• About us
  • Contact us
Friday, June 5, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

මේක රනිල්ගේ කොන්ත්‍රාත් එකක්! හැරෙන තැපෑලෙන් සජබෙන් උත්තර! I Sri Lanka Latest News

January 5, 2025
in Exclusive
Reading Time: 11 mins read
A A
රටේ බහුතර ජනතාවට ඡන්ද අවශ්‍ය නෑ කියා ජනාධිපති කියනවා! පක්ෂ ඔක්කොම එකතු වුණත් 50%ක් නෑ කියනවා! රනිල් නුවරඑළියේදී විනිසුරුවරුන් ඉදිරියේ කරපු කතාවට සජිත් එකින් එක ප්‍රහාර එල්ල කරයි! එතුමා රටේ අභිමානවත්ම පක්ෂය පොළොවටම සමතලා කළා! එක මන්ත්‍රී කෙනෙක්වත් නැතිව ජාතික ලයිස්තුවෙන් ආපු එතුමා ඡන්දවලට බයයි! දේශපාලන ගමනේ අන්තිම තැනට එතුමා ඇවිත් ඉන්නේ! ජනාධිපතිවරණය තියන්න අපි 50% අරගෙන පෙන්නන්නම්! අපි ජනමතයට බය නෑ!  VIDEO I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

සමගි ජන බලවේගය තුළ අභ්‍යන්තර අර්බූද ඇති බව පවසමින් පුවත් පළකිරීමේ මාධ්‍ය මෙහෙයුමක් රනිල් වික්‍රමසිංහ මහතාගේ පාර්ශවයෙන් ආරම්භ වී තිබේ.Sri Lanka Latest News

ඒ අනුව ඊයේ දින තෝරාගත් සමාජ මාධ්‍ය කිහිපයක ‘සජබ තනතුරු රැසක් අනතුරේ: එජාපය රයිට් ටර්න් එකට එද්දී, සජබ ඇතුළේ වලිය ඇවිළෙයි’ යන හිසින් යුතුව පුවතක් පළකිරීමට කටයුතු කොට තිබිණ.

කෙසේවෙතත් ඊයේ දිනම එම පුවතට ප්‍රතිචාර දැක්වීමට පියවර ගෙන තිබූ සජබ පාර්ශවය පෙන්වා දී තිබුණේ මෙය රනිල් වික්‍රමසිංහ මහතාගේ කොන්ත්‍රාත්තුවක් බවත්, සජබය ඇතුළේ කිසිදු අර්බූදයක් නොමැති බවත්ය.

වික්‍රමසිංහ මහතාගේ පාර්ශ්වයෙන් පළවූ පුවත සහ සජබය පාර්ශ්වයෙන් ඊට දක්වා තිබූ ප්‍රතිචාරය පහත දැක්වේ.

මෙන්න සජබ නිල නිවේදනය!

මෙන්න රනිල්ගේ පැත්තෙන් පළකරපු ප්‍රවෘත්තිය!

සජබ තනතුරු රැසක් අනතුරේ: එජාපය රයිට් ටර්න් එකට එද්දී, සජබ ඇතුළේ වලිය ඇවිළෙයි‼️

ප්‍රධාන විපක්ෂය වන සමගි ජන බලවේගය අභ්‍යන්තර අර්බුදයක ගිලී සිටින බවට රාවයක් පැතිර යන අතර, මෙම අර්බුදය හේතුවෙන් පක්ෂයේ ප්‍රධාන නිලතල කිහිපයක වෙනසක් සිදුවනු ඇති බවට දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි. මෙම වෙනස්කම් අතරට සමගි ජන බලවේගයේ මහලේකම් ධූරය සහ සභාපති ධූරය සඳහා නව පුද්ගලයින් පත් කිරීම වැනි කරුණු අයත් වනු ඇතැයි විශ්වාස කෙරේ.

කෙසේ වෙතත්, පක්ෂයේ වත්මන් ජ්‍යෙෂ්ඨ සාමාජිකයින් පිරිසක් මෙම වෙනස්කම් සම්බන්ධයෙන් දැඩි විරෝධය පළ කර ඇති බව ද වාර්තා වේ. මෙම අර්බුදය තවත් උග්‍ර අතට හැරී ඇත්තේ පසුගියදා ජාතික ලැයිස්තුවෙන් මන්ත්‍රීවරයෙකු පත් කිරීමේදී පක්ෂ සභාපති ඉම්තියාස් බකීර් මාකර් මහතා ජ්‍යෙෂ්ඨයන් නොසලකා හැර කටයුතු කිරීම හේතුවෙනි.

