• About us
  • Contact us
Thursday, June 11, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

මේ අවුරුද්දේ ක්‍රියාත්මක මහාපරිමාණ ව්‍යාපෘති 60ක තොරතුරුවලින් 75%ක්ම හංගලා! තොරතුරු දැනගැනීමේ පනතේ නියමයන්ටත් පිටුපාලා! අලුත්ම පර්යේෂණ වාර්තාව ‌එළියට එයි! I PHOTOS I Sri Lanka Latest News

September 1, 2023
in Exclusive
Reading Time: 4 mins read
A A
මේ අවුරුද්දේ ක්‍රියාත්මක මහාපරිමාණ ව්‍යාපෘති 60ක තොරතුරුවලින් 75%ක්ම හංගලා! තොරතුරු දැනගැනීමේ පනතේ නියමයන්ටත් පිටුපාලා! අලුත්ම පර්යේෂණ වාර්තාව ‌එළියට එයි! I PHOTOS I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

විමසා සිටින්නට කලින් තොරතුරු ප්‍රසිද්ධ කර තිබිය යුතු බවට නියම කර තිබුණත් (ප්‍රගාමීව) මහා පරිමාන යටිතල පහසුකම් සංවර්ධන ව්‍යාපෘතිවල තොරතුරුවලින් වැඩි කොටසක් ප්‍රසිද්ධ කර නොමැති බව වෙරිටේ රිසර්ච් කළ පර්යේෂණයකින් අනාවරණයව ඇත.Sri Lanka Latest News

මාර්ගගතව තොරතුරු ප්‍රසිද්ධ කිරීම පිළිබඳව කළ එම පර්යේෂණයට අනුව 2022 වසරේ ක්‍රියාත්මක වෙමින් පැවති ව්‍යාපෘති 60ක් සම්බන්ධයෙන් ප්‍රසිද්ධ කළ යුතු තොරතුරුවලින් 82%ක්ම ප්‍රසිද්ධ කර නොතිබිණි. 2023 වසරේ ක්‍රියාත්මක වෙමින් පැවති ව්‍යාපෘති 60කට අදාළ තොරතුරුවලින් 75%ක්ම ප්‍රසිද්ධ කර නැත.

මෙම ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමට වගකිව යුතු අමාත්‍යාංශ සහ අදාළ ආයතනවල වෙබ් අඩවිවල, ව්‍යාපෘතිය සම්බන්ධයෙන් වන තොරතුරු ප්‍රගාමීව ප්‍රසිද්ධ කර තිබීම/නොතිබීම පදනම් කරගෙන මෙම අගයන් ලබාගෙන ඇත.

පර්යේෂණයෙන් අනාවරණයව ඇති තවත් වැදගත් කාරණයක් වන්නේ තොරතුරුවල භාෂා විෂමතාවයයි. සිංහල සහ දෙමළ භාෂාවලට ප්‍රමුඛත්වය ලබාදිය යුතු බව තොරතුරු දැනගැනීමේ පණතෙන් නියම කර ඇතත් වැඩිමතනත් තොරතුරු ඇත්තේ ඉංග්‍රීසි භාෂාවෙන්ය. 2022 වසරේ ආවරණය කෙරුණු ව්‍යාපෘතිවල තොරතුරුවලින් 18%ක් ඉංග්‍රීසි භාෂාවෙන් ප්‍රසිද්ධ කර ඇතත්, සිංහල භාෂාවෙන් ප්‍රසිද්ධ කර ඇත්තේ 5%ක ප්‍රමාණයක් පමණි. දෙමළ බසින් ප්‍රසිද්ධ කර ඇත්තේ 4%ක ප්‍රමාණයකි.

මෙම ප්‍රවණතාවය 2023 වසරේදීත් දැකගැනීමට හැකි අතර, තොරතුරුවලින් 25%ක් ඉංග්‍රීසි භාෂවෙන් ප්‍රසිද්ධ කර තිබුනත්, සිංහල සහ දෙමළ භාෂාවලින් ප්‍රසිද්ධ කර තිබුනේ තොරතුරුවලින් 8%ක් පමණි.

