මේ නිවාඩුව සතුටින් ගතකරන්න කම්කරුවන්ට අවස්ථාවක් උදාකරලා නොදී, මැයි පළමුවැනිදා දවසේ විවිධ දේශපාලන කල්ලි සහ කණ්ඩායම් විසින් තමන්ගෙ බලය තහවුරු කරගැනීමේ පරමාර්ථයෙන් අරගල ව්‍යාපාර දියත් කරනවා. ඒ කියන්නේ ලංකාවෙදි නම් මේක සිද්ධ වෙන්නේ කොළඹ නගරය මූලික කරගෙන ඔක්කොම ටික එකට එකතු වෙලා කම්කරුවාට ජය වේවා කියලා දේශපාලකයො පෙළපාළි යනවා. කම්කරුවො එකම එක නිවාඩු දවසත් ඒ වෙනුවෙන් කැප කරලා තැන් තැන්වල පෝලිම්වල දුක් විඳිනවා. ඒක තමයි මැයි පළමුවැනිදාව කියලා කියන්නේ. මැයි පළමුවැනිදාව ඇත්ත වශයෙන්ම සමරන්නේ කම්කරුවා වෙනුවෙන් පීඩාවට පත්වෙච්ච සමාජය ඇතුළේ විවිධ තර්ජන ගර්ජන මැද්දේ දිවි ගෙවන කම්කරුවෝ තමන්ගෙ නිදහස උදෙසා තමන් මත පැටවිලා තියෙන තමන්ගෙ උර මතට තියලා තියෙන පාලකයන්ගේ බර සපත්තු අඩියෙන් නිදහස් වෙලා නිදහසේ ජීවිතය විඳීමේ පරමාර්ථය තමයි මේ මැයි පළමුවැනිදාවෙ තියෙන අදහස.

මැයි පළමුවැනිදා ගැන ලියන්න හදනවා නෙවෙයි. ජාත්‍යන්තර වශයෙන් මැයි පළමුවැනිදා සමරන එක ගැන කතා කරන එක පැත්තකට දාලා අපි මේ කියන්න යන්නේ ලංකාවෙ පහුගිය සතියෙ මැයි පළමුවැනිදාව සැමරුවේ කොහොමද කියන එක. ලංකාවෙ මේ වෙනකොට දේශපාලන පක්ෂ දෙකක් නෙවෙයි තියෙන්නේ. ලංකාවෙ මේ වෙද්දී ක්‍රියාකාරී මට්ටමේ දේශපාලන කණ්ඩායම් කිහිපයක් තියෙනවා. ඒ වගේම දේශපාලනික නොවන නිර්පාක්ෂික ව්‍යාපාරයකුත් ලංකාවෙ ඉතා සරුසාර විදියට මේ මොහොතේදී ව්‍යාප්ත වෙනවා. ඒක ඇතුළේ තියෙන නොපෙනෙන දේශපාලන බලවේගය මොකක්ද කියන්න අපි දන්නෙ නෑ. කොහොම නමුත් දැන් මේ මොහොතේ ලංකාවෙ ප්‍රධාන වශයෙන් ක්‍රියාත්මක වෙන දේශපාලන හෝ නිර්පාක්ෂික බලවේග ටික තමයි පොදුජන පෙරමුණ. ඒක මහින්ද රාජපක්ෂ, බැසිල් රාජපක්ෂ, ගෝඨාභය රාජපක්ෂ ඇතුළු කණ්ඩායම විසින් මෙහෙයවනවා. ඒ වගේම සමගි ජන බලවේගය. පැහැදිලිවම සජිත් ප්‍රේමදාස මහත්තයගෙ නායකත්වයෙන් යුතුව මෙහෙයවීම සිද්ධ කරනවා. ඉන් පස්සේ ප්‍රධාන පක්ෂය විදියට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, එක්සත් ජාතික පක්ෂය, ජනතා විමුක්ති පෙරමුණ ක්‍රියාත්මක වෙමින් මේ ක්‍රියාකාරී දේශපාලන ප්‍රවාහය තුළ ඉන්නවා. ඉන් පස්සේ ඉන්නවා පෙරටුගාමී සමාජවාදී පක්ෂය වගේ අතුරු පක්ෂ. හැබැයි පෙරටුගාමීන්ගෙ විශේෂත්වය තමයි කම්කරු දිනය වගේ ව්‍යාපාරවලදී ඔවුන් ටිකක් ක්‍රියාකාරී වෙනවා. මොකද මේ වගේ පක්ෂ ඇතුළේ තියෙන්නේ කම්කරු ව්‍යාපාරවල තියෙන හැඩය සහ ස්වභාවය නිසා.

