• About us
  • Contact us
Tuesday, July 28, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

මුළු රටම බලාගෙන ඉන්න ඊළඟ බදාදාට රටේ ජනාධිපති තෝරන ඡන්දය තියන්නෙ මෙහෙමයි… ඩී.බී.විජේතුංග තෝරනකොට හිටපු මහ ලේකම් නිහාල් සෙනෙවිරත්න කියයි…

July 18, 2022
in Exclusive
Reading Time: 9 mins read
A A
මුළු රටම බලාගෙන ඉන්න ඊළඟ බදාදාට රටේ ජනාධිපති තෝරන ඡන්දය තියන්නෙ මෙහෙමයි… ඩී.බී.විජේතුංග තෝරනකොට හිටපු මහ ලේකම් නිහාල් සෙනෙවිරත්න කියයි…
Share on WhatsAppShare on Facebook

හිටපු ජනාධිපති රණසිංහ ප්‍රේමදාස මහතා ඝාතනය වූ සමයේ පාර්ලිමේන්තු කටයුතු මහලේකම්වරයා වූයේ නිහාල් සෙනවිරත්න මහතාය. ජනාධිපති ඝාතනයෙන් හිස් වූ පුරප්පාඩුව ඒ අවස්ථාවේ වහා පිරවිය යුතු කාර්යය විය. ඒ අනුව එවක අගමැති ඩී.බී. විජේතුංග මහතා පත්කරනු ලැබිණි. ඒ කාර්යයේදීත් ව්‍යවස්ථානුකූල විශාල කාර්යභාරය ඉටුකිරීමේ රාජකාරිය පාර්ලිමේන්තු මහලේකම්වරයා සතුය.

මේ ඒ කාර්යභාරය ඉටුකළ අන්දම පිළිබඳ එවක පාර්ලිමේන්තු මහලේකම් ධුරය දැරූ නිහාල් සෙනෙවිරත්න මහතා කියන විස්තරයයි.

විධායක ජනාධිපති රණසිංහ ප්‍රේමදාස මහතාගේ හදිසි අභාවයෙන් පසු ඒ ධුරයට පත්වූවේ ඩිංගිරි බණ්ඩා (ඩී.බී.) විජේතුංග මහතාය. ඔහු ඒ සමයේ කීර්තිමත් දේශපාලනඥයෙකි. අනුන්ගේ සිත් ඇදබැඳ ගැනීමේ එතුමාටම ආවේණික විශේෂ ගති ලක්‍ෂණ තිබුණේය. පැහැදිලිව විiමාන වූ සරල පැවැත්ම සහ මිත්‍රශීලීභාවය ඒවා අතර විශේෂයෙන් කැපීපෙනුණේය. ඔහුගේ නමේ මුල් අකුරු දෙකද මහජන ආකර්ෂණික වූවේය.“ඩී.බී.” යන්නට මහජනයාගෙන් සුරතල් අර්ථ කථනයක්ද සමාජගතව පැවැතුණේය. ඒ “දුන්නොත් බාරගන්නං” යන්නය. එතුමා 1922 පෙබරවාරි 19 වැනිදා උඩුනුවර පිළිමතලාවේදී උපත ලබා තිබුණේය.

නවසිය හැත්තෑවේ මැද භාගයේ සිටම දේශපාලන කරළියේ මුදුන් පෙත්තේම සිටියෝ දෙදෙනෙකි. ඔවුහු ලලිත් ඇතුලත්මුදලි සහ ගාමිණී දිසානායක යන දෙදෙනාය. දෙදෙනාම ජේ.ආර්.ගේ “අගසව්වන්”ය. එහෙත් ඔවුන් ගැන මායිම් නොකළ ජනාධිපති රණසිංහ ප්‍රේමදාස, ඩී.බී. විජේතුංග මහතාට අගමැතිකම දුන්නේය. එය විචක්‍ෂණ ක්‍රියාවක් වශයෙන් පිළිගැනිණි. මන්ද ඒ වන විටත් ඩී.බී. විජේතුංග මහතා දේශපාලන ක්‍ෂේත්‍රයේ හොඳින් “පරිපාකව” (පැසුණු බුද්ධියෙන් යුතුව) සිටියෙකි. වසර විසිපහක්ම පාර්ලිමේන්තුවේය. හැත්තෑහතේ සිට අසූව දශකය පුරා පැවැති ජේ.ආර්. ජයවර්ධන ආණ්ඩුවේ බලශක්ති සහ මහාමාර්ග, තැපැල් සහ විදුලි පණිවුඩ යන අමාත්‍ය ධුර භාරව සිටියේය.