පර්යේෂණයෙන් 2022 වසරේ අදාළ කාලය ඇතුළත ආවරණය කර ඇති ව්‍යාපෘති 60හි මුළු වටිනාකම රුපියල් ට්‍රිලියන 1.08කි. 2023 වසරේ ආවරණය කර ඇති ව්‍යාපෘති 60හි මුළු වටිනාකම රුපියල් ට්‍රිලියන 2.54කි. නව ව්‍යාපෘති 23කින් සහ 2022 වසරේ සිටම ක්‍රියාත්මක වෙමින් තිබූ පැරණි ව්‍යාපෘති 37කින්, 2023 වසරේ ව්‍යාපෘති 60 සමන්විත වේ.

2016 අංක 12 දරන තොරතුරු දැනගැනීමේ පනතේ අංක 9 වෙනි කොටසට අනුව, යටිතල පහසුකම් සංවර්ධන ව්‍යාපෘතියකට අදාළ තොරතුරු ප්‍රසිද්ධ කිරීමට විෂය භාර අමාත්‍යවරයා බැඳී සිටී. අරමුදල් සැපයෙන්නේ දේශීයව නම් හා වටිනාකම ඩොලර් 100,000 ඉක්මවා යන්නේ නම් සහ අරමුදල් සැපයෙන්නේ විදේශීයව නම් හා වටිනාකම ඩොලර් 500,000 ඉක්මවා යන්නේ නම්, ව්‍යාපෘතිය ආරම්භ කිරීමට අවම වශයෙන් මාස තුනකට පෙර ප්‍රගාමීව ව්‍යාපෘතිය හා බැඳුණු තොරතුරු ප්‍රසිද්ධ කළ යුතුය. ව්‍යාපෘතියේ විස්තර, ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමේ පදනම සහ ප්‍රතිලාභීන්, අයවැය සහ මුල්‍ය විස්තර, අනුමැතිය සහ අවසර ලබාගැනීම් ගැන විස්තර සහ ප්‍රසම්පාදන හා කොන්ත්‍රාත්තු යන පුළුල් කාණ්ඩ 05කට මෙම තොරතුරු යටත්ය.

ශ්‍රී ලංකාවේ යටිතල පහසුකම් සංවර්ධන ව්‍යාපෘතිවලට එරෙහිව නැගෙන චෝදනා රාශියකි. වංචා, දුෂණ, අකටයුතුකම් මෙන්ම ව්‍යපෘති වලට දරන ඉහළ පිරිවැය සහ ඒවායින් වෙන පරිසර හානි මේ චෝදනා අතර වේ. එසේම මෙම ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමට පසුගිය දශක දෙකක කාලයේ ලබාගෙන ඇති ණය, රටේ සමස්ත ණය බරටත් ඉහළ දායකත්වයක් ලබා දී, ඇති බව නොරහසකි.
මෙම චෝදනා සහ සමස්තයක් ලෙස යටිතල පහසුකම් සංවර්ධන ව්‍යාපෘති සම්බන්ධයෙන් ඇති මහජන අවිශ්වාසය විනිවිදභාවයක් ඇතිව කටයුතු කිරීමෙන් මගහරවා ගත හැකිය. තොරතුරු දැනගැනීමේ පණතින් අරමුණු කරන්නේ ද, එයයි.

