• About us
  • Contact us
Wednesday, July 22, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ජනාධිපතිතුමා දැන් කියනවා පරදින සභාවලට සල්ලි දෙන්නේ නෑ කියලා! එතුමාට පළාත් පාලන පනත ගැනවත් අවබෝධයක් නෑ! මේ කතා කරන්නේ ජනාධිපතිතුමා නෙමෙයි JVP එකේ නායකයා! VIDEO & PHOTOS I Sri Lanka Latest News

May 3, 2025
in Exclusive
Reading Time: 5 mins read
A A
ජනාධිපතිතුමා දැන් කියනවා පරදින සභාවලට සල්ලි දෙන්නේ නෑ කියලා! එතුමාට පළාත් පාලන පනත ගැනවත් අවබෝධයක් නෑ! මේ කතා කරන්නේ ජනාධිපතිතුමා නෙමෙයි JVP එකේ නායකයා! VIDEO & PHOTOS I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

මහමැතිවරණය සහ ජනාධිපතිවරණයේ දී ජනතාවට ලබා දුන් බලාපොරොත්තුවලින් කොපමණ ප්‍රමාණයක් ඉටු කර ඇත් ද කියා සොයා බැලිය යුතු බවත් කුඩා දරුවාගේ සිට බොහෝ දෙනා මේ ආණ්ඩුව හදුන්වන්නේ බොරුකාර රැවටිලිකාර මුසාවෙන් මුලාවෙන් ජනතාව අනාථ කරන පච ආණ්ඩුවක් ලෙස බවත් එවැනි නිගමනයකට රටේ බහුතරයක් එළඹුවේ වුණ පොරොන්දු ඉටු නොකිරීම නිසා බවත් විපක්ෂ නායකවරයා පැවසීය.Sri Lanka Latest News

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ හම්බන්තොට ප්‍රදේශයේ පැවැති ජන හමුවක් අමතමිනි.

සුබ නැකතින් රට අනුරට ලබා දී පොහොසත් රටක් ලස්සන ජිවිතයක් අපේක්ෂා කළ බවත් ඒ වෙනුවෙන් ආණ්ඩුව පොරොන්දු මාලාවක් දුන් බවත් බලයට පැමිණ පසු සහල් කිරිපිටි හා පොල් ඇතුළු බඩු මිල අඩු කරනවා කිව්වත් බඩු මිල වේගයෙන් වැඩි වී ඇති බවත් ජනතාවට අවශ්‍ය ලු‍‍‍‍‍ණු ටිකවත් දී ගන්න බැරි ආණ්ඩුවක් අද බිහිව ඇති බවත් බොරු කියන්න නම් ලෝක කුසලාන දිනා ඇති මේ රජය 35000ක් රැකියා විරහිත උපාධිධාරීන්ට පළමු අයවැයෙන් පත්වීම් දෙනවා කිව්වත් ඒ පොරොන්දුව ද කඩ කර ඇති බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

විදුලි බිල 33%කින් අඩු කරන බව පැවසුවත් බලයට පැමිණි පසු විදුලි බල මණ්ඩලය විසින් මාස 6කට විදුලි බිල අඩු නොකරන බවට ජනතාවට පැවසු විට ජනතාව එයට එරෙහිව නැගි සිට මහජන උපයෝගීතා කොමිසමට යාම නිසා 20%කින් විදුලි බිල අඩු කළ බවත් තවත් 13%කින් අඩු කිරීමට ඇති බවත් එය අඩු කරන දිනය දැන ගැනීමට අවශ්‍ය බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

අයි එම් එෆ් ගිවිසුම වෙනස් කළෙත් නෑ

අයි එම් එෆ් ගිවිසුම අහෝසි කර නව ගිවිසුමක් අත්සන් කරනවා කිව්වත් පසුගිය රජය සහ ජනාධිපතිවරයා අත්සන් කළ අයි එම් එෆ් ගිවිසුමම පිළිගෙන අයි එම් එෆ් එකේ කීකරු ගෝලයන් බවට වත්මන් රජය සහ ජනාධිපතිවරයා පත්ව ඇති බවත් එසේම වරායෙන් බාන කොට තෙල් සදහා එක මිලක් පාරිභෝගිකයාට තවත් මිලක් එයට හේතුව කොමිස් දුෂණ වංචා හොරකම නිසා බවත් තෙල් මත ලොකු බදු බරක් ඇති බවත් එය ඉවත් කර තෙල් මිල අඩු කරනවා කිව්වත් තවමත් අඩු නොකළ බවත් බඩු මිල, වැට් බදු, සෙසු බදු ආදිය අඩු කරන බව පැවසුවත් එය ද නොවූ බවත් රටේ ජනතාවගේ ලු‍ණු අවශ්‍යතාවවත් මේ රජයට සපුරා ගත නොහැකි බවත් මේ වන විට ගොවියාට ගුණාත්මක පොහොර නොමැති බවත් ඉදිරියේ දී පොහොර සහනාධාරයවත් නොලැබිය හැකි බවත් ඊට අමතරව වගා හානි වන්දිවත් නොලැබෙන බවත් විපක්ෂ නායකවරයා වැඩිදුරටත් පැවසීය.

