කළුතර ප්‍රදේශයේ ප්‍රසිද්ධ විහාරස්ථානයක වැඩවසන හිමිනමකට අයත් රුපියල් ලක්ෂ 11කට ආසන්න මුදලක් සොරකම් කර ඇති බවට ලද පැමිණිල්ලක් මත පරීක්ෂණ ආරම්භ කල බව කළුතර උසස් පොලිස් නිලධාරීයෙක් පැවසීය. (Sri Lanka Latest News)
ප්‍රදේශයේ ප්‍රසිද්ධ විහාරස්ථානයක නායක හිමි නමක කල පැමිණිල්ලක් මත මෙසේ පරීක්ෂණ ආරම්භ කර තිබේ.
විහාරාධිපති හිමියන් වැඩවසන කුටියේ උන්වහන්සේ සැතපෙන ඇදෙහි කොට්ටය යට තිබූ රුපියල් දසලක්ෂ අනූහත් දහස් පන්සීයක මුදලක් මෙසේ සොරකම් කර ඇති බව පැමිණිල්ලේ සටහන්ව ඇති බව පොලිසිය කීය.
විහාරස්ථානයේ සංවර්ධන කටයුත්තක් සඳහා වෙන්කර තිබූ මුදල් මෙසේ සොරකම් කර ඇති බව සඳහන් වේ.
සැකකරුවන් මෙතෙක් හදුනාගෙන නොමැති බවත් ඔවුන් සොයා පරීක්ෂණ සිදුකරන බවත් පොලිසිය කීය.
කළුතර කොට්ඨාස ඇගිලි සටහන් පරීක්ෂණ නිලධාරීන්ද පරීක්ෂණ සිදුකිරීමට නියමිත බව සඳහන්වේ.
lankasara