ඒ වගේම ගෝල්ෆේස් එකේ නිර්පාක්ෂිකව බොහෝ පිරිස් එකතු වෙලා ඉන්නවා. මේ ලියන්න හදන්නේ විවිධ කණ්ඩායම් සහ කල්ලි තමන්ගෙ දේශපාලන ව්‍යාපාරය ඇතුළේ කොහොමද මැයි දිනය සැමරුවේ කියන එක ගැන. ඒ ගැන බොහෝ දෙනෙක් බොහෝ කාරණා දන්නවා. හැබැයි මේ ලියන කාරණාවත් එක්ක ගත්තම සමහර දේවල් ඔබට නුහුරු නුපුරුදු වෙන්නත් පුළුවන්. මොකද ලංකාවෙ මැයි පළමුවැනිදාව වෙනදා තිබුණට වඩා වෙනස් එකක් විදියටයි පැවැත්වුණේ.

මේ ලිපිය ලියන්න තියෙන ඉතා සුවිශේෂ කාරණාවක් වෙන්නේ මේ ලියුම්කරු වන මගේ දැනුමේ හැටියට ලංකාවෙ පාලක පක්ෂය විසින් ප්‍රධාන මැයි දිනයක් නොපවත්වපු පළමු අවුරුද්ද තමයි මේක. මේ මොහොතේ ලංකාවෙ බලය තියෙන්නේ පොහොට්ටුවට. නැත්නම් පොදුජන පෙරමුණට. නමුත් මේ වසරේ මැයි දිනයට පොදුජන පෙරමුණේ නායකයො කිසිම කෙනෙක් සහභාගි වුණේ නැහැ. ඒගොල්ලන්ට මැයි දිනයක් තියන්නවත් මැයි දින පෙළපාළියක යන්නවත් මේ මොහොතේ පුළුවන් වුණේ නෑ. ඒ ඇයි කියන එක අපි හැමෝම දන්නවා. මේ රටේ අරගලයක් තියෙනවා. ඒ අරගල අවස්ථාවේ ඒ මිනිසුන්ට එළියට බහින්න පුළුවන් වටපිටාවක් නිර්මාණය වෙලා නෑ. නමුත් පොදුජන පෙරමුණ මේ අවුරුද්දේ නිකන් හිටියෙ නෑ. ඒගොල්ලො වෙනත් උපක්‍රමශීලී විදියට මැයි දිනයක් පැවැත්වුවා. ඒකට හේතු වුණේ සමහර වෙලාවට මැයි දිනයක් පැවැත්තුවේ නෑ කියන අපවාදයෙන් බේරෙන්න කරපු දෙයක් කියලයි අපට පේන්නේ. පොහොට්ටුවේ වෘත්තීය සමිති එකතු වෙලා තමයි මේ මැයි දිනය පැවැත්තුවේ. මැයි දිනය තියන්න තෝරාගත්තේ මහින්ද සුළඟ පටන්ගත්ත, එහෙම නැත්නම් මහින්දගේ දේශපාලනයේ දෙවැනි නැගිටීම සඳහා අවශ්‍ය පරිසරය නිර්මාණය කරපු ප්‍රකට නුගේගොඩ ආනන්ද සමරකෝන් එළිමහන් රංග පීඨය. මේකට යම් පිරිසක් සහභාගි වෙලා හිටියා. සාමාන්‍යයෙන් ලංකාවෙ බලය තියෙන දේශපාලන පක්ෂය තමන්ගෙ බලය පෙන්වන්න මැයි දිනය විශාල සරුසාර විදියට දැවැන්ත වේදිකාවක් එහෙම ඉදිකරලා සිදුකළත්, මේ අවුරුද්දේ ඒක ඒ තරම්ම දැවැන්ත එකක් විදියට පැවැත්වුණේ නෑ. මේ අවුරුද්දේ දේශපාලන නායකයො, පක්ෂ නායකයො සහභාගි නොවුණු මේ රැස්වීමට සහභාගි වුණේ වෘත්තීය සමිති නායකයො කියලයි ඔවුන් කිව්වේ. හැබැයි වෘත්තීය සමිති නායකයන්ට අමතරව සමහර දේශපාලකයො කිහිප දෙනකුත් සහභාගි වෙලා හිටියා. ඒකට යම් පිරිසකුත් සහභාගි වෙලා නොහිටියා නෙවෙයි. වෙනදා වගේ විශාල පෙළපාළියක් පවත්වනවා වෙනුවට මේගොලේලො සමුළුවක් පවත්වලා කම්කරු අයිතීන් සහ කම්කරු ඉල්ලීම් ගැන හඬ නඟනවා වෙනුවට කම්කරුවන්ව මර්දනය කරන වත්මන් පාලකයන්ගේ බලය රැකගත යුතුයි කියන ඒකමතික තීන්දුවට එමින් ලංකාවේ ප්‍රධාන දේශපාලන බලය හිමි පක්ෂය වෙච්ච පොදුජන පෙරමුණේ මැයි දින සැමරුම අවසන් වුණා. ලංකාවෙ ප්‍රධාන දේශපාලන බලය පොහොට්ටුවට තිබුණත්, මේ අනුව බලනකොට රටේ ප්‍රධාන විපක්ෂය බවට පත්වෙලා තියෙන්නේ සමගි ජන බලවේගය.