දැන් ජාත්‍යන්තර තලයේ පච කියන්නේ මේ ආණ්ඩුව

බොරු පිට බොරු කියූ මේ රජය අලු‍‍ත්ම බොරුව ලෙස ඩොනල්ඩ් ට්‍රම්ප් ජනාධිපතිවරයා පැනවූ ප්‍රතිචාරක බදු දින 90ට අත්හිටවූයේ රජය ප්‍රමුඛ මාලිමා ආණ්ඩුව ලියූ ලියුමක් නිසා යැයි රජයේ ඇමතිවරයෙකු කිව්වත් මේ සහනය අපට පමණක් නොව බදු ගැසූ සෑම රටකටම ලබා දුන් බවත් එසේ කියා වෙනමම දූත කණ්ඩායමක් අපේ රටින් ගොස් සාකච්ඡා අවසන් කර ඇති බවත් ඒ සම්බන්ධ ඒකාබද්ධ නිවේදනයක් නිකුත් කරනවා කිව්වත් අවසානයේ එවැනි නිවේදනයක්වත් නිකුත් නොවූ බවත් ජනතා විමුක්ති පෙරමුණ ආණ්ඩුවට ඕන නිවේදනය නම් නිකුත් කර ඇති බවත් මේ නිවේදනයට ඇමෙරිකානු රජය සම්බන්ධ නොවූ බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

ආණ්ඩුවේ අලුත් තුරුම්පුව තමයි මාලිමා බලය නැති පළාත් පාලන ආයතනවලට ප්‍රතිපාදන නොදීම

බොරු කියා අවසානයේ ජනතාවට මේ බොරු තේරුණු පසු රජය අලුත් තුරුම්පුවක් දියත් කර ඇති බවත් රජයේ අවසාන තුරුම්පුව ලෙස මාලිමාවේ පළාත් පාලන ආයතනවලට පමණක් ප්‍රතිපාදන ලබා දෙනවා කියා රටවන බවත් ජනාධිපතිවරයා මේ පනත් ගැනවත් අවබෝධයක් නැති බවත් ජනාධිපතිවරයා යනු රටේම නායකයා වුවත් මේ ජනාධිපතිවරයා මේ වන විට ජනතා විමුක්ති පෙරමුණට පමණක් නායකයා වී පක්ෂග්‍රාහී ප්‍රකාශ නිකුත් කරන බවත් සමගි ජන බලවේගය විපක්ෂයේ සිට වැඩ කළා සේ ජනාධිපතිවරයාගේ ප්‍රතිපාදන තිබුණත් නැතත් සමගි ජන බලවේගය ජය ගන්නා පළාත් පාලන ආයතනවලට වැඩකළ හැකි බවත් ජනතාව අපේක්ෂා කරන සේවාවට වඩා ඉහළ සේවාවක් කිරීමේ වගකිම බාර ගන්නා බවත් විපක්ෂ නායකවරයා තවදුරටත් අවධාරණය කළේය.

සමාජය මිනිමරුවන්ගේ රජදහනක් බවට පත් වෙලා

අද වන විට අප රටේ ජන සමාජය මංකොල්ලකරුවන්ගේ, මිනිමරුවන්ගේ, ඝාතකයන්ගේ ග්‍රහණයට නතුව ඇති බවත් සංවිධානාත්මක අපරාධ කල්ලි කුඩු කණ්ඩායම් මිනිමරුවන් ඝාතක කණ්ඩායම් රටේ නීතිය අතට ගෙන පාතාල නීතිය ක්‍රියාත්මක කරන බවත් නීතියේ පරමාධිත්‍ය අද විනාශ වී ඇති බවත් නීතිය හා සාමය කඩවෙමින් පවතින බවත් මේ රජයට නීතියේ ආධිපත්‍ය සුරක්ෂා කරන්න නොහැකි නිසා කැලෑ නීතිය ක්‍රියාත්මක වන බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

