• About us
  • Contact us
Friday, July 24, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

මේ ලෑස්ති වෙන්නේ ලේ වැගිරුණු තවත් කුමන්ත්‍රණයකට! අනුර ඥානසාර හිමිගේ ප්‍රකාශය ගැන සැක කරයි! (VIDEO)

September 29, 2021
in Exclusive
Reading Time: 4 mins read
A A
මේ ලෑස්ති වෙන්නේ ලේ වැගිරුණු තවත් කුමන්ත්‍රණයකට! අනුර ඥානසාර හිමිගේ ප්‍රකාශය ගැන සැක කරයි! (VIDEO)
Share on WhatsAppShare on Facebook

ආණ්ඩුව සූදානම් වන්නේ තවත් ලේ වැගිරුණු කුමන්ත්‍රණයකට බව ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා පෙන්වා දුන්නේය.

ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් පසුගිය දිනෙක කළ ප්‍රකාශය පදනම් කරගෙන අද පැවැති මාධ්‍ය හමුවකදී මන්ත්‍රීවරයා මේ බව ප්‍රකාශ කළේය.

අසාර්ථක පාලකයන් හැම වෙලාවෙම ජනතාව අතර අනියත බියක්, සැකයක් ඇති කරනවා. පාස්කු ප්‍රහාරය විශාල වශයෙන් උපයෝගී කරගෙන බලයට අවාට පස්සේ ඔවුන්ටම දැන් පාරා වළල්ලක් වී තිබෙනවා. මේ ප්‍රහාරය ඔවුන් බලය ලබාගැනීම සඳහා කරන ලද කුමන්ත්‍රණයක්ද කියලා සමාජයේ මතයක් ගොඩනැගෙමින් තිබෙනවා. පාස්කු ප්‍රහාරය වෙලාවේදී කාදිනල්තුමා විශාල කාර්යභාරයක් ඉටු කරමින් කතෝලික ජනතාව සන්සුන් කර තබාගත්තා.

කතෝලික ජනතාවගේ තිබුණු විරෝධය ප්‍රචණ්ඩකාරී තත්වයකට පත් නොකිරීම වෙනුවෙන් කාදිනල්තුමා ඉටුකළ කාර්යභාරය අද මේ ආණ්ඩුවේ ඉන්න මැති ඇමතිවරුන්ගේ විශාල පැසසුමකට ලක්වුණා. නමුත් අද වෙනකොට කාදිනල්තුමා දෙවුර මත පටවා ගත් බර එහෙමම තිබෙනවා. නිරවුල් නොවුණු තැන් පිළිබඳව කාදිනල්තුමන් ජනාධිපතිවරයාට ලිඛිතව දන්වා තිබුණා. ඊට ප්‍රතිචාර වශයෙන් නීති නිලධාරියෙකුගෙන් ලිපියක් යවා තිබුණා.

ප්‍රහාරය ආවරණයක් කරගත් පාලකයන් කාදිනල්තුමා පවරා ගත් ශුද්ධ වූ අයිතිය සම්බන්ධයෙන් කිසිදු තැකීමක් කරන්නේ නැහැ. කොමිෂන් සභා වාර්තාවේ ඇතැම් කොටස් නිීතිපති දෙපාර්තමේන්තුවට පවා යවා නැති බවට සැකයක් ඇතිවී තිබෙනවා. ඒ සම්බන්ධයෙන් කාදිනල්තුමා විවිධ ප්‍රකාශ සිදුකරමින් ඉන්නවා.  නමුත් මේ තත්වය උපයෝගී කරගෙන ආවේගකාරී ගැටුම් නිර්මාණය කිරීමට  විවිධ කණ්ඩායම් ආණ්ඩුව විසින් යොදා ගන්නවා.

පාලකයා අසාර්ථක වන හැම වෙලාවෙම හැංගෙන්නේ ජාතිවාදය සහ ආගම්වාදය තුළයි. සැඟවී සිටි පරණ කසකරුවන් වඳ කොත්තු, වඳ ඇඳුම්, වඳ දොස්තරලා, කර තියාගෙන ගිය අය වේගයෙන් කරළියට ඇවිත් තිබෙනවා. ජාතික රූපවාහිනිය, අයි.ටී.එන්. නාලිකාව යොදාගෙන ඒ කසකරුවන් ප්‍රධානම මත දක්වන්නන් බවට පත්කරගෙන තිබෙනවා. බරපතළ ප්‍රහාරයකට සූදානම් වන බවට ප්‍රහාරයක් සැඟවී ඉන්න බවට ප්‍රකාශ සිදුකරනවා.