ජනාධිපති ආර්. ප්‍රේමදාස මහතා ඝාතනය කරනු ලැබ ඇතැයි කතානායකවරයා 1993 මැයි 03 වැනි දින උදේ නිල වශයෙන් ප්‍රකාශ කරන ලද්දේය.

“රටේ රාජ්‍ය නායකයාගේ ඝාතනය සෑම සියලු අතින්ම එරට පුරවැසියන්ට තදින්ම බලපාන්නකි. ඒ බලපෑමට ජාති, ගෝත්‍ර, කුලමල, ආගමික සහ දේශපාලන ආදී කිසිවක් හේතු නොවන්නේය. ශ්‍රී ලංකාවාසීන් වන අප ප්‍රජාතන්ත්‍රවාදය හිස මුදුනින් පිළිගන්නා අතර මේ නිවට නියාලු, බියගුලු ක්‍රියාව තරයේ හෙළාදකිමු.” යනුවෙන් ඒ නිවේදනයේ සඳහන් විය.

ඒ අනුව මෙම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 38 වැනි වගන්තිය අනුව ජනාධිපති ධුරයේ පුරප්පාඩුවක් ඇතිවී ඇති බවත් එම වගන්තියේ 02 වැනි සහ 05 වැනි ඡේදවල ජනාධිපතිවරණ (විශේෂ විධිවිධාන) සහ 1981 අංක 02 පනත පරිදි පාර්ලිමේන්තු මහලේකම්වරයා විසින් පාර්ලිමේන්තුව දැනුවත් කරනු ලැබිය යුතු බවත් මම පැහැදිලි කෙළෙමි.

ඉන්පසු යථෝක්ත පනතේ 05 වැනි වගන්තිය ප්‍රකාරව පවත්නා පුරප්පාඩුව සඳහා නාමයෝජනා භාරගැනීම මැයි 07 වැනි දිනට නියමිත බවට මම දෙවැනි නිවේදනයෙන් කරුණු පැහැදිලි කෙළෙමි.

නිවේදනය :
“ඡන්ද විමසුම සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මහලේකම්වරයා පාර්ලිමේන්තුවට කරුණු පැහැදිලි කරයි” යන පරිදි එදින මැයි 07 දින උදේ කතානායකවරයා පාර්ලිමේන්තුවට නිවේදනයක් කෙළේය.

ඒ අනුව මම පහත දැක්වෙන නිවේදනය කෙළෙමි.

6(1) ජනාධිපති ධුරය සඳහා නාමයෝජනා භාරගැනීමට ඇති ප්‍රතිපාදන පාර්ලිමේන්තුවට දැක්වීමට කැමැත්තෙමි. 1981 ජනාධිපතිවරණ (විශේෂ විධිවිධාන) පනතේ 10 වැනි වගන්තියේ මෙසේ විස්තර දැැක්වේ.

6(1) නාමයෝජනා භාරගැනීමට නියමිත දිනයේ පාර්ලිමේන්තුව කැඳවිය යුතු අතර පාර්ලිමේන්තු මහලේකම්වරයා තේරීම් භාර නිලධාරියා වශයෙන් කටයුතු කළ යුතුය.