මීට අමතරව, පක්ෂයේ අභ්‍යන්තර කටයුතුවලට බලපෑම් කරන තුන්වන පාර්ශවයක් සම්බන්ධයෙන් ද, පක්ෂය තුළ දැඩි අප්‍රසාදයක් පවතින බව පැවසේ. පක්ෂය පිහිටුවීමෙන් පසු සමගි ජන බලවේගය මුහුණ දුන් ප්‍රධාන මැතිවරණ හතරේදීම පරාජය වීම, පක්ෂයේ මන්ත්‍රීවරුන්ගේ දැඩි කලකිරීමට හේතු වී ඇති බව ද විශ්ලේෂකයින්ගේ මතයයි.

මේ අතර එක්සත් ජාතික පක්ෂයේ මහ ලේකම් ධුරයට පත් හිටපු අමාත්‍ය තලතා අතුකෝරල ගේ මගපෙන්වීම යටතේ, එජාපයේ අභ්‍යන්තර බෙදීම් සමනය කිරීමටත්, තරුණ නායකයින් ඉදිරියට යාමට දිරිමත් කිරීමටත්, පක්ෂය තුළ වගවීමේ සහ නව්‍යකරණයේ සංස්කෘතියකින් පෝෂණය කිරීමටත් ප්‍රමුඛත්වය දෙනු ඇතැයි ‘දිනන දකුණ’ දකුණ විස්වාසය පළකරයි.

එක්සත් ජාතික පක්ෂයේ මහලේකම් ධූරයට පත් වූ නීතිඥ තලතා අතුකෝරල සුබ පැතුම් එක්කරමින් ‘දිනන දකුණ ‘(දක්ෂිණාංශික දේශපාලනය ප්‍රතිස්ථාපනය කිරීමේ සාමූහිකය) විසින් නිකුත්කර ඇති නිවේදනයක එබව සඳහන් වේ.
තලතා අතුකෝරලගේ නායකත්වය යටතේ එක්සත් ජාතික පක්ෂය, ජාතියේ ප්‍රගතිය උදෙසා වඩාත් ශක්තිමත් සහ ගතික බලවේගයක් බවට පත්වනු ඇතැයි ද ‘දිනන දකුණ’ විස්වාසයයි.

‘දිනන දකුණ ‘ සාමුහිකය විසින් නිකුත්කර ඇති සම්පුර්ණ නිවේදනය මතු දැක්වේ.

අපගේ සුබ පැතුම්!

”දකුණ නැවතත් දිනවීමට කැපවෙමින් සංවිධානගතවෙමින් සිටින දේශපාලන ක්‍රියාකාරිකයන්ගෙන් සහ වෘත්තිකයන්ගෙන් සමන්විත ගොනුවක් ලෙස එක්සත් ජාතික පක්ෂයේ ප්‍රධාන ලේකම් වරිය ලෙස පත් වූ නීතිඥ තලතා අතුකෝරල මහත්මියට අපගේ සුබ පැතුම් මෙසේ පිරිනමන්නෙමු.

දකුණේ දේශපාලනය නැවත ප්‍රතිස්ථාපනය කිරීමේ වැදගත්කම අවධාරණය කරන අප සමුහය, එජාපය නමැති සන්නාමයට සමාජය තුළ පවතින පිළිගැනීම පිළිගන්නා නමුත් විවිධ හේතූන් නිසා එජාපය නමැති සන්නාමයට සමාජය තුළ පැවති බුද්ධිමය සදාචාරාත්මක ආධිපත්‍යය වියැකී ගොස් තිබේ.

එම සමාජ ආධිපත්‍යය නැවතත් එජාපය තුළින් ගොඩනැගීමට ශක්තිය හා ධෛර්යය තලතා අතුකෝරල මහත්මියට ලැබේවා යි අප ප්‍රාර්ථනා කරන්නෙමු.

ඒ සඳහා වන එඩිතර සහ තීරණාත්මක ක්‍රියාමාර්ග අවශ්‍ය මොහොතක ඔබගේ නායකත්වය සහ අත්දැකීම් මෙම ඓතිහාසික පක්ෂයට නව ජවයක් ගෙන එනු ඇතැයි අපි විශ්වාස කරමු.