සමගි ජන බලවේගයට මේ අවුරුද්දේ මැයි දිනය විශේෂ වෙන්න එක හේතුව තමයි සමගි ජන බලවේගය මැයි පළමුවැනිදා වෙනකොට මහනුවර ඉඳන් කොළඹට පාගමනක් සංවිධාන කර තිබීම. දවස් කිහිපයක් ගතකරගෙන මහනුවර ඉඳන් ඒ කණ්ඩායම කොළඹට ආවා විවිධ නගර ඔස්සේ පාගමනින් විශාල පිරිසක් සහභාගි කරගෙන. සමගි ජන බලවේගයේ නිල නායකයා විදියට කටයුතු කරන්නේ සජිත් ප්‍රේමදාස මහත්තයා. සමගි ජන බලවේගය සජිත් ප්‍රේමදාස මහත්තයා ප්‍රමුඛ කොටගත් මැයි දිනයක් තමයි පැවැත්වූවේ. ඒ නිසා මේ මැයි දිනය පොහොට්ටුවේ විදියට ඔළුව හංගාගෙන සමරපු එකක් නෙවෙයි. හැබැයි මේ මැයි දිනයේදී යම් යම් සුවිශේෂ සිදුවීම් කිහිපයකුත් සිදුවුණා. ඒ වගේම මේ පක්ෂයට සම්බන්ධ ප්‍රධානීන් විසින් ගුණසිංහපුර පාරට හැරෙන තැන තියෙන ඒ.ඊ. ගුණසිංහ පිළිරුව අසලත් විශේෂ මැයි දින සැමරුමක් සිදුකළා ගුණසිංහ පිළිරුවටත් පුෂ්පෝපහාර සමග. ඒක නිසා මේ අවුරුද්දේ මැයි දිනවලදී ප්‍රධාන පක්ෂය අභිභවා විපක්ෂයට පුළුවන් වුණා කියලා අපට හිතෙනවා මැයි දිනයේ ලකුණු ටික දාගන්න. මොකද දේශපාලනයේ විසිල් සහ බල්ටි දෙකම තියෙන ප්‍රධාන අවස්ථාවක් තමයි මේ මැයි දිනය කියලා කියන්නේ. මෙදා මැයි දිනයේදී නම් ප්‍රධාන පක්ෂය පරාජය කරලා විපක්ෂය ඉස්සරහට ආපු බවක් අපි දැක්කා.

