• About us
  • Contact us
Friday, July 24, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

‘මේක අදහාගත නොහැකි ක්‍රියාවලියක්!’ රෝයල් පාක් මිනීමරුවාට මෛත්‍රීපාල ජනාධිපති සමාවක් දීම ගැන නඩුවේ විනිසුරු කෝදාගොඩ පුදුම වෙයි! නිදහස් කරන්න කියලා කියපු අයගේ නම් ලයිස්තුවත් උසාවියේදී එළියට එයි! I Sri Lanka Latest News

June 13, 2023
in Exclusive
Reading Time: 3 mins read
A A
නීතිපතිවරයාගෙන් අහලත් නෑ! අධිකරණ ඇමැතිගෙන් අහලත් නෑ! දඬුවම නියම කළ විනිසුරුවරුන්ගෙන් වාර්තාවක් කැඳවලත් නෑ! ජනාධිපති නීති ලේකම් සමාව දෙන්න එපාත් කියලා! එහෙම තියෙද්දී මෛත්‍රීපාල රෝයල් පාක් මිනීමරු ජූඩ් ශ්‍රමන්තට ජනාධිපති සමාවක් දුන්නේ කොහොමද? ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ විශේෂ හෙළිදරව්වක්! I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

ජනාධිපති නීතිඥවරයා සඳහන් කළේ පූජ්‍ය අතුරලියේ රතන, බද්දේගම සමිත, බලංගොඩ බුද්ධඝෝෂ, කොරපේවල පුඤ්ඤරතන යන හිමිවරුන් විත්තිකරුට සමාව ප්‍රදානය කර නිදහස් කරන්නැයි ඉල්ලා එවකට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා හමුවී වාචිකව හා ලිඛිතව කරුණු ඉදිරිපත් කර ඇති බව අදාළ ලිපියෙන් අනාවරණය වන බවය.

එමෙන්ම වරදකරුගේ මව වන එස්. ජේ. එම්. ජයමහ, දකුණු පළාත් කතෝලික පදවියේ රදගුරු අතිඋතුම් රේමන් වික්‍රමසිංහ රදගුරුතුමා, සරත් කෝන්ගහගේ, මහේෂ් මඩවල, නාලනී මනතුංග යන අය එලෙස ඉල්ලීම් කර ඇති බවත් ජනාධිපති නීතීඥවරයා පෙන්වා දුනි.

එවැනි ඉල්ලීමක් කිරීමට ඔවුන්ට ඇති නෛතික බලය කුමත්දැයි ප්‍රශ්න කළ ජනාධිපති නීතිඥවරයා වැඩිදුරටත් කියා සිටියේ ජනාධිපති සමාව ප්‍රදානය කිරීමේදී අධිකරණ අමාත්‍යාංශය හරහා නීතිපති දෙපාර්තමේන්තුවෙන් වාර්තාවක් ලබාගැනීම හා දඬුවම ලබාදුන් විනිසුරුවරුන්ගෙන් වාර්තා කැඳවීමක් පවා සිදුකර නොමැති බවය.

මෙම විත්තිකරුට සමාව ප්‍රදානය කිරීමට පෙර ඒ සම්බන්ධයෙන් දඬුවම් ලබාදුන් කොළඹ මහාධිකරණයේ සහ අභියාචනාධිකරණයේ විනිසුරුවරුන්ගෙන් වාර්තා කැඳවීමක් සිදුකර නොමැති බව අදාළ නෛතික ලේඛන පිරික්සීමේදී පෙනී යන බව ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලේ සාමාජික විනිසුරු යසන්ත කෝදාගොඩ මහතා ද කියා සිටියේය.

එබැවින් මෙය අදහාගත නොහැකි ක්‍රියාවලියක් බවද විනිසුරුවරයා සඳහන් කළේය.

මෙහිදී විනිසුරු කෝදාගොඩ මහතා යළි ප්‍රශ්න කළේ විත්තිකරුට සමාව ප්‍රදානය කිරීමේ ක්‍රියාවලියේදී ජනාධිපතිවරයා නොමඟ යැවීමක් සිදුවී ඇත්ද යන්නය.

ඊට පිළිතුරු දුන් ජනාධිපති නීතිඥ සංජීව ජයවර්ධන මහතා කියා සිටියේ නිලධාරීන් ජනාධිපතිවරයා යම් ප්‍රමාණයක නොමඟ හැරීමක් සිදුකර ඇති බව පෙනී යන බවය. 

එමෙන්ම ජනාධිපති සමාව ප්‍රදානය කිරීම එවකට තිබූ කැබිනට් මණ්ඩලය විසින් පත්කරන ලද කමිටුවක නිර්දේශ හරහා සිදුවී ඇති බවද ජනාධිපති නීතිඥ ජයවර්ධන මහතා, අධිකරණය හමුවේ පෙන්වා දුනි. 