ඔවුන් ඉන්න තැන දන්නා බව පවා ප්‍රකාශ කරනවා. ඒ සම්බන්ධයෙන් අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිලි ගණනාවක් ලැබී තිබුණත් කිසිම පරීක්‍ෂණයක් කරන්නේ නැහැ. ජාතික රූපවාහිනිය, අයි.ටී.එන්. නාලිකාව ඔවුන්ට යොදා ගැනීමට දුන් ඩලස් අලහප්පෙරුම ගැන ලැජ්ජා වෙනවා. ජාතික සමගිය ගැන වාක්‍ය කණ්ඩවලින් ප්‍රබන්ධ නිර්මාණය කරන ඇමතිවරයෙක් සිටින වෙලාවකදී මේ කසකරුවන් නැවත ප්‍රහාරයක් පටන් ගෙන තිබෙනවා.

මේ ආණ්ඩුව ලේ වැකි කුමන්ත්‍රණයක නියැලෙනවාද කියන සාධාරණ ප්‍රශ්නය මතුවී තිබෙනවා. මේ රටේ සියලුම පූජ්‍ය පක්‍ෂවලින් අපි ඉල්ලන්නේ හීටට එරෙහිව ඉදිරියට එන්න කියලා. ඇති තරම් ලේ වැගිරූ, භිතියට පත්වුණු රටක නැවත එවැනි තත්වයක් ඇතිවීම වැළැක්වීමට පෙරට එන්න කියලා අපි ඕනෑකමින් ආරාධනා කරනවා.

SendShareShare
Previous Post

පාලකයන්ට කලාකාරයන්ට කරන්න බැරි වුණු දේ කටුනායකින් යද්දි ශ්‍රී ලන්කන් කාර්ය මණ්ඩලය යොහානිට කරලා පෙන්වයි!

Next Post

දවස් 42කට පසු පළමු දා සිට රට ඇරෙයි!

MORE NEWS

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

විපක්ෂනායක නැගිටී! පාර්ලිමේන්තුවේ 225ම වෙනුවෙන් ලොකු සටනක්! VIDEO I Sri Lanka Latest News

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

පරිස්සම් වෙන්න! ඩෙංගු අවදානම තවත් ඉහළ ගිහින්! Sri Lanka Latest News
Exclusive

ඩෙංගු 59ක් බිලි අරන්! I Sri Lanka Latest News

දවසෙන් වීරයෙක් වෙන්න ගිහින් රටේම පචවුණු යාපනේ මන්ත්‍රී මෙන්න දැන් සමාව ගන්නවා! මිනිස්සු එක්ක නැතිව ෆේස්බුක්වලින් දේශපාලනේ කරන එවුන්ට හොඳ පාඩමක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

අර්චුනාට වරෙන්තු! I Sri Lanka Latest News

සීනියර් DIGලා තුන්දෙනෙක් වහාම මාරු කරයි! අජිත් රෝහණව දකුණට යවයි! නීතිපති ලිඛිතව දැනුම් දුන් දේශබන්ධු මාරු කර නෑ!
Exclusive

මට සේවා දිගු එපා! මම සැප්තැම්බර් විශ්‍රාම යනවා! SDIG අජිත් රෝහණගෙන් විශේෂ ප්‍රකාශයක්! I Sri Lanka Latest News

බුද්ධි අංශ ප්‍රධානී සලේ ‘චැනල් ෆෝ’ චෝදනා ප්‍රතික්ෂේප කරයි! මෙන්න කියපු කතාව! VIDEO I Sri Lanka Latest News
Exclusive

සලේව පුහුණු කරපු යුදහමුදාපතිවරයා පළමුවරට සලේ ගැන කතා කරයි! VIDEO I Sri Lanka Latest News

Load More
ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

විපක්ෂනායක නැගිටී! පාර්ලිමේන්තුවේ 225ම වෙනුවෙන් ලොකු සටනක්! VIDEO I Sri Lanka Latest News

පාර්ලිමේන්තු මන්ත්‍රී අර්චුනා රාමනාදන් මහතාට වරෙන්තු නිකුත් කිරීම සම්බන්ධයෙන් විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා අද දින වරප්‍රසාද ප්‍රශ්නයක් ඉදිරිපත් කිරීමට කටයුතු...

Read more
වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

පරිස්සම් වෙන්න! ඩෙංගු අවදානම තවත් ඉහළ ගිහින්! Sri Lanka Latest News

ඩෙංගු 59ක් බිලි අරන්! I Sri Lanka Latest News

දවසෙන් වීරයෙක් වෙන්න ගිහින් රටේම පචවුණු යාපනේ මන්ත්‍රී මෙන්න දැන් සමාව ගන්නවා! මිනිස්සු එක්ක නැතිව ෆේස්බුක්වලින් දේශපාලනේ කරන එවුන්ට හොඳ පාඩමක්! VIDEO I Sri Lanka Latest News

අර්චුනාට වරෙන්තු! I Sri Lanka Latest News

සීනියර් DIGලා තුන්දෙනෙක් වහාම මාරු කරයි! අජිත් රෝහණව දකුණට යවයි! නීතිපති ලිඛිතව දැනුම් දුන් දේශබන්ධු මාරු කර නෑ!

මට සේවා දිගු එපා! මම සැප්තැම්බර් විශ්‍රාම යනවා! SDIG අජිත් රෝහණගෙන් විශේෂ ප්‍රකාශයක්! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.