සජබෙ මැයි දිනය පවත්වන්න තෝරගෙන තිබුණේ ටොරින්ටන් එක. මහනුවර ඉඳන් පාගමනින් ඇවිල්ලා, පාගමන පෑලියගොඩදී අවසන් කරලා, කෙළින්ම ටොරින්ටන් එකට ගිහිල්ලා මැයි දිනය පැවැත්වූවා. විශාල මැයි දිනයක්. පක්ෂයේ සියලු නායකයන්ගේ සහ බොහෝ සාමාජිකයන්ගේ සහභාගිත්වයෙන් මේ මැයි දිනය සජබෙ පැවැත්වූවා. ඒ අස්සේ ප්‍රධාන පක්ෂ දෙකක් බොහොම උදාසීන ආකාරයෙන් මැයි දින සැමරූ හැටිත් අපි දැක්කා. එකක් තමයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මෙවර මැයි රැලිය. මේ මැයි රැලිය තිබුණේ ඩාලි පාරේ පිහිටි ශ්‍රීලනිප මූලස්ථානය ඇතුළේ. මේ මැයි දිනයට පක්ෂයේ ප්‍රධාන නායකයො බොහෝ දෙනෙක් සහභාගි වෙලා ඉන්නවා අපි දැක්කා. වෙනදා පාරට බැහැලා දැවැන්ත මැයි දිනයක් පවත්වපු ශ්‍රීලනිපය මේ වෙද්දී පක්ෂ මූලස්ථානය ඇතුළට ගාල්වෙද්දී ලංකාවෙ දැවැන්තම දේශපාලන පක්ෂය වුණු එක්සත් ජාතික පක්ෂය මැයි දිනය සැමරුවේ නව නගර ශාලාව ඇතුළේ පුංචි ඉඩකඩකට සීමා වෙලා. ඒ, ජාතික සේවක සංගමය සංවිධාන කරපු මැයි දිනයක් විදියටයි ඇත්තටම ඒ මැයි දිනයත් පවත්වාගෙන ගියේ. කොහොම නමුත් ප්‍රධාන පක්ෂ දෙකටම තමන්ගෙ මැයි දින පවත්වන්න වෙලා තිබුණේ වෙනදා තිබුණු බලපරාක්‍රමය වෙනදා තිබුණු ආඩම්බරය පැත්තක තියලා. මේ නව නගර ශාලාවේ මැයි දිනයට පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ ඇතුළු ප්‍රධාන පෙළේ දේශපාලකයො සහභාගි වෙලා ඉන්නවා අපි දැක්කා.

මේ අතර ජනතා විමුක්ති පෙරමුණේ මැයි රැලිය තිබුණේ කොළඹ කොටුවේ. මේ වෙනකොට ජනතා විමුක්ති පෙරමුණ සාමාන්‍යයෙන් වෙනදාට වඩා වැඩි ජනතා ප්‍රසාදයක් දිනාගෙනයි තියෙන්නේ. මේ ආකර්ෂණයත් එක්ක ජවිපෙ මැයි රැලිය ඉතා විශාල පරිසකගේ සහභාගිත්වයෙන් පවත්වන්න පුළුවන් වුණා. සාමාන්‍යයෙන් ජනතා විමුක්ති පෙරමුණ, කම්කරු සැමරුම්, ඉල්මහ සැමරුම් වගේ දේවල් හරිම ලස්සනට කරනවා. වේදිකාවේ ඉඳලා අන්තර්ගතයේ ඉඳලා ඇඳුමේ පැලඳුමේ ඉඳලා ජවිපෙ කොහොමත් මේ කාර්යයේදී ශක්තිමත්. ඒක මේ පාරත් ජවිපෙ පෙන්නුවා. ප්‍රධාන පක්ෂ කිහිපයකටම ජනතා සහභාගිත්වයක් සහිතව පක්ෂ නායකයන්ට ඇවිල්ලා කොන්ද කෙළින් තියාගෙන කතා කරන්න පුළුවන් වේදිකාවක් හදාගන්න බැරි වුණාට ජවිපෙට මේ වතාවෙ ඒක කරගන්න පුළුවන් වෙලා තියෙනවා අපි දැක්කා. ඒ වගේම ප්‍රධාන පක්ෂවලට වහෙන් ඔරෝ ඇවිල්ලා තමන්ගෙ කල්ලිය ආරක්ෂා කරගන්න, තමන්ගෙ කණ්ඩායම ආරක්ෂා කරගන්න, තමන්ගෙ නායකකම ආරක්ෂා කරගන්න එක එක්කෙනා කඩේ යවන්න ඕනෙ වුණාට ජවිපෙ එහෙම කරනවා අපි දැක්කෙ නෑ.