නූතන ඡන්දදායකයින්ගේ අභිලාෂයන් ආමන්ත්‍රණය කිරීමට කැප වූ අලුතින් ගොඩනැගුණු දක්ෂිණාංශික දේශපාලන කණ්ඩායමක් ලෙස, අපි මේ මොහොත සලකන්නේ එජාපය ප්‍රතිසංවිධානය, ප්‍රතිව්‍යුහගත කිරීම සහ නැවත නාමකරණය සහිත අර්ථවත් ගමනක් ආරම්භ කිරීමට ලැබෙන අවස්ථාවක් ලෙසය. ජනතාව අතර, විශේෂයෙන්ම තරුණයින් අතර විශ්වාසය යළි ගොඩනැගීමේ අභියෝගය සඳහා නැවුම්, ගතික සහ තීරණාත්මක ප්‍රවේශයක් අවශ්‍ය මොහොතක් බව ද අපි ඔබට සිහිපත් කරන්නෙමු.

එජාපය වෙනස් වන දේශපාලන පරිසරයට අනුගත වෙමින් ප්‍රගතිශීලී, වෙළඳපොළ හිතකාමී සහ ප්‍රජාතන්ත්‍රවාදී වටිනාකම් පිළිබඳ මුල් ප්‍රතිපත්ති යළි පණ ගැන්විය යුතුය. එම ප්‍රතිපත්ති ව්‍යාප්ත ක්‍රියාත්මක කිරීමේ උපාය මාර්ග නවීකරණය කිරීම, බිම් මට්ටමේ ප්‍රජාවන් සමඟ සම්බන්ධ වීම සහ සියලු ශ්‍රී ලාංකිකයන්ගේ අවශ්‍යතා සමඟ අනුනාද වන ප්‍රතිපත්ති සම්පාදනය සඳහා කාර්යක්ෂම රාමුවක් ගොඩනැගීම සඳහා වන අත්‍යවශ්‍යතාව ද මෙහිලා සිහිපත් කිරීමට මෙය අවස්ථාවක් කර ගන්නෙමු.

ඔබගේ මගපෙන්වීම යටතේ එක්සත් ජාතික පක්ෂයේ අභ්‍යන්තර බෙදීම් සමනය කිරීමටත්, තරුණ නායකයින් ඉදිරියට යාමට දිරිමත් කිරීමටත්, පක්ෂය තුළ වගවීමේ සහ නව්‍යකරණයේ සංස්කෘතියකින් පෝෂණය කිරීමටත් ප්‍රමුඛත්වය දෙනු ඇතැයි අපි බලාපොරොත්තු වෙමු.

පුද්ගල නිදහස, ජාතික සමගිය සහ ආර්ථික සමෘද්ධිය ගැන විශ්වාස කරන රටේ ජනතාවගේ බලාපොරොත්තුවේ පහනක් ලෙස පක්ෂය නැවත ස්ථාපිත කිරීම සඳහා නිර්භීත සහ ඉදිරි චින්තන ප්‍රයත්නයක් අත්‍යවශ්‍ය වේ.

අපි යම් යම් මතවාදී කරුණු මත වෙනස් විය හැකි නමුත්, අපේ රටේ වැඩි යහපත සඳහා නිර්මාණාත්මක සංවාදයක් සහ සහයෝගීතාව පෝෂණය කිරීමට අපි කැපවී සිටිමු. ශ්‍රී ලංකාවට යහපත් අනාගතයක් නිර්මාණය කිරීම සඳහා එක්සත් ජාතික පක්ෂය ඇතුළු සියලුම දක්ෂිණාංශික දේශපාලන ක්‍රියාකාරීන් සමඟ එක්ව කටයුතු කිරීමට අපි සූදානම් බව ද මෙහිලා සඳහන් කළ යුතුව තිබේ.

නැවත වරක්, මෙම නව නායකත්වයේ පරිච්ඡේදයට සුබ පතන අතර, එක්සත් ජාතික පක්ෂය යළි පණ ගැන්වීම සඳහා ඔබ දරනා මෙහෙයුමේ සාර්ථකත්වය අපි බලාපොරොත්තු වෙමු. ඔබගේ නායකත්වය යටතේ එක්සත් ජාතික පක්ෂය, ජාතියේ ප්‍රගතිය උදෙසා වඩාත් ශක්තිමත් සහ ගතික බලවේගයක් බවට පත්වනු ඇතැයි අපි විශ්වාස කරමු.