  1. කිසියම් සාමාජිකයකු (මන්ත්‍රීවරයකු) ජනාධිපති ධුරය සඳහා කිසියම් සාමාජිකයකුගේ නම යෝජනා කිරීමට අපේක්‍ෂා කරන්නේ නම් ඒ සාමාජිකයාගෙන් (මන්ත්‍රීවරයාගෙන්) එම ධුරයේ (ජනපති) රාජකාරි කිරීමට කැමැති බවට කැමැත්ත (එකඟතාව) ප්‍රකාශ කිරීමේ ලිපියක් ලබාගත යුතුය.
  2. කිසියම් සාමාජිකයකුට (මන්ත්‍රීවරයකුට) පාර්ලිමේන්තු මහ ලේකම්වරයාට ඍජුවම කතාකර ජනාධිපති ධුරය සඳහා කෙනකු නම්කළ හැකිය. ඒ යෝජනාව වෙනත් සාමාජිකයකු විසින් ස්ථිර කළ යුතු වන්නේ වුවද ඒ සම්බන්ධයෙන් විවාදයකට අවස්ථාව නැත.
  3. එකම එක යෝජනාවක් පමණක් ජනාධිපති ධුරය සඳහා ඉදිරිපත් කෙරී සම්මත (ස්ථිර) වූවේ නම්, එම තැනැත්තා ජනාධිපති ධුරයට පත්කෙරුණු බවට පාර්ලිමේන්තු මහලේකම්වරයා විසින් ප්‍රකාශයට පත් කරනු ලැබිය යුතු වන්නේය. එකකට වඩා ඉදිරිපත් වූ යෝජනා ද සම්මත වූ කල්හි පනතේ 03 වැනි වගන්තියේ 02 වැනි උප වගන්තිය ප්‍රකාරව ඡන්දයක් පැවැත්වීම උදෙසා දිනයක් සහ වෙලාවක් නියම කිරීමට පාර්ලිමේන්තුව කටයුතු කළයුතු වන්නේය. එහෙත් ඒ දිනය සහ වේලාව නාමයෝජනා ඉදිරිපත් කෙරුණු අවස්ථාවේ සිට පැය හතළිස්අටකට නොවැඩි වියයුතු වන්නේය.

(1981 අංක 02 දරන ජනාධිපතිවරණ (විශේෂ විධිවිධාන) පනතේ 06 වැනි ඡේදය ප්‍රකාර පාර්ලිමේන්තු මහලේකම් වශයෙන් නීත්‍යනුකූලභාවය පැහැදිලි කළ මම (නිහාල් සෙනෙවිරත්න) නාමයෝජනා අපේක්‍ෂා කරන බව ප්‍රකාශ කෙළෙමි)

ඒ අවස්ථාවේදී ප්‍රවාහන සහ මහාමාර්ග අමාත්‍ය විජේපාල මැන්ඩිස් මහතා මෙසේ ප්‍රකාශ කෙළේය.

පාර්ලිමේන්තු මහකොමසාරිස්තුමනි,

1981 අංක 02 දරන ජනාධිපතිවරණ (විශේෂ විධිවිධාන) පනතේ 06 වැනි වගන්තියේ 01 ඡේදය ප්‍රකාරව මේ පාර්ලිමේන්තුවේ ගරු ඩී.බී. විජේතුංග මහතා ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රවාදී සමාජවාදී ජනරජයේ ජනාධිපති පදවියට යෝජනා කිරීම පිළිබඳ මම මහත් සේ සතුටට පත්වෙමි. මේ පාර්ලිමේන්තුව ඒ සම්බන්ධයෙන් කැමැත්ත ප්‍රකාශ කරනු ලබන්නේ නම් යථෝක්ත ධුරයේ රාජකාරි කිරීමට එතුමා කැමැත්ත ප්‍රකාශ කරනු ලබන බව ප්‍රකාශ කිරීමේ ලියවිල්ල මම ඉදිරිපත් කරන්නෙමි.

අධිකරණ සහ උසස් අධ්‍යාපන අමාත්‍ය ඒ.සී.එස්. හමීඩ් මහතා ඒ අවස්ථාවේදී මෙසේ ප්‍රකාශ කෙළේය.

පාර්ලිමේන්තු මහ කොමසාරිස්තුමනි, ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රවාදී සමාජවාදී ජනරජයේ ජනාධිපති පදවියට මේ පාර්ලිමේන්තුවේ මහජන මන්ත්‍රී ඩී.බී. විජේතුංග මහතාගේ නම ස්ථිර කිරීමට ලැබීම මට මහත් සතුටට කරුණක් බව ප්‍රකාශ කිරීමට කැමැත්තෙමි.

මම (පාර්ලිමේන්තු මහකොමසාරිස්) මෙසේ විචාලෙමි.

තවත් නම් යෝජනා කිරීමට තිබේද?

වෙනත් කිසිදු යෝජනාවක් නොවූයෙන් පසුව මම මෙසේ නිවේදනය කෙළෙමි.

ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී ඩී.බී. විජේතුංග මහතා ජනාධිපති ධුරයට පත්ව ඇති බව 1981 අංක 02 දරන ජනාධිපතිවරණ (විශේෂ විධිවිධාන) පනතේ 06 වැනි වගන්තියේ 04 ඡේදය ප්‍රකාරව මම නිවේදනය කරමි. ගරු ජනාධිපතිතුමනි, ඔබතුමාට මගේ හෘදයාංගම ආශිංසනය පිරිනමමි.

ගරු කතානායකතුමනි, ගරු ජනාධිපතිතුමනි, ශ්‍රී ලංකාවේ තුන්වැනි විධායක ධුරයට පත්වූ ඔබතුමා මගේ හෘදයාංගම සන්තුෂ්ටිය සමග ආශිංසනය පිළිගනු මැනවි.

රණසිංහ ප්‍රේමදාස ශ්‍රීමතාණන්ගේ ඛේදනීය ඝාතනයෙන් පසුව පුරප්පාඩු වූ ධුරයට ඔබතුමා පත්වීම ගැන අපි ඉත සිතින් සතුටුවෙමු. මම ඔබතුමා හතළිස් හතර වසරකට ආසන්න කාලයක් තිස්සේ දැන සිටිමි. උද්ගතවන ඕනෑම ප්‍රශ්නයක් හෝ ආරවුලක් හෝ කිසිදු කෙනකුට හිරිහැරයක් නොවන අන්දමින් විසඳීමේ ඔබටම ආවේණික හැකියාවක් ඇති බව මම දනිමි. සමස්ත ශ්‍රී ලාංකික ප්‍රජාවම සාමයික සහ සමෘද්ධිමත් අනාගතයකට යොමුකරවීමේ හැකියාවක් ඔබතුමාට ඇති බවද මම විශ්වාස කරමි.

කර්මාන්ත, විද්‍යා සහ තාක්‍ෂණ අමාත්‍ය සහ සභානායක රනිල් වික්‍රමසිංහ මහතා සිංහලෙන් ඉතා දීර්ඝ කතාවක් කරමින් නව ජනාධිපතිවරයාට ශුභ පැතුවේය.

පාර්ලිමේන්තුවේ දෛනික සියලු රාජකාරිමය කටයුතු නිමා වීමෙන් පසුව නව ජනාධිපති ඩී.බී. විජේතුංග මහතා එතුමාට ආවේණික අල්පේච්ච ස්වභාවයෙන්ම මගේ කාර්යාලයට පැමිණ ඔහුගේ පත්වීම උදෙසා මා විසින් දෙන ලද සහාය වෙනුවෙන් කාතඥතාව පළ කෙළේය.

“සර්, මම කළේ ව්‍යවස්ථානුකූලව මට පැවරී ඇති රාජකාරිය මිසක් ඊට වැඩිමනත් දෙයක් නෙවේ” යැයි පිළිතුරු වශයෙන් පැවසූ මම “සර්, සර්ගෙ පදවිය ගැන ඇත්ත වශයෙන්ම මම සන්තෝෂ වෙනවා. මගේ උණුසුම් ශුභපැතුම්” යැයි කීවෙමි.

ඊළඟට මා ඔහු හමුවීමට ඔහුගේ කාර්යාලයට ගියේ මා විශ්‍රාම යාමට සතියකට පෙරය. මා ඊළඟ සතියේ විශ්‍රාම ගන්නා පුවත පැවසූ මොහොතේම කලබල වූ ජනාධිපතිතුමා “නිහාල්, ඔයා ගතවුණු අවුරුදු තිහක කාලයේ රාජකාරි කළ හැටි මම හොඳට දන්නවා. ඔයා වාගෙ කෙනෙක් නැතිව මෙතැන වැඩ කරන්නෙ කොහොමද? ඒ නිසා ඔයාගෙ සේවා කාලය දීර්ඝ කරන්න මම පාර්ලිමේන්තුවට යෝජනාවක් ගේන්න කියන්නං” යැයි කීවේය.

මම ඒ යෝජනාව කාරුණිකවම ප්‍රතික්‍ෂේප කෙළෙමි.

“මම ඔයා කොහෙ හරි රටක තානාපති හැටියට යවන්නං” ඒ, එතුමාගේ ඊළඟ යෝජනාවය.