කම්කරුවා, පීඩිතයා ආරක්ෂා කරගැනීම තමයි මේ ජවිපෙ මැයි රැලියෙ ලක්ෂණය වෙලා තිබුණේ. ඒ වගේම මීට සමගාමීව ජනතා විමුක්ති පෙරමුණේ මැයි රැලි තවත් තුනක් ලංකාවෙදි පැවැත්වුණා. එකක් අනුරාධපුරේ, අනෙක මාතර, අනිත් එක යාපනයේ.

පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ මැයි රැලියත් ඉතා උත්කර්ෂවත් ආකාරයෙන් මේ අවුරුද්දේ පැවැත්වුණා. ඒ පැවැත්වුණේ විහාරමහාදේවි එළිමහන් රංග පීඨයේදී. මේ මැයි රැලිය සඳහා පෙළපාළියක් සූදානම් කර තිබුණා. කොළඹ කොටුවෙන් ආරම්භ වෙලා ඔවුන් විහාරමහාදේවි උද්‍යානයට ගිහිල්ලා ඔවුන්ගේ නායකයා වෙච්ච කුමාර් ගුණරත්නම් සහෝදරයාගේ මූලිකත්වයෙන් මේ මැයි රැලිය උත්කර්ෂවත්ව පැවැත්වූවා.

ජාතික නිදහස් පෙරමුණේ මැයි රැලිය බත්තරමුල්ල අපේ ගම පරිශ්‍රයේදී පැවැත්වුණා. ඒ වගේම ලංකා සමසමාජ පක්ෂය ඇතුළු වමේ මැයි රැලිය කොළඹ හයිඩ් පිටියෙදී ඉතා හොඳින් පැවැත්වූවා. විශාල ජනතා සහභාගිත්වයක් නොතිබුණත් ඔවුන් පෙළපාළියෙන් ගිහිල්ලා කම්කරුවන් සිහිකරලා සුපුරුදු පරිදි මේ මැයි රැලි පැවැත්වූ බව අපි දැක්කා. මේ මැයි රැලි අතර සුවිශේෂ මැයි රැලියක් තිබුණා. ඒ තමයි මේ කිසිම වසරක නොපැවැත්වුණු ගාලුමුවදොර පිටියේ පැවැති මැයි රැලිය. මේ මැයි රැලිය කිසිම දේශපාලන පක්ෂයක නායකයෙක්, කිසිම දේශපාලකයෙක්, කිසිම දේශපාලන නැඹුරුවක්, දේශපාලන සහභාගිත්වයක් නැතුව දේශපාලන කයිකතන්දර නැතුව, දේශපාලනය වෙනුවෙන් කඩේ නොයා, දේශපාලකයන් ගැන සඳහන් නොකර පවත්වපු මැයි රැලියක්. එය පැවැත්වුණේ අරගල භූමියේදී. මේක නිර්පාක්ෂික මැයි රැලිය විදියටයි නම්කරලා තිබුණේ. අරගල භූමියේ රැඳී ඉන්න තරුණ තරුණියන් විසින් එකතු වෙලා තමයි මේ මැයි රැලිය සංවිධාන කරලා තිබුණේ. මේකත් ඉතා හොඳින් පැවැති මැයි රැලියක්. සමහරු මේකට ඔළුව දාන්න එහෙන් මෙහෙන් ට්‍රයි කෙරුවත්, ඒක හරි ගියේ නෑ. ඒකට හේතු වුණේ මේගොල්ලෝ කෙළින්ම කියලා තිබුණා මේක දේශපාලනික වැඩක් නෙවෙයි, මේක නිර්දේශපාලනික වැඩක්, මේක දේශපාලනයට එරෙහිව, දේශපාලනය නොකරන, දේශපාලකයන් නොවන මිනිසුන් සංවිධාන කරන එකක්. ඒ නිසා දේශපාලනය අරගෙන මැයි රැලියට එන්න එපා කියලා. ඒ මැයි රැලිය හොඳින් පැවැත්වුණා. මැයි පළමුවැනිදාව නිමා වෙනකොට ලංකාවෙ මැයි රැලි විශාල ප්‍රමාණයක් පවත්වලා අවසන් වුණා. සමහර දැවැන්ත පක්ෂවල කොඳු නාරටි කඩාගෙන වැටිල, සවිය ශක්තිය හේදිලා ගිහිල්ලා තමන්ගෙ පක්ෂ මූලස්ථාන ඇතුළට, නැත්නම් මොකක් හරි ගොඩනැගිල්ලක් ඇතුළට ගාල්කරපු මැයි රැලි, ඒ වගේම ප්‍රධානම පක්ෂයට එළියට බහින්න බැරිවෙන තරම් විලිලැජ්ජාසහගත මැයි රැලි, ප්‍රධාන පක්ෂය විසින් පවත්වන ලද ආඩම්බරකාර මැයි රැලි, කම්කරුවන් වෙනුවෙන් හැබෑ රතු බලවේග විසින් පවත්වපු රතු මැයි රැලි, ඒ වගේම කිසි දවසක අපි ඇහැට නොදැකපු දේශපාලකයන් තුට්ටුවකට මාඉම් නොකරපු ඇත්ත මිනිසුන්ගේ ඇත්ත මැයි රැලි අතර මැයි පළමුවැනිදාව නිමා වුණා.