නමුත් මෙම පර්යේෂණයෙන් අනාවරණයන්ට අනුව නම් යටිතල පහසුකම් සංවර්ධන ව්‍යාපෘති පිළිබද තොරතුරු ආණ්ඩුව තවදුරටත් ජනතාවගෙන් සගවමින් සිටී. එසේ සැඟවීමෙන් සිදුවන්නේ, දූෂණ සහ අකටයුතුකම්වල නියැළිය හැකි බිමක් නිර්මාණය වීමයි. අනෙක් පසින්, වැඩි වියදමක් දැරුව ද, අඩු ගුණාත්මකභාවයක් සහිත යටිතල පහසුකම් ඇති වීමයි.
මෙසේ, යටිතල පහසුකම් ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමට බලාගන්නා මුදල්වල නැවත ගෙවීමේ පිරිවැය ද, ඉතා ඉහළය. අවසානයේ එය දරන්නේ මහජනතාවය. එනිසාම, තමන් ආණ්ඩුවට දෙන මුදල්වලට සිදුවන්නේ කුමක්දැයි දැනගැනීමට ඔවුන්ට අයිතියක් ඇත.

පොදු ප්‍රසම්පාදන කොන්ත්‍රාත්තුවලට අදාළ තොරතුරු මාර්ගගත වේදිකාවක් හරහා ප්‍රසිද්ධ කිරීමෙන්, දූෂණයට ඇති ඉඩ අවම කිරීමට පියවර ගන්නා බව, ශ්‍රී ලංකාව අන්තර්ජාතික මූල්‍ය අරමුදලට ලබා දී, ඇති කැපවීමකි. නමුත්, ව්‍යාපෘති අනුමත කිරීම්, අවසර ලබාදීම්, ව්‍යාපෘති ප්‍රසම්පාදන සහ කොන්ත්‍රාත්තු යනාදියට අදාළ තොරතුරු තවදුරටත් ජනතාවගෙන් සඟවා තැබෙණ බව මෙම පර්යේෂණයෙන් අනාවණය විය. තොරතුරු අනාවරණය කළ යුතු බව නීතියෙන්ම නියම කර ඇතත්, ආණ්ඩුව තවදුරටත් ජනතාවට වැසුණු දොරවල් පසුපස සිට කටයුතු කරනු ඇතිද යන පැනය මෙනිසාම මතුවේ.

SendShareShare
Previous Post

ගහපු පළමු මැච් එක දිනපු සතුට තිබ්බේ විනාඩි කීපයයි! ආණ්ඩුව තෙල් මිල වැඩි කළා! I Sri Lanka Latest News

Next Post

සෞඛ්‍ය අර්බූදයත් අරන් සජබය උසාවි යයි! VIDEO I Sri Lanka Latest News

MORE NEWS

වෙන් කළ බිලියන 500න් වහාම වැඩ පටන් ගන්න! මාතලේ ගිය අනුරගෙන් රාජ්‍ය නිලධාරීන්ට උපදෙස්! PHOTOS I Sri Lanka Latest News
Exclusive

බොන්න-වගාවට වතුර නැතිවේවි! විදුලි අර්බූදයක් ඒවි! ‘දිට්වා’ට මුහුණ දුන් අනුර එල්-නිනෝට මුහුණ දෙන්න ලෑස්ති වෙයි! PHOTOS I Sri Lanka Latest News

සලේගේ බිරිය මනෝරි CID අධ්‍යක්ෂ ශානිට ලියුමක් යවයි! I Sri Lanka Latest News
Exclusive

අනුරට ලියපු සලේගේ බිරිය ශානිටත් ලියුමක් යවයි! මෙන්න ලියුම! I Sri Lanka Latest News

බලන් යද්දි වැඩියෙන්ම අල්ලස් ගන්න අය ඉන්නේ රාජ්‍ය සේවයේ! ගිය මාස 4ට අල්ලස් කොමිසම නඩු 51ක් දාලා! ඒකෙන් 41ක්ම රාජ්‍ය සේවකයෝ! වැඩිම පොලිසියේ! I Sri Lanka Latest News
Exclusive

බලන් යද්දි වැඩියෙන්ම අල්ලස් ගන්න අය ඉන්නේ රාජ්‍ය සේවයේ! ගිය මාස 4ට අල්ලස් කොමිසම නඩු 51ක් දාලා! ඒකෙන් 41ක්ම රාජ්‍ය සේවකයෝ! වැඩිම පොලිසියේ! I Sri Lanka Latest News

ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

පුටු 8ක් හිස්! උපරිමාධිකරණවල පුරප්පාඩු පුරවන්නේ නැතිව විශ්‍රාම යන වයස දීර්ඝ කිරීමේ පදනම මොකද්ද? විපක්ෂනායක සජිත් ආණ්ඩුවෙන් ප්‍රශ්න කරයි! VIDEO I Sri Lanka Latest News

පාස්පෝට් 2ක් ළඟ තියාගත් විමල්ගේ බිරිය ශෂී අවුරුදු 2ක් හිරේ!
Exclusive

විමල්ගේ නෝනා අවුරුදු 2කට හිරේ! සිරදඬුවම ස්ථිරයි! අභියාචනය උසාවියෙන් විසි කරයි! I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

අවුරුදු ගාණක් තිස්සේ කැබිනට් ඇමැතිවරු පෝලිමක් හිටියත් අවුරුදු 5ට අඩු වැඩිම මන්දපෝෂණය තියෙන ළමයි ඉන්නේ ඌවේ..!  I Sri Lanka Latest News

Load More
වෙන් කළ බිලියන 500න් වහාම වැඩ පටන් ගන්න! මාතලේ ගිය අනුරගෙන් රාජ්‍ය නිලධාරීන්ට උපදෙස්! PHOTOS I Sri Lanka Latest News
Exclusive

බොන්න-වගාවට වතුර නැතිවේවි! විදුලි අර්බූදයක් ඒවි! ‘දිට්වා’ට මුහුණ දුන් අනුර එල්-නිනෝට මුහුණ දෙන්න ලෑස්ති වෙයි! PHOTOS I Sri Lanka Latest News

ඉදිරියේදී ඇති විය හැකි එල්-නිනෝ තත්ත්වය හමුවේ එල්ල විය හැකි බලපෑම සහ ඊට මුහුණදීම සඳහා ආයතන සතු සැලසුම් පිළිබඳ සොයා...

Read more
සලේගේ බිරිය මනෝරි CID අධ්‍යක්ෂ ශානිට ලියුමක් යවයි! I Sri Lanka Latest News

අනුරට ලියපු සලේගේ බිරිය ශානිටත් ලියුමක් යවයි! මෙන්න ලියුම! I Sri Lanka Latest News

බලන් යද්දි වැඩියෙන්ම අල්ලස් ගන්න අය ඉන්නේ රාජ්‍ය සේවයේ! ගිය මාස 4ට අල්ලස් කොමිසම නඩු 51ක් දාලා! ඒකෙන් 41ක්ම රාජ්‍ය සේවකයෝ! වැඩිම පොලිසියේ! I Sri Lanka Latest News

බලන් යද්දි වැඩියෙන්ම අල්ලස් ගන්න අය ඉන්නේ රාජ්‍ය සේවයේ! ගිය මාස 4ට අල්ලස් කොමිසම නඩු 51ක් දාලා! ඒකෙන් 41ක්ම රාජ්‍ය සේවකයෝ! වැඩිම පොලිසියේ! I Sri Lanka Latest News

ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News

පුටු 8ක් හිස්! උපරිමාධිකරණවල පුරප්පාඩු පුරවන්නේ නැතිව විශ්‍රාම යන වයස දීර්ඝ කිරීමේ පදනම මොකද්ද? විපක්ෂනායක සජිත් ආණ්ඩුවෙන් ප්‍රශ්න කරයි! VIDEO I Sri Lanka Latest News

පාස්පෝට් 2ක් ළඟ තියාගත් විමල්ගේ බිරිය ශෂී අවුරුදු 2ක් හිරේ!

විමල්ගේ නෝනා අවුරුදු 2කට හිරේ! සිරදඬුවම ස්ථිරයි! අභියාචනය උසාවියෙන් විසි කරයි! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.