එම කමිටුව පිළිගත් නීතිමය විධිවිධානයන්ට අනුකූලව ස්ථාපිත කළ කමිටුවක් නොවන බවත් ඊට මෙවැනි නිර්දේශ නිකුත් කිරීමට බලයක් නොමැති බවත් ජනාධිපති නීතිඥවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

එමෙන්ම එම කමිටුව සිය නිර්දේශ නිකුත් කිරීමේදී මෙම විත්තිකරුට මරණීය දඬුවම ලබාදුන් අභියාචනාධිකරණ තීන්දුව වැරදි ලෙස අර්ථකථනය කර ඇති අතර එය සම්පූර්ණයෙන්ම වැරදි ක්‍රියාවක් බව  ජනාධිපති නීතිඥවරයා විවෘත අධිකරණයේදී සඳහන් පෙන්වා දුනි.

එහිදී විනිසුරු මඩුල්ලේ සභාපති විනිසුරු එස්.තුරෙයිරාජා මහතා විවෘත අධිකරණයේ පෙන්වා දුන්නේ මෙම සමාව ප්‍රදානය කිරීමේ ක්‍රියාවලියට සම්බන්ධ ලිපි ගොනුවල ලිපි සහ කරුණු එකිනෙකට පරස්පර බවය.

වරදකරුවකුට සමාව ප්‍රදානය කිරීමේ ක්‍රියාවලියේ දී අනුගමනය කළ යුතු මූලික පියවරවත් මෙහිදී අනුගමනය කර තිබේ ද යන්න ගැටලු සහගත බවද විනිසුරු තුරෙයිරාජා මහතා විවෘත අධිකරණයේදී ප්‍රකාශ කළේය.

අනතුරුව අගතියට පත් පාර්ශ්වය වෙනුවෙන් ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා මහතා කරුණු ඉදිරිපත් කිරීම ආරම්භ කළ අතර වැඩිදුර නඩු විභාගය මේ මස 20 වනදා තෙක් කල් තැබුණි. -දෙරණ

maithripala sirisena jude shramantha jayamaha

SendShareShare
Previous Post

කළුතරට ලාදුරු ප්‍රහාරයක්! රෝගීන් දිගින් දිගටම වාර්තා වෙන්න පටන් අරන්! I Sri Lanka Latest News

Next Post

මතකද කොළඹ බිල්ඩින් එකකට ‌මැරයො සෙට් එකක් බලෙන් රිංගලා අල්ලගෙන හිටියා! ඒ අයට පොලිස් ඇප දීලා ගෙදර යැව්වේ කොහොමද කියලා උසාවියෙන් හොයන්න කියලා! I Sri Lanka Latest News

MORE NEWS

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!
Exclusive

දවසේ දෙවැනි වෙඩිල්ල දෙමටගොඩින් පත්තු වුණා! I Sri Lanka Latest News

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News
Exclusive

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඒක කරන්න එපා..! මේක කරන්න! විපක්ෂ නායක සජිත්ගෙන් ආණ්ඩුවට උපදේශයක්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News
Exclusive

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ලෝකයේම ආර්ථිකය කඩා වැටෙන්නයි යන්නේ! අවුරුදු 4කට පසු බොරතෙල් බැරලය ඩොලර් 90 පැන්නුවා! I Sri Lanka Latest News
Exclusive

ඊයෙ ‌ඩොලර් 95යි! අද 98යි! බොරතෙල් බැරලය දවසින් දවස නගිනවා! I Sri Lanka Latest News

සජිත්ගේ ආරාධනාව පිළිගෙන මුළු රටේම විපක්ෂය එක මිටට නොම්බර 30ට එකතු වෙයි! සජිත් රනිල්ට අතට අත දෙයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

සජිත්ගේ ආරාධනාව පිළිගෙන මුළු රටේම විපක්ෂය එක මිටට නොම්බර 30ට එකතු වෙයි! සජිත් රනිල්ට අතට අත දෙයි! VIDEO I Sri Lanka Latest News

Load More
තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!
Exclusive

දවසේ දෙවැනි වෙඩිල්ල දෙමටගොඩින් පත්තු වුණා! I Sri Lanka Latest News

දෙමටගොඩ, කුප්පියාවත්ත සුසාන භූමිය ආසන්නයේ සිදුකළ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු තුවාල ලබා තිබේ.Sri Lanka Latest News යතුරුපැදියකින් ගමන් කරමින් සිටි පුද්ගලයින්...

Read more
කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

ඒක කරන්න එපා..! මේක කරන්න! විපක්ෂ නායක සජිත්ගෙන් ආණ්ඩුවට උපදේශයක්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ලෝකයේම ආර්ථිකය කඩා වැටෙන්නයි යන්නේ! අවුරුදු 4කට පසු බොරතෙල් බැරලය ඩොලර් 90 පැන්නුවා! I Sri Lanka Latest News

ඊයෙ ‌ඩොලර් 95යි! අද 98යි! බොරතෙල් බැරලය දවසින් දවස නගිනවා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.