“ස්තුතියි සර්, මට ආසයි මගේ දරුවන් දෙන්නයි බිරිඳයි එක්ක හැව්ලොක් පාරෙ තියෙන මගේ ගෙදරට වෙලා ඉන්න” යැයි කියමින් ඒ යෝජනාවද මම කෘතඥතා පෙරටුව ප්‍රතික්‍ෂේප කෙළෙමි.

ඔහුගේ නිහතමානීකම සේම අනුන්ට උපකාර කිරීමට හිතේ ඇති ළැදියාව ගැන පෙන්වාදීමටද අවසාන වශයෙන් මට තව එක් කරුණක් සඳහන් කිරීමට තිබේ.

උඩරට පළාතේ එක්තරා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු එතුමා හමුවී තම කාර්යාලයීය රාජකාරි දුරකතනය ඔහුගේ පෞද්ගලික නිවෙස දක්වා දිගුවකින් සම්බන්ධ කර දෙන ලෙස ඉල්ලා තිබේ. දිගුවේ ප්‍රමාණය සැතපුම් පහකි. ඒ අනුව ඩී.බී. විජේතුංග ජනාධිපතිතුමා මා අමතා හැකි නම් ඔහුට ඒ උපකාරය කරදෙන ලෙසට කාරුණික ඉල්ලීමක් කෙළේය.

එහි නීත්‍යනුකූල නොවනභාවය පැහැදිලි කළ මම ඒ ඉල්ලීම ඉටුකළ නොහැකි බව කාරුණිකව ප්‍රකාශ කෙළෙමි.

“මම දන්නව නිහාල්. මම කීවෙ ඒක කරන්න මොකක් හරි ක්‍රමයක් තියෙනව නම් එතුමාට උපකාරයක් හැටියට කරන්න පුළුවන් නම් ඒක කරන්න කියන එකයි” කී එතුමා දුරකතනය විසන්ධි කෙළේය.

ඒ ඉල්ලීම කළ මන්ත්‍රීවරයා පැමිණ මා හමුවී තම අවශ්‍යතාව ජනාධිපතිතුමාට කීි බවත් එය කෙසේ හෝ ඉටුකර දෙන ලෙසත් ඔහු මගෙන් ඉල්ලා සිටියේය. එහෙත් එය කළනොහැකි වීමේ දුෂ්කරතාව මම එතුමාටද පැහැදිලි කෙළෙමි.

එතුමා මාසිටි කාර්යාලයෙන් බැහැර වූයේ එතරම් හොඳ සිතකින් නොවන බව මට වැටහිණි.



චන්ද්‍රසේන මාරසිංහ

SendShareShare
Previous Post

ජනතාවගේ අදහස් ප්‍රකාශ කිරීමේ අයිතියට බලපෑම් කරන්න එපා! වහාම අයින් කරගන්න! රනිල්ගේ හදිසි නීතිය ගැන නීතීඥ සංගමය නිවේදනයක් නිකුත් කරයි!

Next Post

නව වැනිදා රාජපක්ෂලාට අපලයක් වුණේ කොහොමද?

MORE NEWS

ආණ්ඩුවට හාල් සංචිතයකුත් නෑ! වී සංචිතයකුත් නෑ! ඒ අස්සේ දැනටමත් මහා නියඟයක් එන ලකුණු! මිනිස්සුන්ට ඒ පාර කන්නවත් නැතිව යයිද? I Sri Lanka Latest News
Exclusive

දැන්ම තියා ලෑස්ති වෙන්න! ලබන මාසයේ විශාල නියඟයක් එනවා! බොන්නවත් වතුර නැතිවෙන්නයි යන්නේ..!  Sri Lanka Latest News

ඕකා ඉන්න ඕන හිරේ..! ගොවියො ලාල්කාන්තට අමතනවා ඇමතිල්ලක්..! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඕකා ඉන්න ඕන හිරේ..! ගොවියො ලාල්කාන්තට අමතනවා ඇමතිල්ලක්..! VIDEO I Sri Lanka Latest News

ගිනිගත්හේනට ජාත්‍යන්තර මට්ටමේ කීර්තියක් අරන් ආ හෙසලිට ගමම ආචාර කරපු හැටි! PHOTOS I Sri Lanka Latest News
Exclusive