ස්තුතියි!
දිනන දකුණ – දක්ෂිණාංශික දේශපාලනය ප්‍රතිස්ථාපනය කිරීමේ සාමූහිකය

මෙන්න හැරෙන තැපෑලෙන් ලැබුණු උත්තරය!

සජබ තනතුරු රැසක් අනතුරේ: එජාපය රයිට් ටර්න් එකට එද්දී, සජබ ඇතුළේ වලිය ඇවිළෙයි‼️

මෙම ශීර්ෂය යටතේ, InfoSriLankaNews සමාජ මාධ්‍ය පිටුව ඔස්සේ යළිත් රනිල් වික්‍රමසිංහගේ කොන්ත්‍රාත්තුවක් ආරම්භ කර ඇති අයුරු දකින්නට ලැබේ.

ඉන් සමාජගත කිරීමට උත්සාහ කර ඇත්තේ, ප්‍රධාන විපක්ෂය වන සමගි ජන බලවේගය අභ්‍යන්තර අර්බුදයක ගිලී සිටින බවයි.

රනිල් වික්‍රමසිංහ හැමදාම කළේ තමන්ගේ අර්බුද වසා ගන්නට වෙනත් පාර්ශවවල අර්බුදයක් නිර්මාණය කිරීමයි.

මෙවර අලියා ඡන්ද පත්‍රිකාවට ඇතුළත් කර ගන්නටවත් නොහැකි වූ රනිල් වික්‍රමසිංහ, සිලින්ඩරය පෙන්වමින් තමන් දේශපාලන අනාතයින් කළ බවට, පොහොට්ටුවේ සිටි දක්ෂ තරුණ මන්ත්‍රීවරන් පිරිසක් චෝදනා කරන පසුබිමක මෙවැනි ව්‍යාජ ප්‍රවෘත්ති මවා පාමින්, ප්‍රධාන විපක්ෂය තුළ ගැටුම් ඇති කිරීමට රනිල් මේ දරන නින්දිත උත්සාහය සමගි ජන බලවේගයේ ජේ‍්‍යෂ්ඨ නායකයින් පිළිකුළෙන් යුතුව හෙලා දකී.

ජාතික ලැස්තුවෙන් මන්ත්‍රීධුර දෙන බවට ඒ පොහොට්ටු මන්ත්‍රීවරුන්ට සිහින පෙන්වූ රනිල්, අන්තිමට පාර්ලිමේන්තුවට යැව්වේ මහබැංකුව කඩන්නට හවුල් වූ රවී කරුණානායක සහ රවීගේ නඩු ටික කතා කරන ෆයිසර් මුස්තාෆාය.

ශ්‍රී ලංකාවට නිදහස දිනා දුන් අභිමානවත් එක්සත් ජාතික පක්ෂය බින්දුවට ඇද දැමූ රනිල් එදා කළේත්, අද දවසේ සිදු කිරීමට උත්සාහ දරන්නේත්, රටේ අනිත් දේශපාලන පක්ෂත් සීසීකඩ කඩා බිඳ දැමීමේ ව්‍යාපෘතිය බව හොඳින්ම පැහැදිලිය.

2015 මහින්ද රාජපක්ෂ පරාජය කරමින් යහපාලන සංකල්පය මේ රටේ ස්ථාපිත කළ මාදුළුවාවේ සෝභිත හිමියන් ඇතුළු සිවිල් සංවිධානත්, පොදු ජනතාවත් ඒ දිනා දුන් ජනවරමට පයින් ගැසූ රනිල්, මාස දෙකක් ඉක්ම යන්නටත් පෙර එදා මහබැංකු වංචාව සිදුකළේ, ජනතාවගේ ඇසට වැලි ගසමින්ය.

අවසානයේ තවත් රාජපක්ෂ කෙනෙක් ගෙනෙන්නට වටපිටාව හැදුවෙ රනිල් වික්‍රමසිංහය. යහපාලනය පිළිබඳ මිනිසුන්ගේ බලාපොරොත්තු පොඩි ප්‍රමාණයකින් හෝ එදා ඉටු කළේ නම් තවත් රාජපක්ෂ කෙනෙකුට ඉඩක් මේ භූමියේ ඉතුරු වෙන්නෙ නැත.

