• About us
  • Contact us
Wednesday, June 10, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

මෙච්චර කල් බැසිල් ඉල්ලගෙන පස්සෙන් ගියා! මේ පාර බැසිල් ගියේ එන්න කියලා! Sri Lanka Latest News

September 18, 2023
in Exclusive
Reading Time: 5 mins read
A A
ජනාධිපතිකම ගන්න සජිත් ‘ආසයි බයයි’ කියලා කියපු අය අද කෝ? අද ආණ්ඩුවේ නූල් ටික තියෙන්නේ බැසිල් අතේ! රනිල් කියන්නේ බැසිල් නටවන රූකඩයක් විතරයි! එදා සජිත් තනතුරු නොගත්ත හේතුව දැන් පේනවා නේද? VIDEO I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

පොහොට්ටුවේ මහමොළකරු වශයෙන් සැලකෙන බැසිල් රාජපක්ෂ මහතා මෙවර ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හමුවීමට ගොස් ඇත්තේ ජනාධිපතිවරයාගේ ඉල්ලීමකට අනුව බව වාර්තා වේ.Sri Lanka Latest News

ජනාධිපතිවරයා පොහොට්ටු මන්ත්‍රීවරුන්ගේ ඡන්දයෙන් බලයට පත්වීමෙන් පසු අවස්ථා කිහිපයකදීම ජනාධිපතිවරයා මුණගැසුණු අතර ඒ සෑම අවස්ථාවක්ම බැසිල් රාජපක්ෂ මහතාගේ ඉල්ලීමට අනුව සිදුවූ සාකච්ඡාවන්ය.

නමුත් මෙවර ජනාධිපතිවරයා පළමු වතාවට බැසිල් රාජපක්ෂ මහතාට සාකච්ඡාවක් සදහා ආරාධනා කර තිබීම විශේෂ සිදුවීමකි.

මේ සම්බන්ධයෙන් අප රාජ්‍ය රහස් තීරයේ‌ තොරතුරු අනාවරණය කළේ මෙසේය.

ජනාධිපතිවරයා කියුබාව බලා සංචාරය කිරීමට ප්‍රථම විශේෂ සාකච්ඡා කිහිපයක්ම පැවැත්වීමට පියවර ගෙන තිබිණි. ඉන් එකක් වූයේ පොහොට්ටුවේ මහ මොළකරු ලෙස සැලකෙන බැසිල් රාජපක්ෂ මහතා සමග පැවැති සාකච්ඡාවය. ජනාධිපතිවරයා ධුරය භාරගැනීමෙන් අනතුරුව බැසිල් සමග සාකච්ඡා වට කිහිපයක් පවත්වා තිබූ අතර, ඒ සියලු සාකච්ඡා බැසිල් විසින් කරනු ලැබ තිබූ ඉල්ලීම්වලට අනුව පවත්වන ලද ඒවා විය. නමුත් මෙවර සාකච්ඡාවේදී දැකගන්නට ලැබුණු විශේෂත්වය වූයේ පළමු වතාවට ජනාධිපතිවරයා විසින් සාකච්ඡාවකට පැමිණෙන ලෙස බැසිල්ට ආරාධනා කර තිබීමය.

ගිය පාර සාකච්ඡාව!

මීට පෙර පසුගිය අගෝස්තු මාසයේදී බැසිල් හා ජනාධිපතිවරයා අතර විශේෂ සාකච්ඡාවක් පැවැති අතර, එහිදී අමාත්‍ය මණ්ඩල සංශෝධනය පිළිබඳ බැසිල් විසින් ජනාධිපතිවරයාගෙන් විමසා සිටි බවත්, ජනාධිපතිවරයා ඊට ලිස්සා යන ආකාරයේ පිළිතුරක් ලබාදුන් බවත් අපි මීට පෙර වාර්තා කර සිටියෙමු. මීට අමතරව ලබන වසරේදී ජනාධිපතිවරණය සහ මහ මැතිවරණය යන මැතිවරණ දෙකම පැවැත්වීමට නියමිත බව ජනාධිපතිවරයා විසින් ඉඟිකර තිබූ නමුත් කුමන මැතිවරණය පළමුව පවත්වන්නේද යන්න පිළිබඳ නිශ්චිතව ජනාධිපතිවරයා සඳහන් කර නොතිබූ බවද අපි එහිදී වාර්තා කර සිටියෙමු.

ඡන්ද 103ට බැස්සා!