තව මැයි පළමුවැනිදාවක් එනකන් කම්කරුවනි දැන් ඉතින් වැඩ කරපල්ලා. බස් නෑ පාරවල්වල. තෙල් නෑ, කන්න නෑ, බොන්න නෑ. ඒ අතරතුරේ අපි කොහොම හරි කන්න හොයාගෙන ඊළඟ මැයි දිනය දවසෙත් කම්කරුවන් සමරන තෙක්, ඊළඟ මැයි රැලිය දවසෙ අපිට අබිසෙස් ලැබෙන තෙක් වැඩ කරමු. දැන් ඉතින් මැයි පළමුවැනිදා උදේ ඔබට ‘කම්කරුවනි නැගිටපියව්’ කියපු මිනිස්සු දෙවැනිදා උදේ ඉඳන් ‘දැන් ඉතින් වැඩකරපියව්’ කියලා ඉවරයිනේ. ඒ නිසා වැඩ කරමු. අපිට හෙටක් හදාගන්න ඔය කාටවත් පාර කියන්න බැරි බව දැනගෙන අපේ හෙට අයිතිය අපේ බවත්, අපේ ප්‍රශ්න විසඳාගැනීමේ වගකීම යුතුකමත් ඇත්තේ අපට බවත් දැන හඳුනාගෙන මෙතැන ඉඳන් වැඩ කරමු. කම්කරුවනි, ජයවේවා….

ජීවන පහන් තිළිණ

SendShareShare
Previous Post

බැසිල්ට කුණුහරුපෙන් බැන්න විමල්ලා බැසිල් එක්කම යළි ඩීල් දැපු හැටි අතේ පත්තු වෙයි! සියඹලාපිටිය නාඩගමේදී පොහොට්ටුවයි-ස්වාධීන 40යි එකතු වෙලා ගහපු ගේම! මහින්ද දුන් ලණුවක් විමල් අමුවෙන්ම ගිලියි! රනිල්ගේ රෙදි ගැලවෙයි! ඩීල් එක හෙළිවෙයි! (රාජ්‍ය රහස්)

Next Post

ජාතික භික්ෂු පෙරමුණෙන් සංඝ සම්මුතියක්! බොරු වංචාකාරී අන්තර්වාර පාලන ගැන මත ජනගත නොකර වහාම පාර්ලිමේන්තු මැතිවරණයකට යන්න! (VIDEO)

MORE NEWS

හරිනිත් කලින් ගිහින් දැනුවත් කළා! විමලුත් ගිහින් ආණ්ඩුව ගේන්න යන අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ගැන මල්වතු මහනාහිමියන් දැනුවත් කරයි! ‘අනාගමික-සමරිසි’ කතා එළියට! මාලිමා ආණ්ඩුව කරන්න යන අධ්‍යාපන ‘සිපයිකරණයට’ එරෙහිව සත්‍යග්‍රහයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

විමලුත් ජනාධිපති සූට් මහයි! VIDEO I Sri Lanka Latest News

අමෙරිකාව තෑගි දීපු නැව අනුර ඇවිත් බාරගනී! PHOTOS I Sri Lanka Latest News
Exclusive