2022 ජනතා විරෝධය හමුවේ, මහින්දගෙන් හිස්වුන අගමැතිකම පස්සා දොරෙන් අරගත් රනිල්, රාජපක්ෂවරුන්ගේ ආරක්ෂකයා බවට පත්වෙමින්, අනුප්‍රාප්තික ජනාධිපතිධූරය දක්වා ගමන් කළේ තමන්ගේ යටි අරමුණ සාක්ෂාත් කර ගැනීම සඳහාමය.

මහජන ඡන්දයෙන් කිසි දිනක ජනපති පුටුවේ වාඩිවෙන්නට තමන්ට නොහැකි බව දන්නා රනිල් අවසානයේ තම අරමුණ ඉටු කරගත්තේ, ජන අරගලයට මුවා වෙමින්ය. එහෙත් තමන්ට ජනපති පුටුවේ වාඩි වෙන්නට බාධාවක් වූ සියල්ලන් ගැන තමන්ගේ හිතේ ඇති වෛරය කිසිදා අවසන් නොකරගත් රනිල් මුලින්ම කළේ මෛත්‍රීපාල සිරිසේනගේ නිදහස් පක්ෂය සභාපතිකම ඔහුගෙන් ගලවා දැමීමට යටින් මෙහෙයුමක් දියත් කිරීමය.

දෙවැන්න ලෙස මහින්දගේත්, රාජපක්ෂවරුන්ගේත් දේශපාලන ගස වූ පොහොට්ටුව කඩා බිඳ දැමීමේ මෙහෙයුම ඇරඹූ රනිල්, ජනාධිපතිවරණය එලබෙත්ම 90 කට අධික පොහොට්ටු මන්ත්‍රීවරුන් පිරිසක් විවිධ වරදාන, වරප්‍රසාද දී තමන් වෙත නතු කර ගනිමින්, රාජපක්ෂවරුන්ගේ කඳවුර විනාශ කිරීම සිදු කළේය. අද ඒ මන්ත්‍රීවරුන් අල්ලපු වත්තත් නැති, පය ගහපු වත්තත් නැති ස්භාවයකට පත්ව සිටින්නේ දේශපාලන අනාතයින් බවට පත්වෙමින්ය.

2022 ජනපති පුටුවේ වාඩිවූ දිනයේ සිට සජිත්ට ෂොට් එකක් දෙන්නට කුරුමානම් අල්ලන රනිල්ගේ ඒ මෙහෙයුම, එදා අසාර්ථක වුවත් දැන් තවත් වටයකින් මේ සැරසෙන්නේ සමගි ජන බලවේගය දෙකඩ කිරීමේ තමන්ගේ අරමුණ සපුරා ගන්නටය.

මෙවැනි අඳබාල බංකොලොත් දේශපාලන සංස්කෘතියට අප යළිත් හිස එසවීමට අවස්ථාව ලබා නොදිය යුතුය. අවසාන වශයෙන් අවධාරණය කළ යුත්තේ, යළිත් වරක් අප රටට ජරාජීර්ණ දේශපාලන සංස්කෘතියක් අවශ්‍ය නොවන බවය.

SendShareShare
Previous Post

පාතාලයෙයි කුඩු ජාවාරමෙයි මහමොළකාරයෝ හඳුනගත්තාලු! මාධ්‍යයට කියන්නේ නෑලු! අවශ්‍ය පියවර ගත්තාලු! වැඩබලන පොලිස්පතිතුමා කියන විදිහටම පාතාලයටයි කුඩු ජාවාරමටයි සුද්දෙ දෙයිද කියලා බලන් ඉමු! VIDEO I Sri Lanka Latest News

Next Post

මෙන්න රනිල්ගේ ආණ්ඩු කාලෙ කරලා තියෙන දේවල්! ඔස්ට්‍රේලියාවෙන් ආපු ආයෝජකයන්ගෙන් හිටපු ඇමැතිවරු කප්පම් ඉල්ලලා! දෙන්න බෑ කියලා ආයෝජන ඉන්දියාවටයි වියට්නාමෙටයි අරන් ගිහින්! I Sri Lanka Latest News

MORE NEWS

හරිනිත් කලින් ගිහින් දැනුවත් කළා! විමලුත් ගිහින් ආණ්ඩුව ගේන්න යන අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ගැන මල්වතු මහනාහිමියන් දැනුවත් කරයි! ‘අනාගමික-සමරිසි’ කතා එළියට! මාලිමා ආණ්ඩුව කරන්න යන අධ්‍යාපන ‘සිපයිකරණයට’ එරෙහිව සත්‍යග්‍රහයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