නමුත් මෙවර ජනාධිපතිවරයා සාකච්ඡාව සඳහා බැසිල්ට ආරාධනා කරද්දී මතුව තිබුණේ එදා පැවැති දේශපාලන පසුබිම නම් නොවේ. එදා ජනාධිපතිවරයා සහ ආණ්ඩුවට ගැටලුවකින් තොරව 120කට ආසන්න පොහොට්ටු මන්ත්‍රීවරුන් ප්‍රමාණයක් සිටියද, කෙහෙළියට එරෙහිව අවසන් වරට පැවැති විශ්වාසභංගයේදී ආණ්ඩුවට හිමිව තිබුණේ ඡන්ද 113ක් පමණි. එමෙන්ම ඊට දින දෙකකට පෙර පැවැති දේශීය ආදායම් සංශෝධන පනතේදී ආණ්ඩුවට හිමිවූයේ ඡන්ද 103ක් පමණි. ඒ අනුව පැහැදිලිවම පොහොට්ටුවේ මන්ත්‍රීවරුන් අතර යම් යම් වෙනස්වීම් සිදුවන ආකාරයක් පසුගිය දින කිහිපය පුරා දැකගන්නට ලැබී තිබිණි.

දැනට තියෙන ප්‍රශ්න!

මීට අමතරව බැසිල් විසින් කැබිනට් අමාත්‍ය දුර හිමිවිය යුතු පොහොට්ටුවේ මන්ත්‍රීවරුන්ගේ නාම ලේඛනයක් ජනාධිපතිවරයා වෙත යවා මේ වන විට මාස ගණනාවක් ගතව තිබුණද තවමත් ඊට ජනාධිපතිවරයාගේ පාර්ශ්වයෙන් නිසි ප්‍රතිචාරයක් ලැබී නොමැත. එයද ජනාධිපතිවරයා සහ පොහොට්ටුව අතර යම් මත ගැටුමක් සිදුවීමට එක් හේතුවක් වී තිබිණි. එමෙන්ම මීට සති දෙකකට ඉහත පැවැති ආණ්ඩුවේ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමේදී පොහොට්ටුවේ පසුපෙළ මන්ත්‍රීවරුන් පැහැදිලිවම අගමැතිවරයාට දැනුම් දී තිබුණේ පොහොට්ටුවේ අදහස්වලට කන් නොදෙන සහ පොහොට්ටුවේ මන්ත්‍රීවරුන් ගණන් නොගන්නා ඇමැතිවරුන් පස්දෙනකු සම්බන්ධයෙන් ඉදිරි අයවැයේදී දැඩි තීන්දුවක් ගැනීමට සූදානම් බවකි. එය තවත් ගැටලුවකි. ඊළඟ ප්‍රශ්නය වී ඇත්තේ පොහොට්ටුවේ රාජ්‍ය ඇමැතිවරුන්ට වැඩකිරීම සඳහා බලතල ලබාදී නොතිබීමය. පසුගිය දිනෙක පොහොට්ටුව නියෝජනය කරන රාජ්‍ය අමාත්‍ය ප්‍රේමලාල් ජයසේකර මහතා මාධ්‍ය හමුවක් කැඳවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතාට එරෙහිව ප්‍රබල ප්‍රහාරයක් දියත් කරමින් කියා සිටියේ රාජ්‍ය අමාත්‍යවරුන්ට වැඩකළ හැකි පසුබිමක් සකස් කර නොදෙන්නේ නම් ඉදිරි සති දෙක ඇතුළත දැඩි තීන්දුවක් ගැනීමට තමන් සූදානම් යැයි කියාය.

කෙහෙළියට ආවෙත් 113යි!

මෙම සියලු ප්‍රශ්නත්, ආණ්ඩුවට හිමි ඡන්ද සංඛ්‍යාව 113 දක්වා පහළ බැස තිබීම හේතුවෙනුත් ජනාධිපතිවරයා වහාම කළේ සති දෙකකට වඩා දීර්ඝ සිය කියුබානු සහ ඇමෙරිකානු සංචාරයට ප්‍රථම බැසිල් මුණගැසී පවතින දේශපාලන තත්ත්වය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමටය.

ප්ලාන්ට් වෙච්ච නිව්ස් එක!