ගිනිගත්හේනට ජාත්‍යන්තර මට්ටමේ කීර්තියක් අරන් ආ හෙසලිට ගමම ආචාර කරපු හැටි! PHOTOS I Sri Lanka Latest News

ජපානයෙන් ප්‍රාඩෝ එකක් ගෙනත් දෙන්නම් කියලා පියතුමෙක් ලක්ෂ 80ක් අරන්! ප්‍රාඩෝ එකත් නෑ! ලක්ෂ 80ත් නෑ! පියතුමාට වෙච්ච දෙයක්!
Exclusive

බදු වංචා කර හොර පාරෙන් අරන් ඇවිත් RMV එකේ දූෂිත නිලධාරීන් අල්ලාගෙන එකලස් කරපු සුපිරි වාහන 500ක් පස්සේ ත්‍රස්ත විමර්ශනයෙන් පන්නයි!  Sri Lanka Latest News

ඊයෙත් හෙල්ලුණා! අදත් හෙල්ලුණා! බුත්තල-වැල්ලවායත් තුර්කිය වගේ වෙයිද?
Exclusive

ජපානය දෙදරයි! වැඩ නවතී! I Sri Lanka Latest News

කෑම-බෙහෙත්-තෙල් ගන්න ඉන්දියාව තවත් ඩොලර් බිලියන 2ක ණයක් දෙයි!
Exclusive

පළමුව අසල්වැසියා..! ඉන්දියාව ලංකාවට ඩොලර් බිලියන 7.5කටත් වඩා ආධාර කරලා! ඩොලර් මිලියන 850ක්ම පිනට දීලා! I Sri Lanka Latest News

Load More
ආණ්ඩුවට හාල් සංචිතයකුත් නෑ! වී සංචිතයකුත් නෑ! ඒ අස්සේ දැනටමත් මහා නියඟයක් එන ලකුණු! මිනිස්සුන්ට ඒ පාර කන්නවත් නැතිව යයිද? I Sri Lanka Latest News
Exclusive

දැන්ම තියා ලෑස්ති වෙන්න! ලබන මාසයේ විශාල නියඟයක් එනවා! බොන්නවත් වතුර නැතිවෙන්නයි යන්නේ..!  Sri Lanka Latest News

එල් නිනෝ තත්ත්වයේ බලපෑම හේතුවෙන් මේ වන විට උතුර, උතුරුමැද, ඌව සහ නැගෙනහිර පළාත්වලට මෙන්ම හම්බන්තොට දිස්ත්‍රික්කයට බලපෑම් එල්ල කර...

Read more
ඕකා ඉන්න ඕන හිරේ..! ගොවියො ලාල්කාන්තට අමතනවා ඇමතිල්ලක්..! VIDEO I Sri Lanka Latest News

ඕකා ඉන්න ඕන හිරේ..! ගොවියො ලාල්කාන්තට අමතනවා ඇමතිල්ලක්..! VIDEO I Sri Lanka Latest News

ගිනිගත්හේනට ජාත්‍යන්තර මට්ටමේ කීර්තියක් අරන් ආ හෙසලිට ගමම ආචාර කරපු හැටි! PHOTOS I Sri Lanka Latest News

ගිනිගත්හේනට ජාත්‍යන්තර මට්ටමේ කීර්තියක් අරන් ආ හෙසලිට ගමම ආචාර කරපු හැටි! PHOTOS I Sri Lanka Latest News

ජපානයෙන් ප්‍රාඩෝ එකක් ගෙනත් දෙන්නම් කියලා පියතුමෙක් ලක්ෂ 80ක් අරන්! ප්‍රාඩෝ එකත් නෑ! ලක්ෂ 80ත් නෑ! පියතුමාට වෙච්ච දෙයක්!

බදු වංචා කර හොර පාරෙන් අරන් ඇවිත් RMV එකේ දූෂිත නිලධාරීන් අල්ලාගෙන එකලස් කරපු සුපිරි වාහන 500ක් පස්සේ ත්‍රස්ත විමර්ශනයෙන් පන්නයි!  Sri Lanka Latest News

ඊයෙත් හෙල්ලුණා! අදත් හෙල්ලුණා! බුත්තල-වැල්ලවායත් තුර්කිය වගේ වෙයිද?

ජපානය දෙදරයි! වැඩ නවතී! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.