රජයේ පාසල් සහ පළාත් පාසල්වල ඉගෙනුම ලබන දරුවන්ගේ පෝෂණ මට්ටම සම්බන්ධයෙන් අවබෝධයක් ලබා ගැනීමට විධිමත් විද්‍යාත්මක වැඩසටහනක් අවශ්‍ය බවත් එවිට යම් කිසි පදනමක් මත කොටස් කර ඔවුන්ගේ පෝෂණ ඌනතා සහ මන්දපෝෂණ තත්ත්ව දැනගත හැකි බවත් එසේ අවබෝධ කර ගැනීමෙන් පසු ඔවුන්ගේ පෝෂණ තත්ත්වය ඉහළට නංවා ගැනීමට වැඩසටහන් ක්‍රියාත්මක කළ හැකි බවත් ඒ තුළින් මන්දපෝෂණය තුරන් කළ හැකි බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.Sri Lanka Latest News
විපක්ෂ නායකවරයා මේ බව කියා සිටියේ පාර්ලිමේන්තුවේ දී අධ්‍යාපනය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව රැස්වූ අවස්ථාවේ එය අමතමිනි.
පාසල් දූදරුවන් 41 ලක්ෂයක් සිටින බවත් ඔවුන්ගේ පෝෂණ මට්ටම අවබෝධ කර ගැනීමේ ක්‍රියාවලියක් අප රටේ පාසල් පද්ධතිය තුළ නොමැති බවත් එබැවින් මෙය විශ්වීය වැඩසටහනක් ලෙස ක්‍රියාත්මක විය යුතු බවත් විපක්ෂ නායකවරයා පැවසීය.
එසේ ම පූර්ව ළමාවිය අධ්‍යාපනය අවිධිමත් බවත් පළාත් මට්ටමින් විවිධාකාර බවත් ළමයකුගේ මොලය වර්ධනය වන වැදගත්ම කාලය වන පූර්ව ළමාවිය අවධිය නිසි පරිදි සංවර්ධනය කිරීමට වැඩසටහනක් නොමැති බවත් පැවසීය.