කෙසේ වෙතත් බැසිල් හා ජනාධිපතිවරයා අතර සිදුවූ හමුවට ප්‍රථම තවත් විශේෂ සිදුවීමක්ද සිදුවිය. ඒ, මීට ඉහතදී හයහත් වතාවක්ම සිදුව ඇති සිද්ධියකි. එනම්, ජනාධිපතිවරයාගේ විදෙස් සංචාරය නිමවූ වහා අමාත්‍ය මණ්ඩල සංශෝධනයක් සිදුකිරීමට නියමිත බවට සියලු මාධ්‍යවල විශේෂ පුවතක් ආණ්ඩුවට හිතවත් පුවත්පත්වල පළවීමය. මෙම පුවතින් කියැවුණේ ජනාධිපතිවරයාගේ විදෙස් සංචාරය නිම වූ වහාම සුළු අමාත්‍ය මණ්ඩල සංශෝධනයක් සමග රාජ්‍ය අමාත්‍යවරුන්ගේ වෙනසක් සිදුවන බවත්, වැඩ නොකරන අමාත්‍යාංශ ලේකම්වරු කිහිප දෙනෙක්ම ඉවත් කිරීමට තීරණය කොට ඇති බවත්ය. ඒ සම්බන්ධයෙන් පළවූ සම්පූර්ණ පුවත මෙසේය.

‘අකාර්යක්ෂමතාව සහ ආරවුල් ඇතුළු ගැටලු රැසකට විසඳුම් සෙවීම සඳහා අමාත්‍යාංශ ලේකම්වරුන්ගේ ස්ථාන මාරුවක් සමගින් අමාත්‍ය මණ්ඩල හා රාජ්‍ය අමාත්‍යවරුන්ගේ කුඩා සංශෝධනයක් ළඟදීම සිදුවනු ඇතැයි වාර්තා කොට වේ.
අමාත්‍යවරුන් සහ රාජ්‍ය අමාත්‍යවරුන් අතර මතභේද පවතින ඇතැම් අමාත්‍යවරුන් සහ රාජ්‍ය අමාත්‍යවරුන් වෙනස් කිරීමත්, ඉලක්ක සපුරා ගැනීමට සහ කාර්යක්ෂමතාව වැඩි කරගැනීමට නොහැකි වූ අමාත්‍යවරුන් කිහිප දෙනකු මාරු කිරීමත් මෙම සංශෝධනයේදී දැකගත හැකි වනු ඇති බව පැවසේ.
අමාත්‍යවරුන්ගේ සහ ඔවුන්ගේ අමාත්‍යාංශවල කාර්ය සාධනය ඇගයීමෙන් පසු සංශෝධනයේදී පැවරිය යුතු අමාත්‍යාංශ තෝරාගෙන ඇති බව දැනගන්නට ඇත.
රාජ්‍ය අමාත්‍යවරුන් තමන්ට නිශ්චිත රාජකාරි පැවරීමට අපොහොසත් වීම සම්බන්ධයෙන් අප්‍රසාදය පළකර ඇති ඇතැම් කරුණු ද ජනාධිපතිවරයාගේ අවධානයට ලක්ව තිබේ.
සඳුදා දින රාජ්‍ය අමාත්‍යවරු අගමැති දිනේෂ් ගුණවර්ධන හමුවී තම ගැටලු ප්‍රකාශ කර තිබිණ.
රාජ්‍ය අමාත්‍යාංශයට ලේකම්වරයකු පත් නොකිරීම, ඇතැම් අමාත්‍යාංශ ලේකම්වරුන් විශ්‍රාම යන වයසෙන් පසුව අකාර්යක්ෂමතාවට හේතු වන පරිදි ඇගයීම් ක්‍රියාවලියකින් තොරව කටයුතු කිරීම සහ ඇතැම් රාජ්‍ය අමාත්‍යාංශ නිලධාරීන් වරප්‍රසාද භුක්ති විඳිමින් නිෂ්ක්‍රීය වීම වැනි ගැටලු රැසක් ඔවුන් පෙන්වා දී තිබිණි.
රාජ්‍ය අමාත්‍යාංශ සඳහා ලේකම්වරුන් පත්කිරීම, රාජකාරි හා කාර්යයන් පැවරීම, රාජ්‍ය අමාත්‍යවරුන්ගේ පෞද්ගලික කාර්ය මණ්ඩලය යථා තත්ත්වයට පත් කිරීම සහ රාජ්‍ය අමාත්‍යාංශ සඳහා අයවැයක් වෙන්කළ යුතු බව කළ ඉල්ලීම් අතර විය.
ග්‍රාමීය සංවර්ධන ව්‍යාපෘති සම්බන්ධයෙන් පළාත් ආණ්ඩුකාරවරුන් සමග කටයුතු කිරීමට තමන්ට බලය ලබාදිය යුතු බවද ඔවුහු ඉල්ලා සිටියහ.
ලේකම්වරුන් අනෙකුත් අමාත්‍යාංශ සමග සම්බන්ධීකරණය කිරීමට අපොහොසත් වූ අවස්ථා සහ ඔවුන්ගේ කාර්යසාධනය අසාර්ථක වූ අවස්ථා ජනාධිපතිවරයාගේ අවධානයට ලක්වන බව ආරංචි මාර්ග සඳහන් කරයි.’