නිවසේ දී කාමරයේ දී මහමගදී වැඩබිමේදී උසාවියේ දී පවා මිනිමැරුම් සිදුවන බවත් මේ මිනිමරු කණ්ඩායම් තමන්ට රිසි ආකාරයට කටයුතු කරන බවත් ජනතා විමුක්ති පෙරමුණ රජය සහ ජනාධිපතිවරයාට නීතිය හා සාමය ස්ථාපිත කළ නොහැකි බවත් ඔවුන්ට නිසි වැඩපිළිවෙළක් නොමැති බවත් කයිවාරු ගැසීම පමණක් සිදු කරන බවත් ජාතික ආරක්ෂාව ගැන ටියුෂන් දෙන්නම් කියූ රජයට අද ජාතික ආරක්ෂාව ගැන ටියුෂන් ගන්න සිදුව ඇති බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

සමගි ජන බලවේගය පළාත් පාලන ආයතනවලින් බහුතරයක් ජයග්‍රහණය කළ පසු සෑම කොට්ඨාසයකම වසමකම ගමකම ප්‍රජා ආරක්ෂක කමිටු ස්ථාපිත කර ප්‍රජාව කේන්ද්‍රීය ආරක්ෂක වැඩපිළිවෙළක් ඇති කර ආරක්ෂක අංශ හා ප්‍රජාව සමග එකතු වී ජනතා සහභාගීත්වයෙන් නිතිය හා සාමය සුරක්ෂා කරන වැඩපිළිවෙළක් ඇති කරන බවත් ඒ යුතුකම රට වෙනුවෙන් සමගි ජන බලවේගය ඉටු කරන බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

ආදාහන භූමදාන ගැටලුවේදීත් පෙරට ආවේ සමගි ජන බලවේගයයි

මෙරට ඒකාධිපති පාලන යුගයක් තුළ ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා බලහත්කාරයෙන් මුස්ලිම් ප්‍රජාවගේ අයිතිය උල්ලංඝනය කර ආදාහන භුමදාන ගැටලු‍වේදී එයට විරුද්ධව පෙරට ආවේ සමගි ජන බලවේගය බවත් අද ආණ්ඩු කරන අය එදා මුනිවත රකිමින් කටපියන් සිටි බවත් ආඥාදායක පාලනයක් ක්‍රියාත්මක වන විටත් ප්‍රතිපත්තිගරුකව ජාති ආගම්භේද බැහැර කර පෙනී සිටියේ සමගි ජන බලවේගය බවත් විපක්ෂ නායකවරයා තවදුරටත් අවධාණය ⁣කළේය.

SendShareShare
Previous Post

විජේවීර පවුලෙන් අනුරට චැලෙන්ජ් එකක්! ගණන් හදලා පෙන්නපු විදිහට කරලා පෙන්වන්න! නැත්නම් මහපාරෙදි හම්බවෙමු! VIDEO I Sri Lanka Latest News

Next Post

ජවිපෙ හයිවේ වැඩ ගැන නාමල් සතුටින් කියන්නේ ඇත්තටද.. නෝන්ඩියටද? Sri Lanka Latest News

MORE NEWS

මහජන සෞඛ්‍ය සේවයට අවුරුදු 100ක් පිරෙයි! අනුර සෞඛ්‍ය වෘත්තීය කණ්ඩායම් 36ක් අගයයි! හිටපු ජනාධිපති මෛත්‍රීපාලත් ඇවිත්! PHOTOS I Sri Lanka Latest News
Exclusive

මහජන සෞඛ්‍ය සේවයට අවුරුදු 100ක් පිරෙයි! අනුර සෞඛ්‍ය වෘත්තීය කණ්ඩායම් 36ක් අගයයි! හිටපු ජනාධිපති මෛත්‍රීපාලත් ඇවිත්! PHOTOS I Sri Lanka Latest News

අගමැතිනිට චීනයේදී ලොකු පිළිගැනීමක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

කොළඹ ලොකු හෝටලයකට එද්දී අගමැතිනිය දිහා දුරදක්නයකින් බලන් හිටපු තුන්දෙනෙක් රිමාන්ඩ්! I Sri Lanka Latest News

ඇමැතිකමක් අරන් ආණ්ඩුවට ගිය ශාන්ත බණ්ඩාර මාධ්‍ය ඉදිරියේ හඬා වැටුණේ ඇයි? (VIDEO)
Exclusive

කෝටි 2ක මුදලක් පැහැර ගැනීමේ සිද්ධියකට හිටපු ඇමැති ශාන්ත බණ්ඩාරගේ පුතා පොලිසියෙන් අත්අඩංගුවට අරන්! I Sri Lanka Latest News