විමලුත් ජනාධිපති සූට් මහයි! VIDEO I Sri Lanka Latest News

අමෙරිකාව තෑගි දීපු නැව අනුර ඇවිත් බාරගනී! PHOTOS I Sri Lanka Latest News
Exclusive

අමෙරිකාව තෑගි දීපු නැව අනුර ඇවිත් බාරගනී! PHOTOS I Sri Lanka Latest News

මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News

තිස්ස කුට්ටිට භික්ෂු පෙරමුණෙන් දැඩි ප්‍රහාරයක්! ඔයා කව්ද පිස්සු කුට්ටි…! VIDEO I Sri Lanka Latest News
Exclusive

තිස්ස කුට්ටිට භික්ෂු පෙරමුණෙන් දැඩි ප්‍රහාරයක්! ඔයා කව්ද පිස්සු කුට්ටි…! VIDEO I Sri Lanka Latest News

ඩොලර් හංගන් ඉන්න තැන් හොයන්න හදිසි මෙහෙයුමක්! වෘත්තිකයන් පස්සේ පන්නන්න තීන්දු කරයි!
Exclusive

වල්ලාපට්ට-කිලෝ පේර-නයි මිරිස්-කොච්චි මිරිස්-වැනිලා වගේ එක එක වගාවන් පෙන්වලා සල්ලි එකතු කරන්න කාටවත් බෑ! ඒක නීති විරෝධීයි! අහුවෙන්න එපා! සත පහක් ආයෝජනය කරන්න එපා! මහබැංකුවෙන් ජනතාවට දැනුම් දීමක්! VIDEO I Sri Lanka Latest News

පෙරේදා කියපු එක ඊයේ ඉල්ලා අස්කරගන්නවා! සමාවෙන්න… -තීනියාවල පාලිත හාමුදුරුවෝ..! VIDEO I Sri Lanka Latest News
Exclusive

පෙරේදා කියපු එක ඊයේ ඉල්ලා අස්කරගන්නවා! සමාවෙන්න… -තීනියාවල පාලිත හාමුදුරුවෝ..! VIDEO I Sri Lanka Latest News

Load More
හරිනිත් කලින් ගිහින් දැනුවත් කළා! විමලුත් ගිහින් ආණ්ඩුව ගේන්න යන අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ගැන මල්වතු මහනාහිමියන් දැනුවත් කරයි! ‘අනාගමික-සමරිසි’ කතා එළියට! මාලිමා ආණ්ඩුව කරන්න යන අධ්‍යාපන ‘සිපයිකරණයට’ එරෙහිව සත්‍යග්‍රහයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

විමලුත් ජනාධිපති සූට් මහයි! VIDEO I Sri Lanka Latest News

හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතා පවසන්නේ 2029 වසරේදී තමන් වුවද ශ්‍රී ලංකාවේ ජනාධිපති ධුරයට පත්විය හැකි බවයි. තමන් ඒ සඳහා...

Read more
අමෙරිකාව තෑගි දීපු නැව අනුර ඇවිත් බාරගනී! PHOTOS I Sri Lanka Latest News

අමෙරිකාව තෑගි දීපු නැව අනුර ඇවිත් බාරගනී! PHOTOS I Sri Lanka Latest News

මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News

මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News

තිස්ස කුට්ටිට භික්ෂු පෙරමුණෙන් දැඩි ප්‍රහාරයක්! ඔයා කව්ද පිස්සු කුට්ටි…! VIDEO I Sri Lanka Latest News

තිස්ස කුට්ටිට භික්ෂු පෙරමුණෙන් දැඩි ප්‍රහාරයක්! ඔයා කව්ද පිස්සු කුට්ටි…! VIDEO I Sri Lanka Latest News

ඩොලර් හංගන් ඉන්න තැන් හොයන්න හදිසි මෙහෙයුමක්! වෘත්තිකයන් පස්සේ පන්නන්න තීන්දු කරයි!

වල්ලාපට්ට-කිලෝ පේර-නයි මිරිස්-කොච්චි මිරිස්-වැනිලා වගේ එක එක වගාවන් පෙන්වලා සල්ලි එකතු කරන්න කාටවත් බෑ! ඒක නීති විරෝධීයි! අහුවෙන්න එපා! සත පහක් ආයෝජනය කරන්න එපා! මහබැංකුවෙන් ජනතාවට දැනුම් දීමක්! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.