කතා කරපු දේවල්!

කෙසේ වෙතත් බැසිල් හා ජනාධිපතිවරයා අතර පැවැති සාකච්ඡාවේදී මෙවරද කතාකොට ඇත්තේ ඇමැතිවරුන් පත්කිරීම සහ රාජ්‍ය අමාත්‍යවරුන් අතර ඇති ප්‍රශ්න පිළිබඳවය. තමන්ට තවත් ඇමැති ධුර 13ක් ලබාදිය හැකි බව මෙහිදී ජනාධිපතිවරයා ප්‍රකාශ කොට ඇති නමුත් එම අමාත්‍ය ධුර ලබාදෙන්නේ කාටද යන්න පිළිබඳ එහිදී කිසිදු සඳහනක් වී නොමැති බව දැනගන්නට ඇත. එමෙන්ම ජනාධිපතිවරණය පිළිබඳවද මෙහිදී කිසිදු සාකච්ඡාවක් සිදුව නොමැති බව දැනගන්නට තිබේ.

SendShareShare
Previous Post

අල්ලස් කොමිසමේ 2022 රිපෝට් එක එයි! දාපු නඩු 89න් 45ක්ම ඉල්ලා අස්කරගෙන! Sri Lanka Latest News

Next Post

‘සම්මාන ඕනෙ නෑ! පුළුවන් නම් විනිශ්චය මණ්ඩලේ ‘රටඹෑකන්ද’ කියවන්න’! අවුරුදු 5කට පස්සේ ලේඛක ජීවන පහන් තිළිණ එළියට දාපු අලුත්ම පොත! Sri Lanka Latest News

MORE NEWS

බද්ද 14%කින් අඩු කරගැනීම හොඳයි! හැබැයි 30%ක් වැඩියි! අපනයන කඩාවැටීමේ අවදානමක් තියෙනවා! ඒ වගේම අමෙරිකාව අපේ ආයෝජකයන්ට කතාකරනවා! ඒ ආයෝජකයො අමෙරිකාවට ගියොත් අපේ ආර්ථිකය කඩන් වැටේවි! රස්සා නැතිවේවි! ඒ නිසා ආයෝජකයන්ට සහන දෙන්න වේවි! ඒ වගේම අපි චීනය-ඉන්දියාව-රුසියාව එක්ක වැඩිපුර ගනුදෙනු කරන්න ගියොත් තවත් 10%ක අමතර බද්දක් වැටෙනවා! ඒ නිසා ආණ්ඩුව රාජ්‍යතාන්ත්‍රිකව කටයුතු කරන්න ඕනෑ! IMF එකත් එක්ක වහාම කතා කරන්න! මහාචාර්ය අමින්ද මෙත්සිල 30%ක බද්දේ කවුරුත් නොදකින පැත්ත පෙන්වා දෙයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

මහබැංකුවේ තීරණයෙන් රට තවත් අමාරුවේ? VIDEO I Sri Lanka Latest News

ඉන්දියාවෙ විතරක් නෙමෙයි ලංකාවෙ ගොවියොත් පාරට බහින්න වගේ යන්නේ..! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඉන්දියාවෙ විතරක් නෙමෙයි ලංකාවෙ ගොවියොත් පාරට බහින්න වගේ යන්නේ..! VIDEO I Sri Lanka Latest News

ආණ්ඩුවේ හැමෝම සලේ ගැන කතා කරද්දී නාමල් ජවිපෙ ජාතික ලයිස්තුවේ හිටපු මරාගෙන මැරෙන බෝම්බකරුවන්ගේ තාත්තා ඊබ්‍රහිම් ගැන කතා කරයි! I Sri Lanka Latest News
Exclusive

ආණ්ඩුවේ හැමෝම සලේ ගැන කතා කරද්දී නාමල් ජවිපෙ ජාතික ලයිස්තුවේ හිටපු මරාගෙන මැරෙන බෝම්බකරුවන්ගේ තාත්තා ඊබ්‍රහිම් ගැන කතා කරයි! I Sri Lanka Latest News

කැබිනට් මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදීන් කන්ටේනර් 323 එළියට අදී! මීට පෙරත් අවස්ථා 14කදී බහාලුම් දහසකට වඩා පරීක්ෂා නොකර එළියට දාලා! ඇමැති නලින්ද ඉතිහාසයත් මතක් කරලාම උත්තර දෙයි!  VIDEO I Sri Lanka Latest News
Exclusive