වැලිකන්ද පොලිසියේ කොස්තාපල්වරයෙක් සැකකටයුතු ලෙස නිදි ඇඳේම මියගිහින්! Sri Lanka Latest News
Exclusive

ලක්ෂ 3ක අල්ලසක් ඉල්ලූ සිද්ධියේ වැලිකඩ හිටපු OICට දූෂණ විරෝධී පනත යටතේ නඩු! I Sri Lanka Latest News

මේක නම් කරන්නම ඕන වැඩක්! බස් ස්ටෑන්ඩ්වල මිනිස්සුන්ට කුණු කෑම වික්ක කැන්ටින්-හෝටල් 112කට පාරිභෝගික අධිකාරියෙන් පනී! PHOTOS I Sri Lanka Latest News
Exclusive

මේක නම් කරන්නම ඕන වැඩක්! බස් ස්ටෑන්ඩ්වල මිනිස්සුන්ට කුණු කෑම වික්ක කැන්ටින්-හෝටල් 112කට පාරිභෝගික අධිකාරියෙන් පනී! PHOTOS I Sri Lanka Latest News

කෝප් එකයි කෝපා එකයි සජිත් විපක්ෂයට ගනී! රැස්වීම් 3කට ආවෙ නැත්නම් මන්ත්‍රීවරු එළියට දාන්නත් තීරණයක්!
Exclusive

කෝප්-කෝපා කමිටුවලට තටු ලැබෙයි! ආන්දෝලනාත්මක වාර්තා රැසක් කෙළින්ම නීතිපතිට සහ අල්ලස් කොමිසමට! VIDEO I Sri Lanka Latest News

Load More
මහජන සෞඛ්‍ය සේවයට අවුරුදු 100ක් පිරෙයි! අනුර සෞඛ්‍ය වෘත්තීය කණ්ඩායම් 36ක් අගයයි! හිටපු ජනාධිපති මෛත්‍රීපාලත් ඇවිත්! PHOTOS I Sri Lanka Latest News
Exclusive

මහජන සෞඛ්‍ය සේවයට අවුරුදු 100ක් පිරෙයි! අනුර සෞඛ්‍ය වෘත්තීය කණ්ඩායම් 36ක් අගයයි! හිටපු ජනාධිපති මෛත්‍රීපාලත් ඇවිත්! PHOTOS I Sri Lanka Latest News

මහජන සෞඛ්‍ය සේවාවේ සියවසක අභිමානවත් සැමරුම ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් අද (21) පෙරවරුවේ කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී...

Read more
අගමැතිනිට චීනයේදී ලොකු පිළිගැනීමක්! VIDEO I Sri Lanka Latest News

කොළඹ ලොකු හෝටලයකට එද්දී අගමැතිනිය දිහා දුරදක්නයකින් බලන් හිටපු තුන්දෙනෙක් රිමාන්ඩ්! I Sri Lanka Latest News

ඇමැතිකමක් අරන් ආණ්ඩුවට ගිය ශාන්ත බණ්ඩාර මාධ්‍ය ඉදිරියේ හඬා වැටුණේ ඇයි? (VIDEO)

කෝටි 2ක මුදලක් පැහැර ගැනීමේ සිද්ධියකට හිටපු ඇමැති ශාන්ත බණ්ඩාරගේ පුතා පොලිසියෙන් අත්අඩංගුවට අරන්! I Sri Lanka Latest News

වැලිකන්ද පොලිසියේ කොස්තාපල්වරයෙක් සැකකටයුතු ලෙස නිදි ඇඳේම මියගිහින්! Sri Lanka Latest News

ලක්ෂ 3ක අල්ලසක් ඉල්ලූ සිද්ධියේ වැලිකඩ හිටපු OICට දූෂණ විරෝධී පනත යටතේ නඩු! I Sri Lanka Latest News

මේක නම් කරන්නම ඕන වැඩක්! බස් ස්ටෑන්ඩ්වල මිනිස්සුන්ට කුණු කෑම වික්ක කැන්ටින්-හෝටල් 112කට පාරිභෝගික අධිකාරියෙන් පනී! PHOTOS I Sri Lanka Latest News

මේක නම් කරන්නම ඕන වැඩක්! බස් ස්ටෑන්ඩ්වල මිනිස්සුන්ට කුණු කෑම වික්ක කැන්ටින්-හෝටල් 112කට පාරිභෝගික අධිකාරියෙන් පනී! PHOTOS I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.