අමෙරිකාව තෑගි දීපු නැව අනුර ඇවිත් බාරගනී! PHOTOS I Sri Lanka Latest News

මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News

තිස්ස කුට්ටිට භික්ෂු පෙරමුණෙන් දැඩි ප්‍රහාරයක්! ඔයා කව්ද පිස්සු කුට්ටි…! VIDEO I Sri Lanka Latest News
Exclusive

තිස්ස කුට්ටිට භික්ෂු පෙරමුණෙන් දැඩි ප්‍රහාරයක්! ඔයා කව්ද පිස්සු කුට්ටි…! VIDEO I Sri Lanka Latest News

ඩොලර් හංගන් ඉන්න තැන් හොයන්න හදිසි මෙහෙයුමක්! වෘත්තිකයන් පස්සේ පන්නන්න තීන්දු කරයි!
Exclusive

වල්ලාපට්ට-කිලෝ පේර-නයි මිරිස්-කොච්චි මිරිස්-වැනිලා වගේ එක එක වගාවන් පෙන්වලා සල්ලි එකතු කරන්න කාටවත් බෑ! ඒක නීති විරෝධීයි! අහුවෙන්න එපා! සත පහක් ආයෝජනය කරන්න එපා! මහබැංකුවෙන් ජනතාවට දැනුම් දීමක්! VIDEO I Sri Lanka Latest News

පෙරේදා කියපු එක ඊයේ ඉල්ලා අස්කරගන්නවා! සමාවෙන්න… -තීනියාවල පාලිත හාමුදුරුවෝ..! VIDEO I Sri Lanka Latest News
Exclusive

පෙරේදා කියපු එක ඊයේ ඉල්ලා අස්කරගන්නවා! සමාවෙන්න… -තීනියාවල පාලිත හාමුදුරුවෝ..! VIDEO I Sri Lanka Latest News

Load More
හරිනිත් කලින් ගිහින් දැනුවත් කළා! විමලුත් ගිහින් ආණ්ඩුව ගේන්න යන අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ගැන මල්වතු මහනාහිමියන් දැනුවත් කරයි! ‘අනාගමික-සමරිසි’ කතා එළියට! මාලිමා ආණ්ඩුව කරන්න යන අධ්‍යාපන ‘සිපයිකරණයට’ එරෙහිව සත්‍යග්‍රහයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

විමලුත් ජනාධිපති සූට් මහයි! VIDEO I Sri Lanka Latest News

හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතා පවසන්නේ 2029 වසරේදී තමන් වුවද ශ්‍රී ලංකාවේ ජනාධිපති ධුරයට පත්විය හැකි බවයි. තමන් ඒ සඳහා...

Read more
අමෙරිකාව තෑගි දීපු නැව අනුර ඇවිත් බාරගනී! PHOTOS I Sri Lanka Latest News

අමෙරිකාව තෑගි දීපු නැව අනුර ඇවිත් බාරගනී! PHOTOS I Sri Lanka Latest News

මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News

මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News

තිස්ස කුට්ටිට භික්ෂු පෙරමුණෙන් දැඩි ප්‍රහාරයක්! ඔයා කව්ද පිස්සු කුට්ටි…! VIDEO I Sri Lanka Latest News

තිස්ස කුට්ටිට භික්ෂු පෙරමුණෙන් දැඩි ප්‍රහාරයක්! ඔයා කව්ද පිස්සු කුට්ටි…! VIDEO I Sri Lanka Latest News

ඩොලර් හංගන් ඉන්න තැන් හොයන්න හදිසි මෙහෙයුමක්! වෘත්තිකයන් පස්සේ පන්නන්න තීන්දු කරයි!

වල්ලාපට්ට-කිලෝ පේර-නයි මිරිස්-කොච්චි මිරිස්-වැනිලා වගේ එක එක වගාවන් පෙන්වලා සල්ලි එකතු කරන්න කාටවත් බෑ! ඒක නීති විරෝධීයි! අහුවෙන්න එපා! සත පහක් ආයෝජනය කරන්න එපා! මහබැංකුවෙන් ජනතාවට දැනුම් දීමක්! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.