නීතීඥ සංගමය විරුද්ධ වුණා..! මහාධිකරණ නීතීඥ සංගමය විරුද්ධ වුණා..! කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයේ නීතීඥවරු විරුද්ධ වුණා! ආණ්ඩුව රිවස් වුණා! I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ජනතාවට බදු පිට බදු ගහලා බිලියන ගණන් හොයන ආණ්ඩුව සිගරට් සමාගම්වලට බිලියන 17ක බදු සහන දීලා! VIDEO I Sri Lanka Latest News

සලේ ගැන පාර්ලිමේන්තුවේදී ආනන්ද විජේපාලගෙන් අනාවරණ ගොඩක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

සලේ ගැන පාර්ලිමේන්තුවේදී ආනන්ද විජේපාලගෙන් අනාවරණ ගොඩක්! VIDEO I Sri Lanka Latest News

Load More
බද්ද 14%කින් අඩු කරගැනීම හොඳයි! හැබැයි 30%ක් වැඩියි! අපනයන කඩාවැටීමේ අවදානමක් තියෙනවා! ඒ වගේම අමෙරිකාව අපේ ආයෝජකයන්ට කතාකරනවා! ඒ ආයෝජකයො අමෙරිකාවට ගියොත් අපේ ආර්ථිකය කඩන් වැටේවි! රස්සා නැතිවේවි! ඒ නිසා ආයෝජකයන්ට සහන දෙන්න වේවි! ඒ වගේම අපි චීනය-ඉන්දියාව-රුසියාව එක්ක වැඩිපුර ගනුදෙනු කරන්න ගියොත් තවත් 10%ක අමතර බද්දක් වැටෙනවා! ඒ නිසා ආණ්ඩුව රාජ්‍යතාන්ත්‍රිකව කටයුතු කරන්න ඕනෑ! IMF එකත් එක්ක වහාම කතා කරන්න! මහාචාර්ය අමින්ද මෙත්සිල 30%ක බද්දේ කවුරුත් නොදකින පැත්ත පෙන්වා දෙයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

මහබැංකුවේ තීරණයෙන් රට තවත් අමාරුවේ? VIDEO I Sri Lanka Latest News

“අපනයනකරුවෝ ඩොලර් ලංකාවට ගේන්නේ නැතුව සිංගප්පූරුවේ පාක් කළොත් අපි තවත් අමාරුවේ වැටෙනවා” - මහ බැංකුවේ අපනයන ආදායම් රුපියල්වලට හැරවීමේ නව...

Read more
ඉන්දියාවෙ විතරක් නෙමෙයි ලංකාවෙ ගොවියොත් පාරට බහින්න වගේ යන්නේ..! VIDEO I Sri Lanka Latest News

ඉන්දියාවෙ විතරක් නෙමෙයි ලංකාවෙ ගොවියොත් පාරට බහින්න වගේ යන්නේ..! VIDEO I Sri Lanka Latest News

ආණ්ඩුවේ හැමෝම සලේ ගැන කතා කරද්දී නාමල් ජවිපෙ ජාතික ලයිස්තුවේ හිටපු මරාගෙන මැරෙන බෝම්බකරුවන්ගේ තාත්තා ඊබ්‍රහිම් ගැන කතා කරයි! I Sri Lanka Latest News

ආණ්ඩුවේ හැමෝම සලේ ගැන කතා කරද්දී නාමල් ජවිපෙ ජාතික ලයිස්තුවේ හිටපු මරාගෙන මැරෙන බෝම්බකරුවන්ගේ තාත්තා ඊබ්‍රහිම් ගැන කතා කරයි! I Sri Lanka Latest News

කැබිනට් මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදීන් කන්ටේනර් 323 එළියට අදී! මීට පෙරත් අවස්ථා 14කදී බහාලුම් දහසකට වඩා පරීක්ෂා නොකර එළියට දාලා! ඇමැති නලින්ද ඉතිහාසයත් මතක් කරලාම උත්තර දෙයි!  VIDEO I Sri Lanka Latest News

නීතීඥ සංගමය විරුද්ධ වුණා..! මහාධිකරණ නීතීඥ සංගමය විරුද්ධ වුණා..! කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයේ නීතීඥවරු විරුද්ධ වුණා! ආණ්ඩුව රිවස් වුණා! I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

ජනතාවට බදු පිට බදු ගහලා බිලියන ගණන් හොයන ආණ්ඩුව සිගරට් සමාගම්වලට බිලියන 17ක බදු සහන දීලා! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.