අධ්‍යාපනය සඳහා වියදම් කිරීමට මුදල් නොමැති වීම හේතුවෙන් පාසැල් හැර යන ළමුන් ප්‍රමාණය ඉදිරියේදී ඉහළ යාහැකි බව මානුෂීය කටයුතු සම්බන්ධීකරණය සඳහා එක්සත් ජාතීන්ගේ කාර්යාලය පවසනවා.
රතු කුරුස සංවිධානය සිදුකළ සමීක්ෂණයක වාර්තාව ඇසුරෙන් මානුෂීය කටයුතු සම්බන්ධීකරණය කාර්යාලය මේ බව ප්‍රකාශ කර තිබෙනවා.
ආර්ථික අර්බුදය හේතුවෙන් ළමුන්ගේ අධ්‍යාපනයටද විශාල බලපෑමක් එල්ල වී ඇති බවත් එම වාර්තාව උපුටා දක්වමින් මානුෂීය කටයුතු සම්බන්ධීකරණය සඳහා එක්සත් ජාතීන්ගේ කාර්යාලය පෙන්වා දෙනවා. ඒ අනුව දෙමාපියන්ට අධ්‍යාපනය සඳහා වියදම් කිරීමට මුදල් නොමැති වීම හේතුවෙන් පාසැල් හැර යන ළමුන් ප්‍රමාණය ඉදිරියේදී ඉහළ යා හැකි බවත් ළමුන්ගේ ආරක්ෂාව පිළිබඳ බරපතළ ගැටළු මතු විය හැකි බවත් ඔවුන් පෙන්වා දෙනවා.










